ගිය ඡන්දෙන් ගත්ත ලක්‍ෂ 13 එන ඡන්දෙන් ලක්‍ෂ දෙකට වැටෙනවා.. ශ‍්‍රීලනිපය වැලලෙනවා..- දයාසිරි

April 13, 2018 at 10:00 am | lanka C news
ගිය ඡන්දෙන් ගත්ත ලක්‍ෂ 13 එන ඡන්දෙන් ලක්‍ෂ දෙකට වැටෙනවා.. ශ‍්‍රීලනිපය වැලලෙනවා..- දයාසිරි

ජාතික ආණ්ඩුව තුල තව දුරටත් ඉන්නා තරමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මැරි වැලලුනු පක්‍ෂයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂය සමග කකුල් තියාගෙන සිටිනා අයට තව දුරටත් ශ‍්‍රීලනිපය තුල සිටීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවද ඉදිරි මධ්‍යම කාරක සභවෙන් පසු ඔවුනට තීන්දුවක් ගත හැකි යයිද ඔහු කියා සිටී.

මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් පසුගිය මැතිවරණයේදී ලැබුනු ලක්‍ෂ 13ක ඡුන්ද ප‍්‍රමාණය ඊළග මැතිවරණයේදී ලක්‍ෂ දෙකකට තුනකට අඩුවනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පෙරහැර දැන් කනත්තේ ගේට්ටුවෙන් ඇතුළු වී ඇති බවත් එජාපය සමග දේශපාලනිකව වැලලීමට තමන් ඇතුළු කණ්ඩායම කිසිදු සූදානමක් නැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

5 views

5 Comments to “ගිය ඡන්දෙන් ගත්ත ලක්‍ෂ 13 එන ඡන්දෙන් ලක්‍ෂ දෙකට වැටෙනවා.. ශ‍්‍රීලනිපය වැලලෙනවා..- දයාසිරි”

  1. ඇත්ත says:

    ජනාධිපතිවරණවලට ඉදිරිපත්වන හංසයා පක්ෂය ලබාදුන් බොරු පොරොන්දු මොනවාද ?
    (උදා.. ඇමති සංඛ්‍යාව අඩු කරන පොරොන්දුව …).

  2. Nalaka says:

    මේන්න තවත් එක් පිං ඇමතියෙක් සුජාත බව වෙනුවෙන් තප්පුලනව.

  3. Upali says:

    මොවුන්ගේ කතා සහ ක්‍රියා සැක සහිතයි. ගිලිහී යන ලක්ශ 13 වත් රැක ගැනීමේ ප්‍රයත්නයක් විය හැක. එහෙත් මොවුන්ගේ ජරා ඉතිහාසය කියන්නේ ඔවුන්ට බලය සහ පුටු වෙනුවෙන් අද හොඳයි කියනදේ හෙට නරක් වෙනු ඇත. මහින්ද මැති තුමනි, මේ එක් අයෙකුට වත් කිසිම ජන බලයක් නොමැත. ඔබතුමාගෙන් මන්ත්‍රේ වී හෝ පැරදී පත්කල පුටුවෙන් විත් යූ එන් පී එක සමඟ එක් වී අවුරුදු තුනක්ම රට කාබාසිනියා කිරීමට වග කිවයුතු උන්ට ඔබතුමාගෙන් සමාව ලැබේද.

  4. indunil says:

    kaapu bath pathae phareema

  5. අමුඩෙ තදකොරනකොට පෙරහැර ගොහින් හමාරයි ගොයියෝ ඕකවෙන්න තිබුනේ මුලින්ම සිරා උඹලා ඔක්කොම ගොනාට ඇඳුව උඳගේ අවුරුදු 5 ගැටගහගන්න මේවගේ බතකන බූරුවෝ තවමමත් ඉන්නවනේ අම්මපා???

Main News