ගිනි පොලි මුල්‍ය ආයතනවලට එරෙහිව විරෝධතා…
March 10, 2019 at 6:48 pm | lanka C news
වවුනියාව දිස්ත්‍රීක්කයේ පිහිටි මූල්‍ය සමාගම් විසින් ලබා දුන් ණය මුදල් වෙනුවෙන් අධික පොලී මුදලක් අය කිරීම හේතුවෙන් ජන ජීවිතයේ ගැටලු රැසක් මතුව තිබෙන හෙයින් අදාල අධික පොලී මුදල් වෙනුවෙන් සහනය ලබා දීමට රජයේ අවධානය යෙමු කරන ලෙස ඉල්ලා විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව වව්නියාව දෙමළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවයේ නිරතව ඇත්තේ වවුනියාවේ මූල්‍ය ආයතන මගින් ණය මුදල් ලබා ගත් දෙමළ සහ සිංහල වැසියන් පිරිසක් විසිනි.
එහිදී විරෝධතාවයේ නිරත වූ කාන්තාවන් කියා සිටියේ ලෝකයාම කාන්තා දිනයේදී කාන්තාවන්ගේ නිදහස ගැන කතා කලද වව්නියාවේ කාන්තාවන් ඇතුලු මූල්‍ය ආයනතනයන්ගෙන් ණය ලබාගත් පිරිස් අදාල ණය මුදල් පොලී මුදල් ගෙවීමට නොහැකි වීමෙන් දැඩි අසීරුතාවයන්ට පත්ව සිටින බවටය.
එමෙන්ම අදාල මූල්‍ය ආයතන මගින් පොලී මුදල එකතු කිරීමට පැමිණෙන නියෝජිතයින් විසින් සිදු කරන ලද බලපෑම් හේතුවෙන්ද බොහෝ වැසියන් පිරිසක් පීඩාවන්ට පත්ව සිටින අතර රජය ඇතම් අවස්ථාවන්හි අදාල මූල්‍ය ආයතනයන්හි පොලිය අඩු කිරීමට පියවර ගන්නා බවට පොරොන්දු වුවද මෙතෙක් එය ප්‍රාෙයා්ගිකව සිදු වී නොමැති බවටය.
මේ හේතුව නිසා වව්නියාවේ වැසියන් පිරිසක් අදාල අධික පොලී මුදල් ගොවීමට නොහැකි වීමෙන් නිවෙස් අතහැර යාමේ අවධානමක්ද පත්ව ඇති හෙයින් රජයේ වගකිව යුතු නිලධාරීන් මෙම ගැටලුවට මැදිහත් වී ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙසටය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
වව්නියාවේ වැසියන් පිරිසක් අදාල අධික පොලී මුදල් ගොවීමට නොහැකි වීමෙන් නිවෙස් අතහැර යා නම් වැරැද්ද අධික පොලියට මුදල් ගැනීමයි …එකට එම පොලි ආයතනය මෙන්ම මුදල් ගත් පිරිසද වැරදිකරුවෝ වෙති …තමන්ට පොලි ගෙවීමට බැරි නම් මුදල් ගත්තේ කුමක් නිසාද ? මේකටත් දැන් ආණ්ඩුව පලිද ?බොරුවෙන් දෙමලුන්ගේ අවශ්‍ය තාවයන් සපුරා ගැනීමට ජිනීවා පලයව්
මෙතන පීඩාවට පත්වෙලා ඉන්නේ සිංහල දෙමළ කියන දෙපිරිස…හෙට අනිද්දා මිනිස්සු මේ ෆිනෑන්ස් කාරයන්ට බැංකුකාරයන්ට ගිණි තියලා මරනවා නියතයි….තමුසේ ලියලා තියෙන එක හරියට කියවනවා ඕයි.
උතුරේ නොව දකුනේත් තත්වය මෙයයි.මෙම පොලි කරුවන් ගම් වල කුඩා කාන්තා සමිති සදා ගිනි පොලියට නය දෙයි.මෙය තනිකරම මාෆියාවකි.
මෙතන ලොකු අසාධරණයක් තිනවා . මෙම නය ගන්න කාන්තාවෝ වැඩි දෙනෙක් පටිට කපටි දූශිත හොරැ . ණය ගන්නකොට ව්‍යාපෘති මවල කියනවා . අනික දෙන ඔිනැම ගිවිසුමකට අත්සන් කරනවා . එම ණය මුදල් අරන් ව්‍යාපෘති නොකර බොහෝ සෝභන වැඩ කරනවා හොද හෝටල් වලට ගොස් පවුල් පිටින් කනවා . මාසයක් ඇතුලත ගත්තු ණය මුදල විණාශ කරනවා . ව්‍යාපෘතිවලින් මුදල් ආයෝජනය කර උපයැවිවොත් පමණයි ණය ගෙවන්න පුලුවන් . අනික ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල මෙිවාගේ පටිට කපටි වංචාසහගත දූශිත හොරැන්ට විහේෂයෙන්ම කාන්තාවන්ට පිණට මුදල් දෙන්න කොහෙද තියෙන්නේ . මෙම උද්ගෝෂණ වල එකම අරමුණ ජනතාවට වැරදි චිත්‍රයක් මවල මෙම නය පැහැරහැරීමෙි සැළසුමකි
පිරපාකරන් ලදරුවන් පැහැර ගෙන යනකොට මුන්ගේ කිසිම සද්දක් නැහැ
Cashwagon හරහා ණය දෙන lendtell ආයතනය ගැන සෙවිල්ලෙන් ඉන්න . ඔවුන්ගේ පොලිය මසකට 40% ඉක්මවයි