ගිනි ගත් නැවට නඩු දැමීම සංකීර්ණ යයි සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය කියයි..

September 12, 2020 at 1:20 pm | lanka C news
ගිනි ගත් නැවට නඩු දැමීම සංකීර්ණ යයි සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය කියයි..

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සංකීර්ණ කටයුත්තක් වී තිබේ.

සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය පවසන්නේය මෙම නෞකාව පැනමා රාජ්‍යයේ කොඩිය යටතේ ගමන් කළ ද එය ලයිබීරියාව ට අයත් නැවක් බවයි.

එමෙන්ම එය කළමනාකරණය සිදු කර ඇත්තේ ග්‍රීක සමාගමක් විසින් බවද සභාපතිනිය පෙන්වා දෙයි.

එම නෞකාවේ ඉන්ධන ගෙන ගොස් ඇත්තේ ඉන්දියන් ඔයිල් සමාගමටයි.

ඉන්දීය නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ගින්න නිවීම සඳහා සහයෝගයට පැමිණි බවත් මෙම සංකීර්ණ තත්ත්වය මත සියලු පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් ඇය සඳහන් කරන්නීය.

කෙසේ නමුත් මෙමගින් සිදු වූ අලාභය අයකර ගැනීම සඳහා අනිවාර්යෙන්ම නීතිමය පියවර ගන්නා බවද ඇය තවදුරටත් සඳහන් කළාය.

19,123 views

13 Comments to “ගිනි ගත් නැවට නඩු දැමීම සංකීර්ණ යයි සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය කියයි..”

  1. Niru says:

    If the owning company doesn’t pay do not let any of their tankers sail within Sri Lankan waters. Is this possible I am not sure 🤔?

  2. Rabok says:

    As we have already done the mistake of not following the correct path – do not release the Ship and keep the ship and the crew in our custody until the owners pay for the work we had done and many more – we can tow the ship to Trinco harbor and keep it their until the matter is solved -surround the ship with barriers to prevent any further leaks

Main News