ගිනිගත් මැති ඇමති නිවාසවලින් හමුවූ පොහොර තොග ගැන හෙලිදරවුවක්…
May 25, 2022 at 6:10 pm | lanka C news
පසුගියදා සිදුවූ කලකෝලාහාල නිසා ඇතැම් කලහකාරී පිරිස් විසින් දේශපාලඥයින් රැසකගේ නිවාස ගිනිබත් කරන ලදී. ඉන් අනතුරුව ඇතැම් දේශපාලඥයින්ගේ නිවාසවල තිබී යූරියා පොහොර මිටි විශාල වශයෙන් හමුවූ බවට ජනමාධ්‍ය ඔස්සේ හා සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළවී තිබුණි.
මෙම කාරණාව සම්බන්ධව ජනමාධ්‍යවේදීන් විසින් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසනු ලැබීය. ඊට පිළිතුරු දුන් ඇමතිවරයා එම දේශපාලඥයින්ගේ නිවාසවල තිබී හමු වූ යූරියා පොහොර තොග සම්බන්ධව වහාම විමර්ශනයක් කිරීමට කටයුතු යොදන බව සඳහන් කළේය.
විශේෂයෙන් මෙම රසායනික පොහොර ගොවීන් හට සහනාධාර වශයෙන් ලබාදී තිබූ පොහොර ද, එසේ නොමැතිනම් වර්තමානයේ පවතින මිල ගණන් යටතේ ඔවුන් විසින් පෞද්ගලික වෙළඳුන්ගෙන් මිලදී ගත් පොහොර ද, එසේත් නොමැතිනම් පොහොර ලේකම් කාර්යාලයෙන් මීට පෙර නිකුත් කරන ලද පොහොර තොග ද යන්න සම්බන්ධව පැහැදිලි වාර්තාවක් තමන්ට භාරදෙන ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම ගොවීන්ට ඔවුන්ගේ වගාවන් සඳහා රසායනික පොහොර නොමැති අවස්ථාවක ඇතැම් දේශපාලඥයින් ඔවුන්ගේ නිවාසවල පොහොර ගබඩා කර තිබීම සම්බන්ධයෙන් තමන් ද විමතියට පත්වූ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
කෙසේ වුවද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වාර්තා ලැබීමෙන් පසුව එම ගිනිගත් නිවාසවල තිබී හමුවූ පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
– මාධ්‍ය ඒකකය
විශේෂ ප්‍රකාෂ කලාම හරිද? උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද?
ඔයැයිට පිස්සිද මගේ කපුටු සුදෝ . කපුව දේවාලෙ රුන්නට( මළ පහ කලාට ) ගඳ නැහැයි කියනව නේ .
Kiyawi uba menna kiyala
පොහොට්ටුවට පැනපු කැපුවත් නිල් ඇමතිලා ගාව තමයි ඔය පොහොර තිබිලා තියෙන්නේ. තවත් අය ලඟ ගෑස් සිලින්ඩර විශාල තොග ගෙදර ගොඩ ගසා තිබීමත් ගෙදරදී පෙරපු බඩු නිශ්පාදනය කල බවට සැකයි
පිටරට ඉන්නා අයට ලංකාවට ඇවිල්ල රට දියුණු කරන්න කියූ ජනාධිපතිවරු අතර, ලංකාවෙ ඉන්න එපා පිටරට යන්න කියන ජනාධිපතිවරයෙකුත් ඉන්නව….රටේ නිෂ්පාදන කෙසේ වැඩි කරන්නද?
අමරවීර…. මොන විකාරද ඕයි මේවා.. උන්ගෙන් ඇහුවම කියයි ඔව් මේ රජයේ ඒවා තමයි කියලා. උන් කියයි සල්ලි වලට ගත්තේ රිසිට් පිච්චිලා ගිහින් කියලා. තමුසෙලා මෑරිලාවත් යනවකෝ අපට තවත් වධ නොදී
“විශේෂයෙන් මෙම රසායනික පොහොර ගොවීන් හට සහනාධාර වශයෙන් ලබාදී තිබූ පොහොර ද, එසේ නොමැතිනම් වර්තමානයේ පවතින මිල ගණන් යටතේ ඔවුන් විසින් පෞද්ගලික වෙළඳුන්ගෙන් මිලදී ගත් පොහොර ද, එසේත් නොමැතිනම් පොහොර ලේකම් කාර්යාලයෙන් මීට පෙර නිකුත් කරන ලද පොහොර තොග ද යන්න සම්බන්ධව පැහැදිලි වාර්තාවක් තමන්ට භාරදෙන ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබීය.”
මාර තියරියක්
දැන් හරිනේ
ඒ පොහොර සියල්ල වර්තමානයේ පවතින මිල ගණන් යටතේ ඔවුන් විසින් පෞද්ගලික වෙළඳුන්ගෙන් මිලදී ගත් පොහොර.
බිල් ඔක්කොම ගිනි අරගන විනාශ වෙලා ..
විධායක ජනාධිපති ධූරයත් අහෝසි කරනවනම්, විධායක අගමැතිවරයෙකුත් තියාගන්නෙ නැතිනම් රට පාලනය කරන්න බලතල දෙන්නෙ තමුසෙගෙ ආර්යාවටද? තමුන්නාන්සෙට ඕනෙ පිම්පිය වගේ නමට අගමැති පුටුවෙ වාඩි වෙලා ඉන්නද? ( මේ මෝඩය කියන්නෙ මොනවද කියල මේ මෝඩයවත් දන්නෙ නැතිව ඇති)
වැරදි පිටුවක මෙම කමෙන්ටුව පලවී ඇත.