ගිය ආණ්ඩුව බොරතෙල් බැරලයට ඩොලර් 100ක් ගෙවද්දී යහපාලනය ඩොලර් 30යි.. හරියට ඉතිරිකලා නම් වරායවල් දෙකක් හදන්න පුළුවනි..
January 6, 2017 at 10:00 am | lanka C news
ලෝක වෙළෙඳපොලේ බොර තෙල් බැරලයක් මිල ඉතිහාසයේ වැඩියෙන් වාර්තා වුයේ 2010 සිට 2014 අග දක්වා බව ඉන්වෙට්මන්ට්මයින් වාර්තා අනුව දැක ගත හැකිවේ.
එහෙත් මෛත්‍රී-රනිල් ආණ්ඩුව 2015 ජනවාරි බලයට පැමිණි කාලයේ සිට සීඝ්රයෙන් ලෝක වෙළෙඳපොළ තෙල් මිල පහත වැටුන අතර එක අවස්ථාවක ඇ.ඩොලර් 27 දක්වා ද අඩුවිය.
සමස්ථ වසර 2 කක් කාලය තුල දල වශයෙන් ඇ. ඩොලර් 50 ට අඩු මට්ටමේ තෙල් මිල තිබූ අතර මහින්ද යුගයේ ශ්‍රීලංකාවේ වාර්ෂිකව තෙල් සඳහා වැයකර ඇ.ඩොලර් බිලියන 5 මුදල මෛත්‍රී-රනිල් ආණ්ඩුව කාලේ හරි අඩකකින් අඩු කර ගැනිමට හැකියාව තිබුනි.
ඒ අනුව පසුගිය දෙවසරක කාලයක් තුල ඉතිරිවන මුදල් ඇ.ඩොලර් බිලියන 2.5 කි. එය ආණ්ඩුව හම්බන්තොට වරාය චීන කොම්පැනියකට විකුණා ගන්න ඇ.ඩොලර් බිලියන 1.2 මෙන් දෙගුණයකටත් වඩා විශාලය.
එහෙත් නිසි කලමණාකරනයකින් තොර වීම නාස්තිය දූෂණය මෙන්ම නොසැලකිල්ල නිසා මෙසා විශාල ජාතික ධනයක් රටට අහිමිව අපතේ යෑමට හෙතු විය. පසුගිය කාලයේ තෙල් මිල 20% කින් අඩු කලත් එහි සැබෑ වාසිය ජනතාව ගියේ නැත. නමුත් අවංකව ජනතාව තෙල් මිල අඩුකර සහන දුන්නේ නම් මහින්ද යුගයේ 158 තිබු පෙට්‍රල් ලීටරය ලෝක වෙළෙඳපොළ මිල අඩුවීමත් සමගම රුපියල් 80 ට දීමට හැකියාව තිබුනි, එහෙත් එම වාසිය ජනතාව ආවේ නැත අදටත් පෙට්‍රල් ලීටරය රුපියල් 116 කි. ඩීසල් ලීටරය එදා රුපියල් 111කි අද රුපියල් 95කි.
මේ අනුව සෑම ගැටලුවකටම මහින්ද රාජපක්ෂ යුගයේ ගත් ණය ගැන චෝදනා කරමින් සිටිනු හැර රජයේ අවධානය අවම වශයෙන් රාජ්‍ය මුදල් කලමාණාකරනය කෙරෙහි නිසියාකාරව යොමු කොට කාර්යක්ෂමතාවය වැඩි කොට ඵලදායීතාව වැඩි කලේ නම් කිසි කලක රටේ වටිනා ජාතික සම්පත් මේ ආකාරයෙන් විකුණාගෙන කෑමට අවශ්‍ය වන්නේ නැත. මේ උදාහරණය රටේ තෙල් මිල පාලනය සම්බන්ධයෙන් පමණි.
Excellent Evaluation.
අපිට මතකයි බොර තෙල් අඩුවෙන්ඩ පටන් ගත්තේ 2014 …ප්‍රස්ථාරේ අනුවත් පැහැදිලියි ඒක ..2014 මැද වෙනකොට 50 යි බැරලයක්…. ඒ උනාට ඒ සහනය මහින්දලා ජනතාවට දුන්නද…නෑනේ බං … ඒකෙ සහනය ජනතාවට දුන්නනම් සමහර විට මහින්ද තාමත් රටේ නායකයා ……… මොකද ඒ කාලේ විපක්ෂයට තිබුන ප්‍රධානම සටන් පාටය තමයි “කුස්සියටයි, බඩටයි එක. තෙල් මිල අඩු කලා නම් මේ දෙකටම උත්තර ලැබෙනවා…… ඒ නිසා දැන් ඉතින් ප්‍රස්ථාර දිහා බලාගෙන හුල්ලන්නේ නැතුව 2020 වෙනකල් තම තමන්ගේ වැඩක් බලාගනිල්ලා …මොකද මේ ජනාධිපති පොත්ත නිල්පාට උනාට ඇතුල කොළ පාට.
ඒක ඇත්ත මචෝ එත් ඉතිරිවන හැම දේම කන්න ගිහිං නේ මුන්ට දැන් කෙලවෙලා තියෙන්නේ.
Nobody can talk about price reduction in 2014. There should be a stability in prices to reduce price.Now there is a stability. So prices must be reduced.