‘ගිනි තියපියවු මුළු රටම.. ඒක තමයි වෙන්න ඔ්න..’ ප්‍රකට නිළියකගේ හඬ පට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වේ..
May 18, 2022 at 10:22 pm | lanka C news
අද සිදුවෙමින් පවතින දේ පිළිබඳව ෛසම්පූර්ණ චිත්‍රය’ දකින ලෙසත් ආර්ථික ආපදාව ‘පූර්ණ මානව ආපදාවක්’ බවට පත් කොට මේ රටේ බින්න බැසීමේ බාහිර බලවතුන්ගේ සැලසුමෙහි කොටස්කරුවන් බවට කිසිසේත්ම පත් නොවන ලෙසත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සියලු ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ මහතා මෙම ඉල්ලීම සිදුකරනු ලැබූයේ පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයේදී සිය අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
“මැයි 09 වැනිදා සවස සහ රාත්‍රී කාලයේ ඇති වූ බිහිසුණු අපරාධකාරී ප්රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්ව මියගිය අප සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ගේ, ප්රාදේශීයව මියගිය අනෙකුත් පිරිස්වල, ගිනිබත් වූ නිවෙස් හිමි පවුල්වල සාමාජික සාමාජිකාවන් සියලුදෙනාම වෙත අපගේ සාතිශය සංවේගය පළ කර සිටිනවා. ඔළුව තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා, එදා අරලියගහ මැදුරට ආපු සෙනගින් කොටසක් හෝ ගාලුමුවදොරට ගියොත් ඇති විය හැකි තත්ත්වය කුමක්ද, කියා. මට තේරෙන්නේ නැහැ, හිටපු අගමැතිතුමා ධුරයෙන් ඉවත්වීමට මනස හදා ගත්තනම් එදා අරලියගහ මැදුර ඇතුළේ එක්එක් අයට ආවේගකාරී කතා පැවැත්වීමට ඉඩ දුන්නේ ඇයි?, කියා.
‘ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට…’
අප අද රටක් ලෙස මුහුණ දී සිටින්නේ ආර්ථික ආපදාවකටයි. සමහරුන්ට එය මානව ආපදාවක් දක්වා වර්ධනය කිරීමට අවශ්‍යයි. ඒ නිසා තමයි සමහරුන්ට ගාලුමුවදොර සාමකාමී විරෝධතාවට ගස්සවන්න ඕනේ වුණේ. එය සදාචාර හේතුවක් කරගනිමින් සමහරුන්ට පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනිබත් කිරීමට ඕනේ වුණේ ද ඒ නිසයි. එහෙම මුළු රටම ගිනි තිබ්බාම තමයි මානව ආපදාව ඇති වන්නේ. ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට පත් වුණාම තමයි ‘ශ්‍රී ලංකා රාජ්‍යයේ නීතිය හා විධානය ක්‍රියාත්මක වන්නේ නැහැ. එහි පොලිසියට, හමුදාවට බැහැ’ කියන තත්ත්වය ජාත්‍යන්තරව ගොඩනැගෙන්නේ. එවිට තමයි ජාත්‍යන්තර වශයෙන් හමුදාමය අතපෙවීමක්, ආක්‍රමණයක් වුවත් සිදුවිය හැකි වාතාවරණය නිර්මාණය වන්නේ. මම කියන්නේ නැහැ, ඔය ගහගත්තු ගිනිතියපු සියලුදෙනා මේ පුළුල් චිත්‍රය දැනගෙන ක්‍රියාත්මක වුණා, කියා. නමුත් කවුරුකවුරුත් දැන හෝ නොදැන පොට පාදාගෙන යන්නේ බාහිර පාර්ශ්වවලට මේ රට තුළ බින්න බැසීමට හැකි තත්වය ඇති කිරීමටයි.
