ගිය මැතිවරණය පැරදුනේ බැසිල් නිසා නම් ඉදිරි මැතිවරණ දිනන්නෙත් බැසිල් නිසා..- වෙල්ගම

July 23, 2017 at 3:27 am | lanka C news
ගිය මැතිවරණය පැරදුනේ බැසිල් නිසා නම් ඉදිරි මැතිවරණ දිනන්නෙත් බැසිල් නිසා..- වෙල්ගම

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වැඩමුළු 3 ක් ඊයේ කලුතර දිස්ත්‍රික්යේ කලුතර, පානදුර සහ බණ්ඩාරගම යන ආසනවල ඊයේ සෙනසුරාදා සංවිධානය කොට තිබිණි. මේ සඳහා අලුත් පක්ෂයේ ක්‍රියාකාරින් විශාල පිරිසක් සහභාගි වු අතර ඒ සඳහා විශාල කැපවීමක් කරමින් පැරැණි ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයින් පමණක් නොව කල කිරි සිටින වෙනත් පක්ෂවලින්ද පක්ෂ ක්‍රියාකාරින් මේ සඳහා සහභාගි වීම විශේෂත්වයකි.

මෙහිදී මෙම වැඩසටහන් මාලවට සහභාගි වු කලුතර ශ්‍රිලනිප දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පැවසුවේ “එදා ජනවාරි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදුනාම හැමෝම බැන්නේ බැසිල් රාජපක්ෂට, ඔහු මහින්දව පැරද්දුවා කියලා, එදා අපිත් ඒ සඳහා වගකිව යුතු වුවත් ඒ වගකීම තනියම බැසිල් භාරගත්තා. ඒත් මම අද අපේ ජනතාවට කියනවා මේ ජනතා විරෝධී ආණ්ඩුව ගෙදර යවා මහින්දගේ නායකත්වය යටතේ අපේම ආණ්ඩුවක් හදන්නේත් බැසිල්” යයි පැවසිය.

ශ්‍රිලනිප කලුතර දිස්ත්‍රික් නියෝජ්‍ය නායක හිටපු අමාත්‍ය රොහිත අබේගුණවර්ධන ද එවෙනිම කතාවක් පැවසු අතර ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ සභාපති මහාචාර්ය ජි එල් පිරිස් මෙන්ම බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහන් සඳහා සහභාගි විය.

63 views
Main News