ගිය ඡන්දෙදි අපට අනතුරු ඇගෙවුවේ අනාගතය දැනට වඩා වේගයෙන් තහවුරු කර දෙන්න කියලයි..

March 29, 2018 at 6:48 pm | lanka C news
ගිය ඡන්දෙදි අපට අනතුරු ඇගෙවුවේ අනාගතය දැනට වඩා වේගයෙන් තහවුරු කර දෙන්න කියලයි..

පසුගිය පලාත්පාලන මැතිවරණයේ දී තරුණයින් රජයට අනතුරු අඟවීමක් කළ බවත් රජ පවුලෙ කුමාරවරුන්ට පමණක් හෙටක් හදන්නවා වෙනුවට සමස්ත තාරුණ්‍යටම හෙටක් සකස් කිරීමත් රැඩිකල් තාරුණ්‍යය නිවැරදි මඟක ගෙනයාම වත්මන් රජයේ අරමුණ බවත් ව්‍යාපෘති කලමණාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නිකවරුටියේ දී පැවැත්වෙන 09 වැනි යොවුන්පුරයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (28) එක්වෙමිනි.

එහි දී අමාත්‍යවරයා මෙසේ ද කීය.

ගම්මාන ඇතුළෙ විශාල සංවර්ධනයක් කරන්න යෞවන සමාජ වල තරුණයින් විශාල වැඩකොටසක් කලා. නායකත්වය දුන්න. ඒ වැඩසටහනෙන් ගමට කෝටියක් වගේම රටට කෝටි ගණනක වැඩක් වුණා. කවුද මේ තරුණය කියන්නෙ. අපි කාලෙන් කාලෙට වෙනස් වන මේ තරුණය ගැන හොදින් තේරුම් ගන්න ඕන. එක්සත් ජාතීන් 2015 දෙසැම්බර් 19 වෙනිද තරුණයා කවුද කියල අර්ථකතනයක් ඉදිරිපත් කලා. ඒ අනුව ඔවුන් කිව්වෙ අවුරුදු 18-29 ත් අතර පිරිස තරුණයා කියල. අපේ යෞවන සමාජ වැඩ පිළිවෙලේදි අපි තරුණයා අර්ථකතනය කරන්නෙ වෙන විදියිට. නමුත් තරුණයා අර්ථ කතනය කල යුතු වෙන්නේ වයසින් නෙමෙයි. තරුණයා අර්ථ කථනය කල යුත්තේ ඒ අයගෙ අදහස් වලින්.

තරුණයා සාමාන්‍යයෙන් රැඩිකල් නැඔරුවක් තියෙන අය. ඒ රැඩිකල් නැඹුරුව නිවැරදි මාවතක ගෙනියන එක තමයි රටක රජයකට තියෙන විශාලම අභියෝගය වෙන්නෙ. ශ්‍රී ලංකාවෙ ප්‍රධානම පෙළේ දේශපාලන විපර්යාසවලට හේතු වුණු දේශපාලන මැතිවරණ හැම එකකදි වගේ තරුණ දායකත්වය කැපී පෙනුණ. 1956,1977,1994 හා ආසන්නම මැතිවරණය වුණු 2015 දිත් තරුණයො සක්‍රීයව තමන්ගෙ දායකත්වය ලබල දුන්න. මැතිවරණ ප්‍රථිපල වලට තරුණ ඡන්ද විශාල වශයෙන් බලපාල තියෙනව කියල නිරීක්ෂණය වෙල තියෙනව. තරුණ දේශපාලන සහභාගිත්වය පිළිබද කතාකලහොත් 1971,1987,1989 තරුණ කැරළි පිළිබද අවධානය යොමුකරන්න වෙල තිබෙනව. ඒ වගේම 30 වසරක යුද්ධයක් තිබුණු රටක් මේක. මේ හැම වෙලාවෙම වැඩියෙන්ම හානියට පත්වුණෙ තරුණ ජීවිත. ඒ වගේම උද්ඝෝසණයක් කලත් ඒ කට මැදිහත් වෙන්නෙ තරුණයො. සමාජ ජාල හරහා හැමවිටම ඉදිරියෙන් ඉන්නෙ තරුණයෝ වගේම ඒවා රජය අවහිර කරනකොටඑයට විරුද්ධවත් ඉදිරියට ආවේ තරුණයො.ඒ වගේම රටේ සංවර්ධනයටත් ක්‍රීඩාවෙදි රටේ ජයග්‍රහණයට අභිමානයට අවශ්‍ය පෙරමුණ ගන්නෙත් තරුණයෝ.