‘ප්‍රතිවාදීන්ට පහර දීමේ ආයුධය’
ගාලුමුවදොර සාමකාමී විරෝධතාවට පහරදුන්, පහරදීමට උසිගැන්වූ සියලුදෙනා අත්අඩංගුවට ගත යුතුයි. අපි එදා සවස මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා, ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය ලෙස ඒ බව පැවසුවා. ඒ තුච්ඡ ක්‍රියාව අපි දැඩි සේ හෙළා දැක්කා. නමුත් ඒ පහරදීම සමහරුන් තම ප්‍රතිවාදීන්ට පහරදීමේ ආයුධය බවට පත්කර ගත්තා. මේ බලන්න එක්තරා නිළියක් කරන ප්‍රකාශය. එය ‘කොන්ද කෙලින් තියාගෙන එන්න. ගිනි තියපියව් මුළු රටම. ඒක තමයි වෙන්න ඕනේ.’ ආදී වශයෙන් සිදු කරන ප්‍රකාශයක්. (හඬපටය සභාවට ඇසෙන්නට සලස්වයි) මේ නෝනාට අනුව අපේ ගෙවල් ගිනි තියපුවාම ප්රශ්නය විසඳෙනවා ද? මගේ ගෙදර ගිනි තැබීමට මුලින් ආවේ 12යි. පොලිස් නිලධාරීන්ට නියෝග ලැබිලා තිබෙනවා ‘මොකුත් කරන්න එපා! ඔහේ ඉන්න’ කියා. පසුව තව 23ක් ආවා. ඉන්පසුව ගේට්ටුව කඩාගෙන ඇතුළුවෙලා මගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන උපකරණ පවා කොල්ලකාලා තිබෙනවා මෙතැන තිබෙන්නේ ආණ්ඩුවට විරෝධය දැක්වීමක් පමණක් නොවෙයි ‘මහදවල් සියලුදෙනා බලා සිටියදී සිදුකළ’ කොල්ලකෑමක්. ඒක ඉතාමත් බිහිසුණු අත්දැකීමක්.
‘අයියලා මල්ලිලාගේ ප්‍රශ්න’
මට පෙර අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවා, ‘ආර්ථික අමාරුකම් නිසා පීඩාව ආවා. ජනතාව පීඩාව මෙහෙම පිට කළා’කියා. එහෙමනම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ රටේ ජනයා කම්පනයෙන්, ප්රකම්පනයට පත් වුණාම එදා මුජිබර් රහුමාන් මහත්තයලාගේ ගෙවල් හොයාගෙන ආවාද? මෙතැනදී සිදු වුණේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම. මානව හිමිකම් කොමිසම පැත්තෙන් මට ලැබුණු තොරතුරු අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජනාධිපතිවරයා උපදෙස් දුන්නා, ‘අරලියගහ මැදුරේ සිටින පිරිස ගාලුමුවදොරට පැමිණෙන එක නතර කරන්න’ කියා. මේක සියයට සියයක් හරිද, කියන්න මම දන්නේ නැහැ. මම මේ කියන්නේ ඔහුගේ කටඋත්තරය අනුවයි. ජනාධිපතිවරයාගෙන් ඉහත උපදෙස් ලැබුණාම ඔහු සූදානම් වෙලා තිබෙනවා කඳුළු ගෑස්, ප්‍රහාරක ජල ටැංකි ආදිය යොදා ගනිමින් ඒ පිරිස ගාලුමුවදොරට පැමිණීම වැළැක්වීමට. එම අවස්ථාවේදී පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන්ගෙන් විමසා තිබෙනවා, ‘මොකක්ද දැන් කරන්නේ?’ කියා එවිට ඔහු පවසා තිබෙනවා, ‘මම මේ පිරිසට ගාලුමුවදොරට එන්න දෙන්නේ නැහැ. මට ජනාධිපතිතුමාගෙන් ඕඩරයක් ආවා’ කියා. එවිට පොලිස්පතිවරයා පවසා තිබුණේ, ‘ඔයා ඕවා කරන්න යන්න එපා! අමාත්‍යාංශ ලේකම්ට කතා කරන්න’ කියායි. එවිට දේශබන්දු තෙන්නකෝන් අමාත්‍ය ලේකම්ට කතා කළාම එයත් කියනවා, ‘ඕවා කරන්න යන්න එපා! ඕවා අයියලා මල්ලිලාගේ ප්‍රශ්න. ඔතැන ඉන්නේ මහින්ද අගමැතිතුමාගේ ගෝලයෝ. ඔය මිනිස්සුන්ට ගහලා, අන්තිමේදී දෙන්නා ෂේප් වෙයි, ඔයාට අමාරුවෙ වැටෙන්න වෙයි. ඒ නිසා ඔයා ෂේප් එකේ ඉන්න’ කියා. එදා, මේ රටේ නීතියේ ආධිපත්‍යය බිඳවැටුණු මැයි 09 වැනිදා හැම පොලීසියකටම නියෝග දීලා තිබුණේ ‘ෂේප් එකේ ඉන්න’ කියලයි. එදා යුද හමුදාව සක්‍රීය වුණේ නැත්තෙ ඇයි? මේක ප්ලෑන් එකක්.
