ගිය අවුරුදු දෙකේ ආර්ථිකය කඩා වැටුන නිසා බස් ගාස්තු වැඩි කරනවා..- බස් ගැමුණු බස් ආර්ථික විද්‍යාවෙන් ආණ්ඩුවට පාඩමක් උගන්වයි..
June 12, 2017 at 3:17 am | lanka C news
රටේ උද්ධමනය ඉහළ යෑම අනුව බස් ගාස්තුව වැඩි කිරීමට සිදු වන බවත් ඒ අනුව ලබන මස එනම් ජූලි මාසයේ සිට සීයයට 6.5% කට වැඩි ප්‍රමාණයකින් සියලුම පෞද්ගලික බස් ගාස්තුවේ ඉහළ යෑමක් සිදු වන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.
ඔහු පැවසුවේ රටේ පසුගිය වසර දෙක තුල මේ ආණ්ඩුව ආර්ථිකය සාර්ථකව දියුණු නොකළ නිසා උද්ධමනය ඉතා ඉහළ ගිය බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බස් ගාස්තුව ඉහළ දමන බවයි.
එමෙන්ම පසුගිය රජය කාලයේ අවස්ථා 4 ක් බස් ගාස්තුව අඩු කල අතර තවත් වසර දෙකක් කිසිම වැඩි කිරිමක් නොකළේ එම රජය ආර්ථිකය නිසියාකාරව කළමනාකරණය කල බැවින් එසේ වාර්ෂික බස් ගාස්තුව ඉහළ දැමීමට අවශ්‍ය වූයේ නැති බව ඔහු මාධ්‍ය වෙත පැවසුවේය.