ගිනිගන්නා නෞකාවේ රසායනික මුහුදට.. වෙරලාසන්න ජනතාවට හදිසි දැනුම්දීමක්..

May 25, 2021 at 12:40 pm | lanka C news
ගිනිගන්නා නෞකාවේ රසායනික මුහුදට.. වෙරලාසන්න ජනතාවට හදිසි දැනුම්දීමක්..

කොළඹ වරාය ආසන්නයේදී ගනිමින් ඇති නෞකාවේ තිබී මුහුදට වැටුණු රසායනික සම්බන්ධයෙන් රජය විසින් ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

එම බහාලුම්වල ඇති රසායනික මගින් ශ්වසන අපහසුතා සහ වෙනත් ආසාත්මිකතා පෙන්වන බව ධීවර රාජ්‍ය අමාත්‍යංශයේ කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඔහු විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

කොළඹ, කළුතර, මීගමුව වෙරළාසන්න ප්‍රදේශවල ධීවර ජනතාවට විශේෂ නිවේදනය

දැනට ලැබී ඇති තොරතුරු අනුව කොළඹ වරායට ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ අද උදෑසන සිදු වූ පිපිරීමත් සමඟ යම් බහාලුම් ( containers ) ප්‍රමාණයක් මුහුදට වැටී ඇත.

එම බහාලුම් අතර තිබූ බහාලුම් තුනක epoxy resin නම් රසායනික ද්‍රව්‍යය අඩංගු වන බව දැනුම් දී ඇත.එම රසායනික ද්‍රව්‍ය මගින් ශ්වසන අපහසුතා සහ සමෙහි ගැටුනහොත් ආසාත්මිකතා පෙන්වන බවද වැඩිදුරටත් දැනුම් දී ඇත.

ඒ හේතුවෙන් යම් හෙයකින් පාවෙමින් තිබෙන බහාලුමක් දුටුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට සුළු පන්න ධීවර කාර්මිකයින්ට සහ වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්ව සිටින සියලුම ධීවර ජනතාවට දැනුම් දෙන්න.

තවද එවැනි බහාලුමක් දුටුවහොත් ළඟම තිබෙන පොලිසිය හෝ අප ධීවර කාර්යාලය දැනුවත් කරන ලෙස ඔවුන් හට දැනුම් දෙන්න.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයක්

34,890 views

8 Comments to “ගිනිගන්නා නෞකාවේ රසායනික මුහුදට.. වෙරලාසන්න ජනතාවට හදිසි දැනුම්දීමක්..”

  1. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අපේ රටෙි මහබැංකුව හොරා කෑවෙි නෑ, හමිබයෝ බෝමිබ ගැහුවෙි නෑ, ජහපාලුවෝ ආර්තිකේ 9% ඉදලා 3%ට බැස්සුවෙි නෑ, කොරෝනා පැත්තපලාතේ ආවෙි නෑ ඒ නිසා ස ෆේල්

  2. Gotu says:

    Something is fishy here, someone’s illegal stuff may be in those containers, check the sender and recipient, there should be some evidence!!

  3. Muchalinda says:

    “Kore pitata Mare kiyuwalu”. Me okkoma wipath, Kalaniya pansalata Naaga Raajayek Daathu genawata pasuwa siduwuna/wemin pawathina dewal.

    • වයි දිස් කොලවෙරි says:

      කොරෝනා රැලි 2ටම අවුලක් උනේ නෑ. මාර්තු අග බුද්ධාගම නියාමනය කරණ පනත හදන්න ගත්තා විතරයි කෙල වෙන්න පටන් ගත්තා.

  4. බෙංගාල බොක්ක says:

    ලංකාව අමාරුවෙ වැටිලා තියෙන වෙලාවේ සුපිරි වන්දියක් අරගන්න අවස්ථාවක්…

  5. The man says:

    See all areas and put a claim can get some money to buy the poor ministers jeeps.

  6. Truth says:

    Please don’t act like fools a container is not a sea shell it’s big no need to say inform the police any animal can view it from 1 km distance in the show.
    Tell them don’t open or don’t drink the liquid mix with water. If its ethanol.

  7. මහා රිසි says:

    ලංකාව අසල නැව් ගිනිබත් වන්නේ ඇයි ?
    ලගදී එන මහා භුමි කම්පා සුනාමියෙන් වරාය ,නැව් සියල්ලම විනාශ වන බවයි.

Main News