ආර්ථිකයේ කළු පැල්ලම් හේදුවා.. ආර්ථිකය දැන් හරි පාරේ.. බඩු මිල අඩු වෙනවා.. රැකියා ලැබෙනවා… හොදට කාලා ඇදලා ඉන්න..

October 11, 2016 at 8:40 am | lanka C news
ආර්ථිකයේ කළු පැල්ලම් හේදුවා.. ආර්ථිකය දැන් හරි පාරේ.. බඩු මිල අඩු වෙනවා.. රැකියා ලැබෙනවා… හොදට කාලා ඇදලා ඉන්න..

පසුගිය අවුරුදු එකහමාර තුළ ආර්ථිකයේ කළු පැල්ලම් හෝදා දැමු නිසා දැන් හැම රටින්ම ශ‍්‍රී ලංකාවට ආධාර කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූවේ කොළොන්නාව අඩු ආදායම්ලාභී පවුල් සදහා සිමෙන්ති ලබා දීමේ උත්සවකට එක්වෙමින්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.

අපේ රටේ ආග්‍රාමාත්‍යතුමා දින 1500 ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න යනකොට එක්කෙනෙක් කියනවා අවුරුද්දයි මාසයක් ගිහින් තියෙන්නේ. එහෙනම් තව 1500 ක් ගියාම පාර්ලිමේන්තුව අවුරුද්දක කාලයක් වැඩි කරන්නද හදන්නේ කියලා. මෝඩකමට අපි මොනවාද කියන්නේ. අපි ආණ්ඩුව බාර ගන්නකොට සම්පුර්ණයෙන්ම කඩන් වැටුණු, විනාශ වුණු ආර්ථිකය සහිත රටක් තමයි බාරගත්තේ. එහෙම වැටිච්ච ආර්ථිකයක් ඊළග දවසේ ඉදන් හදන්න බෑ.ඉස්සෙල්ලා කළු පැල්ලම් ටික හෝදන්න ඕනේ. ඊට පස්සේ තමයි හරි මාවතකට ගෙන යන්න පුළුවන් වෙන්නේ. ගෙවුණු අවුරුදු එකහමාරක් ඇතුළත ඒක අපි කරලා ඉවරයි. අග්‍රාමාත්‍යතුමා යුරෝපයට, චීනයට, ඉන්දියාවට, නවසීලන්තයට ගියත් අර කළු පැල්ලම් ටික මැකුණු නිසා තමයි දැන් හැමෝම ආධාර උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ. මේ ආධාර උපකාර ලැබුණාම ලබන අවුරුද්දේ මැද වෙනකොට ආර්ථිකය හරි පාරට එයි කියලා විශ්වාස කරනවා. එතකොට බඩු මිල, ඉන්ධන මිල තවත් අඩු කරන්න පුළුවන්,  රැකියා අවස්ථා තවත් වැඩි වෙනවා, නිවාස හා ගමේ සංවර්ධනය වේගවත් වෙනවා. මේත් සමගම රටේ මිනිස්සුන්ට හොදට කාලා ඇදලා ප්‍රජාත්‍රන්ත්‍රවාදීව, යුක්තියට නීතියට යටත්ව ජීවත් වෙන්න පුළුවන් වෙනස් රටක් බවට පත්වෙනවා. වෙනස් රටක් බවට පත් වුනාම ඒකාබද්ධ කල්ලිය කෑලි කෑලි වලට සුනු විසුණු වෙලා යන එක නවත්තන්න බෑ.

අපේ ආණ්ඩුව ඇතුලෙත් යම් යම් වැරදි වෙනවා නම් ඒවාට විරුද්ධව ආණ්ඩුව ඇතුලේ ඉදන් කටයුතු කරන එකම ආණ්ඩුවක් මේක. මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් එක අවලංගු කරලා අලුත් ටෙන්ඩරයක් දාන්න කියලා තියෙනවා. පසුගිය රජයේ කාලයේදී එහෙම ටෙන්ඩර් අවලංගු කළාද. රුපියල් 100 ක් වියදම් වෙන වැඩේට 400 ක් වියදම් කරපු බව රටම දන්නවා. ඒවා අවලංගු කළේ නෑ. ඒවායින් ගසා කාපු අයට විරුද්ධව පරීක්ෂණ කරනකොට ඒවාට බාධා කරන්න තමයි කටයුතු කරන්නේ. දේශප්‍රේමියා හා ද්‍රෝහීයා කියන්නේ කවුද කියලා ජනතාව දන්නවා. ජනවාරි මාසේ දෙසැම්බර් වෙනකොට ජනතාවගෙන් අපිට අහන්න පුළුවන් මේ වෙනස සැපයිද කියලා එතකොට ඔව්ද නැද්ද කියන එක තමන්ගේ හෘද සාක්ෂීයක් එක්ක විමසා බලන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා.

– මිනුර රෂාන්ත

73 views
Main News