ගියපාර පඩි ගෙව්වේ සංස්කෘතික අරමුදලෙන් මිලියන සීයක් අරගෙන..- අගමැති

January 6, 2020 at 4:40 pm | lanka C news
ගියපාර පඩි ගෙව්වේ සංස්කෘතික අරමුදලෙන් මිලියන සීයක් අරගෙන..- අගමැති

දහම් පාසල් දරුවන් දහසකට පාසල් උපකරණ කට්ටල බෙදා දීම වීරකැටිය කසාගල විහාරස්ථානයේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.

සුරක්ෂිත හෙටක් දහම් සමාජයක් යන තේමාව යටතේ දහම් අධ්‍යාපනය නගා සිටුවීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කර තිබිණි.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

‘දරුවන්ට ආගමික නැඹුරුවක් ලබා දෙන එක දෙමාපියන්ගේ වගකීමක්. සිංහල බෞද්ධයා හැර අනිත් හැම ආගමක ම තමන්ගේ ආගමට හෝ ආගමට සම්බන්ධ පූජක උතුමන්ට ගරහනවා මම දැකලා නැහැ. මම අහලත් නැහැ. හැබැයි බෞද්ධයා ඒක කරනවා.

පහුගිය මැතිවරණ කාලේ බෞද්ධයෝ යැයි කියන අය අපේ හාමුදුරුවරුන් ට ගරහපු හැටි මහාසංඝ රත්නයට ගරහපු හැටි සහ තෙරුවන් සරණයි කියන එක දෙරුවන් සරණයි ද මොකක්ද කියලා එකක් කිව්වා. එහෙම කියලා ඒවා මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කළා හරිම ආඩම්බරෙන්. හාමුදුරුවරුන්ට ගරහලා බුද්ධාගමට අපහාස කරලා තමන් මහා ආඩම්බරයෙන් ඒවා මාධ්‍ය ලවා ප‍්‍රචාරය කරවීම ලැජ්ජා විය යුතු කාරණයක් කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒක නිසා මේ පිළිබඳව අපි අවධානයෙන් සිටිය යුතු යි.

බෞද්ධයා වේවා වෙනත් ආගමික හෝ වේවා මුස්ලිම් වේවා කිසිම ආගමකට ගරහන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව අපි අපේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි. අද අපිට තියෙන ලොකුම ප‍්‍රශ්නේ තමයි හාමුදුරුවරු පන්සල් වලට නොයෙක් ආධාර ඉල්ල ගෙන සංස්කෘතික අමාත්‍යාංශයට එනවා. ගියපාර පඩි ගෙව්වේ සංස්කෘතික අරමුදලෙන් මිලියන සීයක් අරගෙන. ලේකම්තුමා ඇවිල්ලා මගෙන් අත්සන් අරගෙන ගියා. මම ඇහුවා ඇයි මේ අරමුදලින් ගෙවන්නේ වෙන තැනක් නැද්ද කියලා. පහුගිය කාලේ පඩි ගෙවා ගන්න බැරි තරම් දහස් ගුණයකින් කට්ටිය අරගෙන තියෙනවා කොන්තරාත් පදනම යටතේ. කොන්ත‍්‍රාත්තුව ඉවර උනහම රටට ලොකු ප‍්‍රශ්නයක් ඇති වෙනවා. ඒ රස්සා කරන දරුවන්ටත් ඒක ප‍්‍රශ්නයක්. ඒ වගේ ම රජයටත් මේක ප‍්‍රශ්නයක්.