‘ප්ලෑන් එක ක්‍රියාත්මකයි’
එදා අරලියගහ මන්දිරයට සෙනග ගෙනාපු මොට්ටයෝ දැන හෝ නොදැන ඉටුකළේ ඒ ප්ලෑන් එකේ කොටසක්. ඊළඟට පොලිසිය ක්‍රියාත්මක නොවීම, හමුදාව සක්‍රීය නොවීම යන සියල්ල මේ ප්ලෑන් එකේ කොටස්. ඊළඟට ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට පෙරළීම මගින් ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට පවතින රජයේ ආයතන අසමත්, කියන මතය ජාත්‍යන්තරව තහවුරු කිරීම. අවසානයේ ශ්‍රී ලංකාව තුළට බින්න බැසීමට පොට පාදා ගැනීම. මෙතැන කාටහරි හිතෙනවනම් අපේ ගෙදරකට ගිනිතියලා, අප මරාදමලා මේ ප්රශ්නය එක දවසකින් විසදන්න පුළුවන් කියලා, එහෙම කරන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ. කවුරුත් දැන හෝ නොදැන යන්නේ ඒ ප්ලෑන් එකට අනුවයි.
‘ඇමරිකන් තානාපතිනියගේ ට්විටර් පණිවිඩය’
මේක තවත් හොඳින් තේරුම් ගන්න ‘හරි ලස්සන කතාවක්’ කියන්නම්. ඇමෙරිකන් තානාපතිවරිය දැන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන නිතරම ට්විටර් පණිවිඩ දානවනෙ. මැයි 10 වැනි දා ඉඳන් හමුදාව සක්‍රිය කළාම එයා දාපු ට්විටර් පණිවිඩයේ තිබෙන්නේ ‘මෙසේ හමුදාව යෙදවීම ප්රජාතන්ත්රවාදයට පටහැනියි. පිළිකුල් සහගතයි’ වැනි අදහසක්. නමුත් එයා ට්විටර් පණිවිඩයක් දැම්මේ නැහැනේ ’09 වැනි දා රාත්‍රියේ රට පුරා සිදු වූ දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ ගිනිබත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කළ පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න’ කියා. එම තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජයේ හමුදාව යෙද වූ පසුවයි එයා ට්විටර් පණිවිඩයක් දමන්නේ. එයා අකැමැතියි හමුදාව යෙදවීම ගැන. එයාලාට අනුව මරාගැනිල්ල, ගිනි තැබීම දිගටදිගට යන්න ඕනේ, අංග සම්පූර්ණ මානව ආපදාවක් සිදු වෙන්න ඕනේ.
‘සාටකය දාගත්තු කපුටා අදත්’
අද මෙතැන වෙන්න තිබුණේ දෙපාර්ශ්වය කතා කරලා එකඟ වෙලා නියෝජ්‍ය කථානායක ධුරයට සුදුසු කෙනෙකු පත් කරගැනීම. අර ‘සාටකය දාගත්තු කපුටා’ අදත් බෙදීම ඇති කළා. මේ ‘කපුටා’ ඉන්නකම් අපි පෙන්වා දුන් අර ප්ලෑන් එක අනුවයි සියල්ල සිදුවන්නේ. මේ ‘කපුටා’ තමයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ‘කොරහත් බිඳගෙන යන’ ආකාරයට වැඩේ හැදුවේ. ‘කපුටාගෙ මෝඩ ගෝලයෝ’ තමයි ඒකට හවුල් වුණේ. මම මීට සති දෙකකට පෙර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථනයෙන් කතා කර කියපු දේ මතක ඇතැයි සිතනවා.
