ගිය ආණ්ඩුවේ හොරකම් කරපු අයට දඩුවම් දෙන්න ඕනෑ..

October 16, 2016 at 12:00 pm | lanka C news
ගිය ආණ්ඩුවේ හොරකම් කරපු අයට දඩුවම් දෙන්න ඕනෑ..

මේ ආණ්ඩුවේ හොරකම් කරන්න බලාගෙන ඉන්න අයට උණ ගන්න කලින් ආණ්ඩුවේ හොරකම් කරපු අයට දඩුවම් දෙන්න ඕනෑ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඔරුගොඩත්ත –  අඹතලේ ලෝ ලෙවල් මාර්ගය සංවර්ධනයේදී ඉඩම් අහිමි වන්නන්ට වන්දි ලබා දීමේ උත්සවයකට එක් වෙමින්ය. මෙහෙදී වන්දිලාභීන් 123 ක් අතරේ රුපියල් මිලියන 300 ක මුදලක් ප්‍රදානය කරන ලදි.

අපි යහපාලනය ගෙනාවේ ඇයි. කලින් හොරකම්, වංචා, මිනී මැරුම් කරපු  දඩුවම් ලබා දෙන්න ඕනේ හින්දා. විශේෂයෙන්ම මහජනතාවගේ බදු මුදල් හොරකම් කරාම ඒ වට වුනේ මොකද කියලා ඒවාට සාධාරණයක් ඉෂ්ට කරන්න දඩුවම් දෙන්න ඕනේ නිසා . මේක වැදගත්කම වෙන්නේ අපේ ආණ්ඩුවේ හොරකම් කරන්න බලාගෙන ඉන්නවා නම් ඒ අයට  උණ ගැනෙන්න කලින් හොරකම් කරපු අයට දඩුවම් දෙන්න ඕනේ. මේ පරීක්ෂණ කරගෙන යනකොට මං දැක්කා නාමල් රාජපක්ෂ මහත්තයා එයාට විරුද්ධව පරීක්ෂණ කරන  එෆ් සී අයි ඩී  නිලධාරීයාගෙන්  මිලියන 100 ඒවා දෙක ගානේ වන්දි ඉල්ලලා නඩු පවරලා. මහින්ද මහත්තයා පස් දෙනෙකුට විරුද්ධව එන්තරවාසි යවලා තියෙනවා තවත් කෝටි  ගණන් වන්දි ඉල්ලා. මොකක්ද මේ කියන්නේ  තමන් කරපු වැරදි සම්බන්ධව පරීක්ෂණ කරන්න එපා කියලා. ඒ වගේම අර කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ වගේ. නාමල් කියනවා “එෆ් සී අයි ඩී එකේ පරීක්ෂණ කරන කෙනා මට වඩා හොරෙක්” කියලා. ඒකෙන් එයා පිළිගන්නවා හොරෙක් කියලා. මේ ජවනිකාව මොකක්ද අපි හොරකම් කරපුවා ගැන පරීක්ෂණ කරන්නත් එපා. වෙන එවුන් හොරකම් කරපු       ඒවා ගැන පරීක්ෂන කරන්න ඕනෙත් නෑ. දේශපානඥයෝ කියන්නේ හොරකම් කරන්න ඉන්න එවුන්. බලයට එන්නේ හොරකම් කරන්න මිසක් වැඩ කරන්න නෙමෙයි එක සනාථ කරන්න තමයි.

මේ අය තේරුම් ගන්න ඕනේ අද සමාජය වෙනස් මිනිස්සු හිතන විදිහ වෙනස්. ජනතාව මේවා දිහා ඉතාමත් උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉදලා තීරණය ගන්න ඕනේ වෙලාවට තීරණය ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා.

– මිනුර රෂාන්ත

86 views
Main News