කොන්තරාත්තුව දුන්නෙ ගෙයක් ගාන ගිහිල්ලා කැන්වසින් කරන්නයි. ඒකට පඩිය ගෙව්වා. දැන් ඉලෙක්ෂන් එක ඉවරයි. කොන්තරාත්තුවත් ඉවරයි. ඔවුන් ගේ රාජකාරිය අවසන් කරලා තියෙනවා. මේක මේ අමාත්‍යංශයට විතරක් නෙවෙයි හැම අමාත්‍යාංශයකම මේ විදිහට පුරවලා තියෙනවා. සල්ලි නාස්ති කරපු හැටි ගැන විනාශ කරපු හැටි ගැන මම කියන්න යන්නේ නැහැ. අවසරයක් නැතිව යම් යම් දේවල් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කණගාටු විය යුතුයි කියලයි විශ්වාස කරන්නෙ.

දේශපාලනය නිසා රාජ්‍ය ආයතන විනාශ කරන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. සංස්කෘතික අරමුදල විතරක් නෙවෙයි සංස්කෘතික දෙපාර්තමේන්තුව බුද්ධ ශාසන අමාත්‍යංශය හෝ විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ.

සද්ධර්ම කීර්ති ශ‍්‍රී විමලසිරි රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් දොලොස් දහස් රට ප‍්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති පරිවෙණාධිපති ශාස්ත‍්‍රපති පූජ්‍ය තලම් පොරුවේ ඉන්දු සුමන නාහිමියන්ද , මැලේසියා බෞද්ධ මහා විහාරාධිපති කොටවිල සිරිධම්ම නා හිමියන් ද, කොත්මලේ පුරාණ රජ මහා විහාරාධිකාරී ශාස්ත‍්‍රපති ඉත්ත දෙමලියේ පඤ්ඤාරතන නාහිමියන්ද, අවස්ථාවට වීරකැටිය මන්ඩාඩුව පුරාණ මහා විහාරාධිපති මාතර හම්බන්තොට දෙපලාතේ ද්වීතික සංඝනායක මාතර කඬේ විදියේ පුණ්‍යජී නායක හිමියන්ද, අමාත්‍ය මහින්ද අමරවීර මහතා , පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා එච් ඩබ්ලිව් ගුණසේන , සෝමවංශ කෝදාගොඩ, අජිත් රාජපක්ෂ යන පලාත් ස මන්ත‍්‍රීවරුන් ද මැලේසියානු විදේශ ආරාධිත අමුත්තන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

– විජයානන්ද හේරත්
අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්,
අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

34,858 Viewers

3 Comments to “ගියපාර පඩි ගෙව්වේ සංස්කෘතික අරමුදලෙන් මිලියන සීයක් අරගෙන..- අගමැති”

  1. Aurora says:

    අගමැතිතුමා කිසි පලක් නැති කතාවක් කියනවා “ඒ සම්බන්ධයෙන් අපි කණගාටු විය යුතුයි කියලයි විශ්වාස කරන්නෙ.” කියල. රටේ AR , FR තියනවා, ඒවා කැඩුවම ඊට එරෙහිව කඩපු එකා සම්බන්ධයෙන් කටයුතු ආකාරයත් ලියලම තියනවා. එහෙම තියෙද්දී නීතියට, ක්‍රමවේදයට පිටින් වැඩ කරපු එකාට එරෙහිව කටයුතු නොකර “ඒ සම්බන්ධයෙන් අපි කණගාටු විය යුතුයි කියලයි විශ්වාස කරන්නෙ.” කියල කියන්න මොකටද ආණ්ඩුවක්. මේ කථා ඇහෙනකොට අපේ පව් තවමත් ගෙවිලා ඉවර නැති බවයි හිතෙන්නේ.

  2. IO.69 Lakhs says:

    මේ පාර පඩිය ගෙදර කණකර හරි විකුණලා ගෙවන එකයි ඇත්තේ..නැත්නම් මිනිස්සු තමුන්නාන්සෙලාගේ ඔළුව කයි, රට සුරපුරයක් කරනවා කියලා පොරොන්දු දීලනේ චන්දේ දිනුවේ.
    දැන් කබ්රාලුත් ඇනගෙනද ?

  3. Notorious says:

    At me article ekata comments natte. Commentators la baya wela wage next month salary gana.. lol..

Main News