ගින්නකින් වෙලදසැල සම්පූරණයෙන්ම විනාශයි.. වාහන ගමනාගමනයත් නවතී…
March 31, 2019 at 8:02 am | lanka C news
වවුනියාව කුරුමාඩු මන්සන්ධියේ පට්ටානිචූර් ප්‍රදේශයේ පිහිටි දැව අලෙවි මධ්‍යස්ථානයක හදීසියේම ඇති වූ ගින්නකින් එහි තිබූ දැව සියල්ලක්ම ගිනි ගෙන විනාශ වී ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
මන්නාරම් මාර්ගයේ පිහිටි අදාල ලී අලෙවි හදීසියේම ගින්නක් ඇතිවී තිබෙන අතර ගින්න මැඩපැවත්වීමට අසල්වැසියන් උත්සහ ගත්තද ගින්න දැව තොගයට පැතිරීම හේතුවෙන් එම උත්සහය අසාර්ථක වීම හේතුවෙන් වව්නියාව නගරසභාවේ ගිනි නිවීමේ ඒකකය වෙතට දැනුම් දී ඇත.
කෙසේ මන්නාරම් වව්නියාව ප්‍රධාන මාර්ගයේ පිහිටි ලී අලෙවි මධ්‍යස්ථානයක අදාල ගින්න ඇතිවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ගින්න නිවා දමන තුරු නැවත්වීමට වව්නියාව පොලිස් රථවාහන නිලධාරීන් පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් ගිනිනිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට පැය දෙකක පමණ පරිශ්රමයක දැරුවද ඒ වන විටත් දැව මධ්‍යස්ථානයේ පිහිටි සියලුම දැව ගින්නෙන් විනාශ වී තිබුණි.
ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කොට නොමැති අතර ගින්න ඇති වීමට හේතුව අනාවරණය වී නොමැති වුවද විදුලි කාන්දුවකින් සිදු වන්නට ඇති බවට පරික්සණ සිදු කරන වව්නියාව පොලීසිය සැක පලකර සිටියි.
– වන්නි රොමේෂ් මධුෂංඛ