ගිනිගත් ඉන්ධන නැවේ අතුරුදහන් නාවිකයා මිය ගිහින්.. ගිනිගත් නැව ලංකාව දෙසට පාවී එයි..

September 4, 2020 at 8:40 am | lanka C news
ගිනිගත් ඉන්ධන නැවේ අතුරුදහන් නාවිකයා මිය ගිහින්.. ගිනිගත් නැව ලංකාව දෙසට පාවී එයි..

නැගෙනහිර මුහුදේ ගිනිගනිමින් ඇති ඉන්ධන නෞකාවේ අතුරුදහන් වූ නාවිකයා මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

මෙසේ මියගොස් ඇති නා නාවිකයා පිලිපීන ජාතික වූ බවට තොරතුරු තහවුරු කර ගෙන ඇත.

මේ වන විටත් එම නෞකාවේ ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික යාත්‍රාවක් උත්සාහ දරමින් සිටිති.

ගුවන් මගින් ද ගිනි නිවීමේ කටයුතු සඳහා උත්සාහ දරමින් සිටී.

මේ වන තෙක් එහි ඉන්ධන ගබඩාවල ගිනි ඇවිලීමක් සිදුව නැති අතර ගිනි ගනිමින් ඇති එම යාත්‍රාව ශ්‍රී ලංකා වෙරළ තීරය දෙසට පා වෙමින් ඇත.

යම් හෙයකින් එය පුපුරා ගියහොත් එහි ඇති ඉන්ධන ටොන් ලක්‍ෂ දෙතහමාරක පමණ ප‍්‍රමාණය හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු තීරය උතුර සිට දකුණ දක්වා විශාල හානියක් සිදු ඇති බවට දැනටමත් අනතුරු අගවා තිබේ.

68,747 views

13 Comments to “ගිනිගත් ඉන්ධන නැවේ අතුරුදහන් නාවිකයා මිය ගිහින්.. ගිනිගත් නැව ලංකාව දෙසට පාවී එයි..”

  1. SL says:

    WHY CAN’T WE HAVE FLOATING BARRICADE SURROUNDING THE SHIP TO BLOCK IF THERE IS ANY SPILLAGE..This is difficult ,but possible, you can calculate the radius of barricade considering the available crude oil capacity

  2. දුටුගැමුණු says:

    ඕක කුමංත්‍රනයක්

  3. T says:

    නාවික යෙක් ලෙස සෙවය කරන කරන එක ලේසි නෑ විශේෂයෙන්ම දැනට අවුරුදු හතළිහකට පමණ පෙර ඒ ඉතා දුෂ්කරයි ළමයි අද හිතනවා මේක විහිළුවක් කියලා නැවක යන එක නමුත් දැන් කාලය වෙනස් එම නිසා අනාගතයේදී නැවත සේවය කරන්න යන තරුණ තරුණියන් ලෙස හිතල බලන්න කෙසේ වෙතත් මියගිය අසරණ philippine ජාතිකයාට නිවන් සුව ලැබේවා..

    • කාන්තාර පළඟැටියා says:

      පිලිපීන එවුන්ව නිවන් යවන්න…. ? උන් කාමලෝකේ ගිලිල ඉන්න ජාතියක්

      • Alapaluwa says:

        Mr,T ඔබගේ කථාවනම් සත්‍යයි නමුත් පිලිපින් අයනම් ඔය නිවන් මග කෙසේවෙතත් අඩුතරමින් පව් පිං වත් හරියට හදුනන්නේ නැහැ නමුත් වැඩට කර්යක්ෂයි දක්ෂයි අපේ staff එකෙත් ඉන්නව ඔය උදවිය නමුත් ඒ අය අඩුතරමින් දන්නවා ශිලාචාර හික්මීමක් ඇතිව ජිවත් වන්න සතුන් වගේ නැතිව. කෙසේවෙතත් අපි ඒ අයට Rest In Peace කියා කියමු!!

        • රට වෙනුවෙන් says:

          උඹ ඔටුවෝ රංචුව බලාගන්න කොම්පැනියේ සුපවයිසර් ස’ පිලිපින් කාරයෙක් නේද?

  4. අල්ලා says:

    වෙන ටෑංකර් නැව් යවලා ඉන්ධන ටික බාගෙන ත්‍රිමලේ ටැංකි වලට පුරවපල්ලා… ඕන දෙවියන් වහන්සේගෙ තෑග්ගක්…

    • ගස් ගෝනා says:

      අල්ලා එවපු තැග්ග ගින්නත් නිවලම එව්ව නම් තමයි වැඩිය හොඳ.

    • ලක්වැසියා says:

      ත්‍රිමලේ තෙල් ටැංකි ටික යහපාලුවො ඉන්දියාවට කුණු කොල්ලෙට විකුනල හොරා කෑව. එහෙම උනොත් ඕක දෙවියන් වහන්සේ ඉන්දියාවට එවපු තෑග්ගක්…

  5. රතු සහන බලකාය says:

    මෝඩ මිනිස්සු.. බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් එක්ක නැවක් ලංකාව දිහාවට පාවෙලා එද්දිත් මුහුදු දූෂණයක් ගැන බෙරිහන් දෙනවා. කරන්න ඕනෑ නැවේ පලලේ ප්‍රමාණයට ගොඩබිම සිට මුහුදු වෙරළට කාණුවක් කැපීමයි. ඒ ඔස්සේ මේ නැව රට තුලට ගෙන තෙල් ටික බා ගන්න පුළුවනි. ගින්න නිවන්නත් පහසුයි. ” රතු සහන බලකාය” අප නායක අනුර සහෝදරයගෙන් ඉල්ලා සිටින්නේ විප්ලවීය ජ.වි.පෙ සාමජික සාමාජිකාවන්ගේ ශ්‍රමයෙන් මේම කාණුව කපමු කියලයි…

  6. Ane deviyane says:

    ඒහෙම දෙයක්නම් වෙන්න එපා.සත්තු කීයක් මැරෙයිද?

  7. LION says:

    සිංහයෙක් වැඩට බැස්සොත් ඒක ජයක් පමණයි

Main News