‘ගිනි තියපියවු මුළු රටම’ සමාජ ජාලවල ප‍්‍රචණ්ඩත්වය වැපිරූ නළු නිළියන් 250ක් රහස් පොලිසියෙන් පන්නයි…

May 22, 2022 at 12:02 am | lanka C news
‘ගිනි තියපියවු මුළු රටම’ සමාජ ජාලවල ප‍්‍රචණ්ඩත්වය වැපිරූ නළු නිළියන් 250ක් රහස් පොලිසියෙන් පන්නයි…

පසුගිය 09 වැනිදා රට පුරා ඇතිවූ කලහාකාරී සිදුවීම්වලට ජාලා ඔස්සේ ප්‍රචණ්ඩත්වයට යොමු කරමින් වෛරී ප්‍රකාශන පළ කළේ යැයි චෝදනා එල්ල වන නළු නිළියන් ගායක ගායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල 225 දෙනකු සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

එදින ඇතිවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් ජනතාව පෙළඹවූ සමාජ ජාල සටහන් ගැන ද වෙනමම තාක්ෂණික විමර්ශනයක් අරඹා ඇත.

ඊට පසු දින වලදී මකා දමන ලද සමාජ ජාල සටහන් පවා නැවත ලබාගැනීමේ ක්‍රමවේදයක් මගින් විමර්ශන ක‍්‍රියාත්මක කරමින් සිටී.

137,744 views

47 Comments to “‘ගිනි තියපියවු මුළු රටම’ සමාජ ජාලවල ප‍්‍රචණ්ඩත්වය වැපිරූ නළු නිළියන් 250ක් රහස් පොලිසියෙන් පන්නයි…”

  1. කුඹුක්කණ් says:

    අර සිංදු කියන කුහක චාල්ස් තෝමස් සුනඛයාද එසේ පවසන ලදි.

  2. Kumara says:

    බිලියන ගණනක දේපල විනාශකළ හා මහජන නියෝජිතයන් මහපාරේ ඝාතනය කල අපරාධකරුවන්ට නීතිය තදින් ක්‍රියාත්මක කලයුතුය.

    නමුත් අන්තර්ජාලයේ නිදහස් අදහස් හුවමාරුවේ අයිතිය ඕනෙම ප්‍රජාතන්ත්‍රවාදී රටක පිලිගන්නවා. නීතියේ සිමාවන් ඉක්මවා ගියහොත් මහජන ප්‍රතිරෝධතා ඇතිවී නියම අපරාධකරුවන්ටවත් නීතිය ක්‍රියාත්මක කීරීම අපහසු වනු ඇත.

    • Ratawasiya says:

      අන්තර්ජාලයෙන් මිනිමරන්න පොස්ට්‍ දාන එක සදාචාරයද මනුෂ්‍යත්වයේ

  3. Hela says:

    ඒ වගේම සමාජ ජාලාවල වෛරය වැපුරැ අන්තවාදීන්ද අත්අඩංගුවට ගතයුතුයි. සමහර අමනයන් ගෙවල්වල ආයතනවල ලොකේෂන් පවා ශෙයාර් කලා. ඉතාම පහත් මානසික ලෙඩිඩු.

  4. NuwanJ says:

    මොඩ පොලිස් ඔව කරන්න තිබුනෙ ඔව පලකරපු දවස්වලම රට ගිනිතියනකන් බලන් ඉදල දැං

  5. වරද says:

    දර්ශන හදුන්ගොඩ, දුලීකා මාරපන, සුදත්ත තිලකසිරි සිවිල් සමාජය මහා අපරාධ වලට උසිගැන්වීමේ, පෙලබීමේ පෙරමුනේම.

  6. U d prasanna says:

    ප්‍රජාතන්ත්‍රවාදී ලේස නිතිය සැමට ක්‍රියාත්මක වියයුතුයි..දැන් සියළු අයතන දෙශපාලනව බෙදිලා පක්ෂ වලට වැඩ කරන්නෙ

  7. Lalla says:

    පොලිස්පති කියල තිබුන පොලිස් ස්ථානාධිපතිවරු පත්කරගත්තේ පලාතේ පොහොට්ටු මන්ත්‍රීලට ඕන විදියට කියල. තව අලුත් පොලිස් උසස්‌වීම් නුසුදුස්සන්ට දුන්න බවත්. පොලිසිය මෙහෙම නිවට වුනේ පොලිස් කොමිසම දේශපාලන බලයට යටකල නිසා.. මේව රාජපක්ෂ පවුල තුනෙන් දෙකේ බලය අරගෙන කල නිවට ක්‍රියා. ඒවයේ ප්‍රතිඵලය විශ්ලේෂණය කිරීමේ හැකියාව ඇති අපරාධ මර්දනය කලහැකි දක්ෂයෝ පොලිසිය තුල කොන්වීම. ඒවයේ ප්‍රතිඵල පසුගිය දිනවල දේශපාලුවන් හෙන්චයියන් පමණක් නොව සමස්ත ජනතාවටම විඳින්න වුනා. දැන්වත් ස්වාධීන රාජ්‍ය සේවය ස්ථාපිත කරන්න.

    • ගරසරප says:

      ඕවා 72 ඉදල උනා. නමුත් නතර උනේ 17 වෙනි සහ 19 වෙනි ශංශෝදනයෙන්. ඒව ආවම කට්ටියට අපහසු උනා ඕන විදිහට පොලිසිය නටවන්න. කොහොම උනත් එයාල දාගත්ත පොලීසිය ගිනිතියනකම් බලා හිටිය. ඒකය් පුතා කර්මය කියන්නෙ.

  8. සිවුරු හොරා says:

    නිළියන්ගේ සමාජ් මාද්ය ගිණුම් පිට රට වල ඉන්න විස්වාස අයට දීලා ඒ ගිණුම් hack කරලා කියන්න.

  9. atta says:

    මේවා කරන වෙලාවේ දී පොලිසියට ඉඩ දුන්නේ නැහැ නවත්තන්න. දැන් හරි ඇල්ලිය යුතුයි වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන්. රට ම ගිනි තියන්න කියන නලු නිලියො ඊට පසසේ ඉන්නේ කොහේ ද? එවුන්ට මෝඩ ප්‍රෙක්ෂකයාගෙන් මුදල් ගරා ගෙන තිබෙන නිසා රටකට යාවි. ඇයි ඔවට රැවටෙන්නේ.? ප්‍රජාතන්ත්‍රවාදය යනු අන්තර් ජාලයේ අසත්‍ය අසභ්‍ය දේ දැමීවේ අයියතිය නොවේ, සීලාචාර නිදහසයි. බලු බලල්ලු වෙන්න ප්‍රජාතන්ත්‍රයක් ඕනද? කොහොමත් චාල්ස් ඩාවින් ඔවුන් කවුද කියල තියෙන්නේ මීට වසර ගණනාවකට කලින්, උන්ගෙ වදුරු ගති අත් හරින්න මහා බ්‍රහ්මයාට නැවත ලෝකය මවලත් බැහැ කරන්න.

  10. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    අපි බේරේ වැවේ නාවපු උන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.

Main News