ගිනිගත් ශ‍්‍රීලනිපයෙන් චන්ද‍්‍රිකා සුරුට්ටු පත්තු කරයි.. ශ‍්‍රීලනිප සුරකින සමුළුවේදී පුත් විමුක්ති දේශපාලනයේ සළු කරයි..

October 31, 2019 at 10:00 am | lanka C news
ගිනිගත් ශ‍්‍රීලනිපයෙන් චන්ද‍්‍රිකා සුරුට්ටු පත්තු කරයි.. ශ‍්‍රීලනිප සුරකින සමුළුවේදී පුත් විමුක්ති දේශපාලනයේ සළු කරයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් එළැඹෙන 05 වැනිදා කොළඹදී පවත්වන සමුළුවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමට සැලසුමක් ඇති බව වාර්තා වේ.

මෙම සමුළුවට සහභාගී වන ලෙස දැනටමත් තෝරාගත් පිරිසක් වෙත දැනුම් දී ඇති අතර සුගතදාස ගෘහස්ථ ක‍්‍රිඩා පිටියද ඒ වෙනුවෙන් වෙන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා සමුළුවේ දී යෝජනාවක් සම්මත කර ගනු ඇති බවද තොරතුරු වාර්තා වේ.

චන්ද්‍රිකා කුමාරතුංග සහ කුමාර වෙල්ගම මෙම නව සංවිධානයේ සභාපතිවරුන් ලෙස පත් කරනු ඇති බවට තොරතුරු ඇත.

53 views

23 Comments to “ගිනිගත් ශ‍්‍රීලනිපයෙන් චන්ද‍්‍රිකා සුරුට්ටු පත්තු කරයි.. ශ‍්‍රීලනිප සුරකින සමුළුවේදී පුත් විමුක්ති දේශපාලනයේ සළු කරයි..”

  1. Lotus Tower says:

    විජය වගේම ලස්සණ මේ කොල්ල ගැලපෙන්නේ රිදීතිරයට මිසක් දේශපාලනයට නොවෙයි. මේ බව හය හතර නොදත් මේ කොල්ලාට කියා දෙන්න.

Main News