ගිනිගත් නැවේ වන්දිය යටිමඩි ගහන සූදානමක්.. ගියවර ගිනිගත් ඉන්ධන නැවේ වන්දියෙන්ද කොටසක් අතුරුදහන්…

May 31, 2021 at 11:20 am | lanka C news
ගිනිගත් නැවේ වන්දිය යටිමඩි ගහන සූදානමක්.. ගියවර ගිනිගත් ඉන්ධන නැවේ වන්දියෙන්ද කොටසක් අතුරුදහන්…

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමකට ලක්වූ නෞකාවෙන් සිදු වූ පරිසර හානියට හේතුනෙන් මෙරටට ලැබෙන වන්දිය මුදල යටි මඩි ගැසීමේ සූදානමක් ඇතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ සඳහන් කරන්නේ පසුගිය වතාවේ ද ශ්‍රී ලංකාව ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන නෞකාව නිසා ලැබුණු ලැබුණු වන්දි මුදලෙන්ද කොටසක් අතුරුදහන් වී ඇති බවයි.

මෙවර ගිනි ගැනීමට ලක් වූ නෞකාව කොළඹ වරායට පැමිණීමට අවසරය දුන්නේ කවුදැයි ප්‍රශ්න කරන එහිමියෝ ඊට වගකීම භාරගනිමින් වරාය අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවද කියා සිටී.

උන් වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ වරාය ඉදිරියේ ගිනිගත් නෞකාවෙන් සිදුවන පරිසර හානිය ගැන අදහස් පළ කරමිනි.

35,274 views

23 Comments to “ගිනිගත් නැවේ වන්දිය යටිමඩි ගහන සූදානමක්.. ගියවර ගිනිගත් ඉන්ධන නැවේ වන්දියෙන්ද කොටසක් අතුරුදහන්…”

  1. Hesh says:

    කිලී මහරාජා තමුන්ට කියන්න අවශ්ය ටික එක එක දවසට එක එක හාමුදුරු දාගෙන කියවනවා. සිංහලයගේ මාලු සිංහලයගේ පිටේ තියලම කපනවා. වන්දි මුදල හම්බ වෙන්නත් කලින් යටි මඩි ගහන්න යනවා කියලා කියන්නේ අනාගතය දැකලද?

    • එතකොට හාමුදුරුවනේ අර නාමල් උයන බලන්ට යන මිනිස්සු ටිකට් එකට ගෙවන සල්ලි වලට මොකද වෙන්නේ. ඕක ලංකා වාසී ජනතාවට අයිති එකක්නේ. එහෙවු එකේ ඕක බලන්ට එන උන්ගේ පොකට් එක සුද්ධ කරගන්න එක හොද වැඩක්ද. ඔය වගේම කතාන්තර හදහදා කැගහපු කෙනෙක් හිටියා මාදුළුවාවේ සෝභිත කියලා. අන්න එයානම් දැන් කොහෙටද ගිහින් ලෝදිය බිබී ඉන්නවලු. බොරු කිව්වම ඊලග භාවයේදී ලැබෙන්නේ ඒක කියලා බුද්ධාගමේ ම කියලා තියෙනවා. අහෝ දුකකි ඉරකි තිතකි.

  2. NuwanJ says:

    කෝ බං සරස සහන යාත්‍රාවට මොකද වුනේ
    එක මාස් එකක්.දුන්නද

    මුන්ගෙ දේශපාලනේ එකෙන්ම පේනවා.

  3. පොඩි එකා says:

    වනවාසී රාහුල කියන්නෙ, මාදුලුවාවෙ සෝබිත වගේ ගමේ නම දැ?

    එතකොට ගම වනවාසී ද?

    නැත්තං වනවාසී කියන්නෙ කැලේ ඉන්න බවද?

    කැලේ ඉන්නවා නං ඔච්චර සංගෙදියක් දැන ගත්තෙ කොහොමද?

    ඒ පොටෝ එකේ රැවුලත් එක්ක ටිකක් රවුෆ් හකීම් ලුක් එකක් පේන්නෙ මට විතරද?

    කවුරු හරි කියහංකො.

    (හැබැයි කතාව නං හරි. ලංකාවෙ බහිරවපක්ස ලා නෙ ඉන්නෙ. සුවර් ගිලී ඕක)

  4. Saman says:

    WHO EVER WHO IS OR ARE RESPONSIBLE MUST RECEIVE DUE PUNISHEMENT WITHOUT FAIL.

  5. සල්ලි ටිකක් අතමිට තිබ්බාම හාමුදුරුවරු ගිරව් වගේ දොඩවනවා. කිලි මහරාජාගේ අලුත්ම උත්සාහය .

  6. david milibanda says:

    These Yellow robes are like Parrots if there is santhosams offered.
    Destroying buddhism…

  7. යකා says:

    ගනන් ගන්න එපා සුනාමි ආධාර කාපු එකේ ඕක මොකක්ද ?

  8. weerasinghe says:

    මොනවද මොනවද සුනාමි ආධාර ගැන අනම් මනම් කියවන්නෙ. හැම සතයක්ම ඒ විදියටම ඇති තිබ්බ තැන්වල. සුනාමි ආධාර හොරකම් කරා කියල කියන්න විතරක් එන්ඩ එපා…

  9. විහාර වාසි says:

    වනේම ඉඳල එක්කො අනාගතය දැකීමේ මාර්ගඵලයක් ලබලා නැතිනම් මොලේ අංඤකොරොස් වෙලා. ඔය දෙකම නැතිනම් සල්ලි දැක්කම සලිත වෙලා.