‘අගමැති ඔටුනු සිහින අපට නැහැ’
අපිට මේ සිදුවන සියල්ල හොඳින් තේරෙනවා. අපි දේශපාලනය කරන්නේ ඔය හිස් වන අගමැතිකමක හෝ ඇමතිකමක ‘ඔටුන්න’ දාගන්න නොවෙයි. අපට ඕනේ අපි මේ ඉන්න පීඩාව පාවිච්චි කරලා මේ රට ගොදුරු කරගන්න හදන න්‍යාය පත්‍රය පරාජය කරන්නයි. මම මේ රටේ සකල ජනීජනයාගෙන් ඉල්ලනවා, ‘එම බිහිසුණු න්‍යාය පත්‍රයේ චරිත, නළුවන් වෙන්න එපා!’ කියලා. දැන් බලන්න මේ ආර්ථික ආපදාව අස්සෙ කවුරුත් නොහිතපු තැනැත්තෙක් අගමැති පුටුවට ආවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා ඡන්දෙනුත් පැරදිලා, පාර්ලිමේන්තුවට එන්න බැරුව අවුරුදු එකහමාරක් විතර ‘කෙකර ගගා’ ඉඳලයි පසුව මෙතැනට ආවේ. ඔහුට ලොතරැයියක් තමයි ඇදුනේ. එයාට ලොතරැයියක් ඇදීම ගැන අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි මේ වගේ ආපදාවකදී මෝඩයෝ වගේ වෛරය, ද්වේෂය මුල් කොටගෙන හැසුරුනොත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ හෝ වෙනත් සිහින දකින අයගේ ඔලුවට ඔටුන්න වැටෙන්නෙ නැහැ. ඔටුන්න වැටෙන්නේ පිටරටක බලවතුන්ගේ ඔලුවටයි. ඒ නිසා බුද්ධිය පෙරදැරි කරගෙන තීරණ ගනිමු. මේ සිදුව ඇති දේ පිළිබඳව සම්පූර්ණ චිත්‍රය දකිමු.
‘රතු මල්ලිලා බයවෙලා’
ඒ නිසා අපි ඉතා ඕනෑකමින් කියනවා, ‘මැයි 09 වැනිදා නීතියේ ආධිපත්‍යය බිඳවට්ටපු සියලුදෙනාට විරුද්ධව පියවර ගත යුතුයි’ කියා. දැන් එක්එක් අය අත්අඩංගුවට ගන්නවා. ඒ අස්සෙ රතු මල්ලිලාගේ තරුණ සංගමයේ අය පොලිස් මූලස්ථානයට ගිහින් කියනවා ‘ඒක වැරදියි’ කියා. එයාලා දැන් බයයි තමන් අහුවෙයි කියා. එයාලා දැන් කියන්නේ ‘අපි ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි. අපට සිදුවුණු දේ ගැන දුකයි. වැරදි ඩී.අයි.ජීු කෙනෙක් දාල තියෙන්නෙ. එයා දැන් අපේ අය අල්ලනවා. ඒකට අපි විරුද්ධයි’ කියලයි. එහෙමයි දැන් සූත්‍රය හැදෙන්නේ. අර වැදි නායකයා කියපු ආකාරයට මේ ආපදාව දිහා ‘මළකුණක් දෙස බලන කපුටු රැලක්’ වගේ බලන පිරිසට අන්තිමේදී වෙන්නේ, කොටමින් ඉන්නාවිට මළකුණත් වෙන අයෙකුට අයත් වෙන එක දිහා බලන් ඉන්න.