පහුගිය ප්‍රාදේශිය සභා මැතිවරණය ගත්තොත් ඒකෙදි තරුණ අය අපට අනාගතය දැනට වඩා වේගවත්ව තහවුරු කරල දෙන්න කියල රජයට අනතුරු ඇඟෙව්වා. එනිසා රජය තරුණයො ගැන දැනට වඩා අවධානය යොමුකරන්න අවශ්‍ය යුගය උදාවෙල තියෙන්නෙ. තරුණ තරුණියන්ට රටේ අනාගතය ගොඩ නැගීම ගැන රජය දැනටත් වඩා අවධානය යොමුකරන්න අවශ්‍යය කාලය එළබිල තිබෙන්නෙ. රටේ ආර්ථික දියුණුව කියන්නෙ රට දියුණු කරන්න දමන අඩිතාලම. ඒ දියුණුවත් එකක් වෙන වෙනස්වීම් වලට ,අභියෝගවලට අවස්ථාවන් ජයගන්න අවශ්‍ය තරුණ ආකල්ප හා අවස්ථාවන් ගොඩනැගීම අපි ආරම්භ කරන්න ඕන. ඒ යුගය දැන් ඇවිත් තිබෙන්නෙ. එය නොකලොත් ඒ අනාගත දියුණුවට මුහුණ දෙන්න අපිට නොහැකි වෙනවා.

අපේ බලාපොරොත්තුව තරුණයා දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික යන තෙආකාරයෙන්ම බලාත්මක කිරීමයි. ජාති ආගම් කුල පංති පක්ෂ භේදයකින් තොරව තරුණයාට ඔවුන්ගෙ අනාගතය සුරක්ෂිත කරගැනීමට හැකි පරිදි එයට අඩිතාලම දැමීම කෙරෙහි අපි විශේෂයෙන්ම අවධානය යොමුකරල තිබෙනව. අපට ඕන රජ පවුලෙ කුමාරවරුන්ට පමණක් හෙටක් හදනනවා වෙනුවට සමස්ත තාරුණ්‍යටම හෙටක් සකස් කර දීමයි. ඒ වගකීම දැන් තරුණ කටයුතු ඇමතිවරයා විදියට මගේ උරමත පැටවිල තිබෙනව. ඒ වගකීම නොපිරිහෙලා ඉටුකරල සිහින දකින තාරුණ්‍ය වෙනුවට සිහින සැබෑ කරන තාරුණ්‍යක් බිහිකරන්න අවශ්‍ය සෑම දෙයක්ම කරන්න අපි කැපවෙනවා. යැයි අමාත්‍යවරයා පැවසීය.

– දිලංක ගුණතිලක

24 views

8 Comments to “ගිය ඡන්දෙදි අපට අනතුරු ඇගෙවුවේ අනාගතය දැනට වඩා වේගයෙන් තහවුරු කර දෙන්න කියලයි..”

  1. Kolitha says:

    giya chanden anathuru agewwe naha….thanathuru athaharala palayaw kiyala thama kiwwe…..thopi thama baila gahanawa….

    • Amda says:

      කැමති විදියකට හිතාගත්තාවෙ… ඊලඟ චන්දෙදි කියන්නම් අපේ හෙට දවස මොකක් වෙන්න ඕනෙද කියල

  2. Pinto says:

    REAL MODAYA. BETTER GO TO ANGODA

  3. Aurora says:

    පළාත් පාලන චන්දෙ අනතුරු ඇඟවීමක් නොවේ, පුකට පයින් ගැසීමක්. ඒක තේරුම් නොගත්තොත් ඊළඟට කරන්නේ බෙල්ලෙන් අල්ලා දොට්ට දැමීමයි. බොරු තර්ක නොදමා ජනතාවගේ පණිවිඩය නිවැරදිව තේරුම් ගන්න.

  4. ගන්ජ බන්ඩා says:

    සා-ගල බය්ල කියනවා. යකෝ ගිය චන්දෙදි එජාපෙ උන් වත් තොපිට චන්දෙ නුදුන්නෙ තොපේ ලොක්කා රනිලා මහ බැංකු මහ හොරා බව තහවුරැ වෙච්ච නිසය්. ඒක තේරෙන්නෙ නැත්නම් ඊ ලඟ චන්දෙදි ගෙදරම යවනකන් ගන්ජ සුරුට්ටුවක් අැදල බයිල නොකිය අාතල් එකේ හිටපන්.

  5. හිච්චිමහත්තෙයෙ says:

    මෙයැයිල කන්නෙ බත් නෙවි- අමු! තුන් ජාමෙම ගිලදාන්නෙ අමු!

  6. ExUNPer says:

    You are hiding away from the ground realities….and you are creating an imaginary world in the way you want ! How stupid !!!
    This means you are creating your own political grave !
    Congratulations!!!

  7. Sadda says:

    අවුරුදු 3ක් ගිහිල්ලාත් කෙලින් කරගන්න බැරි උනු එක තව අවුරුදු 2 න් කොහොමත් බැහැ. දොට්ට යන්න සූදානම් වෙයල්ලා.

Main News