ගිනස් වාර්තා නත්තල් ගස් අටමගල අත්හිටුවයි.. අගරදගුරුගේ ප්‍රහාරය පල දරයි..
December 7, 2016 at 12:00 pm | lanka C news
මෙවර නත්තල වෙනුවෙන් ගාළු මුවදොර ඉදි කරමින් ඇති ලෝකයේ උසම නත්තල් ගස ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටවූ බව වාරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ඉදිරියේදී සාකච්චා කර මෙම නත්තල් ගත සම්බන්දයෙන් අවසන් තීරණය ගන්නා බවද ඔහු කියා සිටියේය.
මෙම නත්තන් ගස ඉදිකිරීම් කිසිදු පලකට නැති ක්‍රියාවක් බවත් දුප්පතුන්ට කිසියම් උපකාරයක් කරන්නේ නම් ඊට වඩා හොද බව අගරදගුරු ඊයේ කොලඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.