‘දරුවන් ඉදිරියේ පමණයි මා නිරුත්තර’
ඒ නිසා අපි යළිත් මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා, ‘මේ ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට පත් වීමට ඉඩ තබන්න එපා!’ කියා. ඒ වගේම එදා 09 වැනිදා රාත්‍රියේ නීතියේ ආධිපත්‍යය බිඳවට්ටපු සියලු ආරක්ෂක ප්‍රධානීන් ඉවත් කරලා නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාහැකි තැනැත්තන් ඒ තනතුරුවලට පත් කළ යුතුයි. මට සියල්ල දරාගත හැකියි, නමුත් මගේ දුවයි, පුතයි ‘අපේ පොත්පත් ටිකත් ගිනි තියලා’ කියනකොට මම කොහොමද ඒකට උත්තර දෙන්නේ? ඒ දෙන්නාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නන්. එම දරුවන් අපට තිබෙන දේශපාලන බලය කිසිදාක අයුතු ලෙස පාවිච්චි කරලා නැහැ. ඉතා සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත් වන ඒ දරුවෝ අහන ප්රශ්නවලදී විතරයි මම නිරුත්තර. මේ ගිනි තැබීම් සංවිධානාත්මක නැතිනම් කොහොමද තෙල් බූලි ගණන් ගෙන ආවේ? ඒ වගේම 225න් කොටසක් පමණක් තෝරාගෙන පහර දුන්නේ ඇයි? ඒකත් පැහැදිලිව දකින්න ඕනේ.
අපි කවර දේශපාලන මතවාදය දැරුවත් මේ මොහොතේ අපට වගකීමක් තිබෙනවා, මානව ආපදාවක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදී මේ ආර්ථික ආපදාවෙන් ගොඩඒම පිණිස කැප වීමට. ඒ නිසා මානව ආපදාවක් නිර්මාණය කිරීමට කිසිසේත් දායක නොවන ලෙස අපි කටයුතු කරමු”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
මේ ගෑනි ගනිකාවක්
uabe ammath ganikawak neda.
උබේ අම්මා වීදි ගනිකාවක්
This is that born again woman who with other born again fraudster Yeheli,Sanga’s wife who faked deeds to buy a landin Anuradhapura to build a church who have hijacked this aragalaya.This woman should be taken to police custody for inciting the public for rioting.
Well said!
Exactly !
මානසික පීඩනයෙන් පෙලෙන ගෑනු ඒක පිටකරගන්නෙ ප්‍රසිද්දියේ පොර ටෝක් දීල කියල සමාජ පර්යේෂකයන් ගොඩක් සොයාගෙන තියෙනව.
මේකත් ඒ වගේම දෙයක්.
දමිතා සහ මාරපණ දෙදෙනාටම ඉක්මන් මානසික සුවය පතමු.
මේ අයට අනුකම්පාකරන්න පුරුදු වෙන්නෙ. මේ තත්වයට පත්වෙන්නෙ මානසික පීඩනය උපරිම වෙලා නින්දනොයන තත්වයට පත් වුනාම.
මේක විහිළුවට ගන්න එපා.
she is right !
You are another criminal
ඇග හදාගන්න බැරි නිලියො රට හදන්න යනවා.
නිලියෝ කියන්නේ කවුද ? හොදට රග පෑම
Me wage moda wassiyo channel walata gennala rata gana katha kalama gon mola walata enne ohoma adahas thamai. Eya thama pora kiyala hithan inne. Araliya gahe usi gannuwa unta wagema mekitath chodhana gonu karanu.
ඒක ඇත්ත . චැනල් වලට ගෙන්නගන්න ඕනේ ජොනී, නිශන්ත, රට වනසපු රාජපක්ෂ ලා
මේකෙ දාලා තියෙන්නෙ edit කරපු video එකක්. හරි එක බලලා කියනව්දෙ තෙරුම් ගන්න. අරගල ඹුමියට ගහන්න ආපු අයට තමයි කියන්නෙ “පුලුවන්න්ම් රට්ම ගිනිතියපියව් කියල
ඇයි බන් මේකිව සුද්ද තරන්නෙ.උඹ මේකිගෙ ලාබාල මිනිහ නේද
ජනතාව බඩගින්නේ තැබූ එකේ විපාක. ඒ අයගේ කටින් මේ වා පිටවෙනවා නවත් වන්න බැහැ
This woman is a thug. She should have been arrested long before. She thinks she knows everything and she is a very strong underhand of JVP.
Shameful, disgusting and disgraceful character.
Shame on you. Shame on you. Shame on you.