chogm ගිය අයෝජන දූතිකාව ගෙනා ආයෝජනය ඩොලර් බිලියන 1.5යි.. එය හම්බන්තොට වරාය හැදු මුදලටක් වඩා වැඩියි…
April 23, 2018 at 11:20 am | lanka C news
ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට තම බිරිද ගිහානි වීරසිංහ සමග තමන් සහභාගී වූයේ හා වියදම් කලේ තමන්ගේ මුදල් බව ඇයගේ සැමියා වන මොහාන් වීරසිංහ සදහන් කරයි.
මෙම සමළුව සදහා තමන් ඇතුළු පිරිස එක් වූයේ ආයෝජන ප්‍රවර්ධනය සදහා බවත් ඊට රජයේ මුදල් වැය නොකල බවත් ඔහු තම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.
මේ අතර ගිහානි වීරසිංහ සිට සමාජ ජාල ගිණුම්වල සදහන් කර තිබුනේ මෙම සංචාරයේදී තමන් ඇතුළු පිරිස මෙරටට ගෙන ආ ආයෝජනව ප්‍රමාණය ඩොලර් බිලියන 1.5ක් බවයි. එම මුදල හම්බන්තොට වරාය චීනයට දී ගත් ඩොලර් බිලියන 1.1ද ඉක්වමයි. එමෙන්ම ලංකවේ විදේශ සංචිතයෙන් 1/4 කටද ආසන්නය.
හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ගිය සම්පූර්ණ මුදලද ඩොලර් බිලියන 1.4කි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්ද ශ්‍රී ලංකාවට අනුමත වී ඇති ණය ප්‍රමාණය ඊට වඩා අඩුය. එය ලබා දෙන්නේද මිලියන 200-300-400 ආදී වාරික ක්රමයකටයි.
කෙසේ වෙතත් මෙම කාන්තාව සමාජ ජාලාවන්හි හදුන්වා ඇත්තේ ‘ආයෝජන දූතිකාව’ ලෙසයි.
This is that Tele Drama Actress….Gihani…..
complete nonsense! utter ridiculous !!!
She is wearing sandals for the events. Very professional. 🙂