ගිනි ගැනීමකින් නිවසක් දැවී අලුවෙයි..

July 11, 2019 at 2:11 am | lanka C news
ගිනි ගැනීමකින් නිවසක් දැවී අලුවෙයි..

මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තුවිනායගපුරම් ප්‍රදේශයේ පිහිටි නිවසක් හදීසියේම ගිනි ගැනීම හේතුවෙන් එම නිවස සම්පූරණයෙන් විනාශ වී ඇති බවට ඔඩ්ඩුසුඩාන් පෙලීසිය පවසයි.

නිවැසියන් නිවස තුල සිටින අවස්ථාවේදී මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර ගින්න වේගයෙන් පැතිරීම හේතුවෙන් නිවැසියන් නිවසෙන් ඉවත්ව උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර අවට ප්‍රදේශවාසීන් විසින් එක්ව ගින්න නිවා දමන විටද නිවස සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

අදාල ගින්නේන් නිවැසියන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර නිවස තුල තිබූ සියලුම උපකරණ ගින්නෙන් විනාශ වී යාම හෙතුවෙන් නැවත පදිංචි වූ එම වැසියන්ගේ නිවසද අහිමි වීමෙන් දැඩි සේ අසරණව සිටිති.

අදාල ගින්න ඇති වීමට හේතුව නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති අතර නිවසේ තිබූ ගෑස් සිලිණ්ඩරයේ සිදු වූ ගෑස් කාන්දුවකින් ගින්න ඇතිවන්නට ඇතයි පරික්ෂණ සිදු කරන ඔඩ්ඩුසුඩාන් පොලීසිය සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,598 Viewers
Main News