ගිනිගත්හේනේ කුසගින්නේ සිටි පාසල් ළමුන් තිදෙනාට දෙස් විදෙස් පරිත්‍යාග ගලයි..

September 14, 2020 at 1:20 pm | lanka C news
ගිනිගත්හේනේ කුසගින්නේ සිටි පාසල් ළමුන් තිදෙනාට දෙස් විදෙස් පරිත්‍යාග ගලයි..

ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් තිදෙනෙකු කුසගින්නෙන් සිටින බවට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය වලින් පල විමත් සමග එම පාසල් සිසුන් තිදෙනාගේ පවුලට උපකාර සිදු කිරිමට දෙස් විදෙස් පරිත්‍යාගශිලින් රැසක් මේ වන විට ඉදිරිපත් වි ඇති බව එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසිය.

ගිනිගත්හේන බොගල්කන්ද නිකතැන්නේ පදිංචි නිරෝෂා ප්‍රියංගනි නැමති (38) හැවිරිදි දෘශ්‍යාබාධිත මව තමන් දැඩි ආර්ථික අපහසුතා මැද ජිවත් වන බවත් , තම සැමියා අනතුරකින් මිට වසර දෙකකට ප්‍රථම මිය ගිය නිසා තම දරුවන් කුසගින්නේ සිටින බැවින් පාසල් එවිමට නොහැකි බව දන්වමින් විදුහල්පතිවරයාට ලිපියක් යොමු කර තිබුණි.

එම ලිපිය අනුව එම විදුහලේ නියෝජ්‍යය විදුහල්පතිනිය එම නිවසට ගොස් සොයා බැලිමක් සිදු කල අතර , එ පිලිබදව මාධ්‍යය වෙත කරුණු ඉදිරිපත් කිරිමත් සමග දෙස් විදෙස් පරිත්‍යාගශිලින් රැසක් එම පාසල් සිසුන් තිදෙනා පාසලට යැවිමට සහ එම පවුලට උපකාර කිරිමට ඉදිරිපත් වි ඇත.

අතුරුගිරිය 306/සි/1 සිංහ සමාජයේ සභාපතිනි සුජාතා හෙට්ටිආරච්චි , ලේකම් කුමරි වෙත්තසිංහ මහත්මිය ඇතුළු එම සිංහ සමාජයේ සමාජිකයන් (13) දින ගිනිගත්හේන ප්‍රදේශයට පැමිණ විදුහල්පතිවරයා මුණ ගැසි එම දරුවන් තිදෙනා පචිංචිව සිටින නිවසට ගොස් එම පවුලට මසකට පමණ අවශ්‍යය ආහාර ද්‍රව්‍යය , පාසල් උපකරණ ලබා දි මාස තුනක් ගෙවිමට නොහැකිව තිබු විදුලි බිලද ගෙවිමට මුදල් පරිත්‍යාගයක්ද එම සිංහල සමාජයේ සමාජිකාවන් විසින් සිදු කලහ.

එම අසරණ පවුල රැක බලා ගැනිමට තම සිංහ සමාජයෙන් තවදුරටත් කටයුතු කරන බවයි එම සමාජයේ සභාපතිනි සුජාතා හෙට්ටිආරච්චි මහත්මිය පැවසිය.

දෙස් විදෙස් පරිත්‍යාගශිලින් බොහෝ දෙනෙකුගේ ඉල්ලිමක් මත එම ළමුන් වෙනුවෙන් ගිනිගත්හේන මහජන බැංකුවේ ගිණුමක් ආරම්භ කර එම ගිණුම භාර කාර මණ්ඩලයක් යටතට පත් කිරිමට කටයුතු කරන බව ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

37,221 views

6 Comments to “ගිනිගත්හේනේ කුසගින්නේ සිටි පාසල් ළමුන් තිදෙනාට දෙස් විදෙස් පරිත්‍යාග ගලයි..”

  1. sanath says:

    Great work.may Buddha bless all them.

    • country man says:

      This is Srilankan way of thinking,beautiful. One would never see this kind of unity in the rest of the world. LOVE YOU ALL.” MAY THE TRIPPLE GEM PROTECT YOU ALL”

      • "සැමෝම අවංක නැත" says:

        2018  මම ලංකාවට ආවහම අනුරාධපුරයේ අවුරුදු 8 ලමයෙක් පන්සලක් ලඟ හඳුන්කූරු විකුනනවා දැකලා මම කතා කලා .. එවිට කීවා මමයි අම්මයි මේව විකුණන්නේ අපේ ගෙදර උලුවහල හොඳටම අබලන්වෙලා කොයි වෙලාවේ ඔලුවට කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ කියලා ඒක හදාගන්න ඕනි නිසා කියලා .. මම ඒ ගෙදරටම ගිහිල්ලා බැලුවහම කතාව ඇත්ත… මම ඒ ගෙදර මුලුවහලම ෂීට් දාල හදලා දෙන්න එකඟ වුනා.. යන මුලු වියදම රු ලක්‍ෂ 2 ක් ඉතින් මම ඒ මුදලත් ඒ ලමයගෙ අම්මට ඇඳුම් මහල මාසිකව මාසෙ වියදම උපයා ගන්න අඩිතාලම දාල ස්ථිර ආදායමක් හදාගන්න මහන මැෂිමකුත් අරන් දෙන්න තීරණය කලා … . ඉන්න රටේ ඉඳන් සල්ලි යැව්වා ඒ සියල්ලටම… ඒ අය මට බිල්පත් සමඟ ෂීට්දාල හදපු වහලේ පින්තූරත් එව්වා..පවුලේ අය ගේ ඉස්සරහ හිටගෙනම..! මැෂිමෙන් ඇඳුම් මහන හැටිත් දාල මට පින්තූර එවලා තිබුනා. මමත් සතුටු උනා ඒ ‘හිසට’ දුන් ‘සෙවන’ දැකලා..

        2019 ලංකාවට ගියාම මම ඒ ගෙදර බලන්න ගියා යන තැන දන්න නිසා … මගේ දෑස් විස්වාස කරගන්න බැරි උනා දැක්ක දෙයින්…! ගෙදර වහල තිබුනු විදියමයි…ගෙදර හිටියා එදා පාරෙ හඳින්කූරු විකුණපු පොඩි දුව… එයා කිව්වා අපේ තාත්තා සර් එවපු ඔක්කොම සල්ලි දාල ත්‍රීවීල් එකක් අරගත්තා කියල…!  අම්ම තාම එතැන හඳුන්කූරු විකුනනවා කියලා…
        මගේ හිත පුදුම විදියට කලකිරුනා.. මාව  රැවැට්ටුව එකට …

        • Hemantha says:

          ඔයා කරපු දෙයින් ලැබුන පින දසමයකින් වත් අඩු වෙන්නෙ නැ….ඒත් ආත්ම ගනනක් ඒ පවුුලට ඒ විදියටම තමයි ඉන්න සිද්ද වෙන්නෙ…

  2. Ravana parapura says:

    හෙළයන් රැකගැනීම හෙලයාගේ පරම යුතු කමයි බුදු සරණයි

  3. Rama says:

    Ane matath udau karanna ona me daruwanta kohomada sambanda karaganne? Mama Italy wala inne 1989 idan ..man godak kattiyata udaw karala tiyanawa ..teruwan saranayi 🙏

Main News