ගිය රජයේ පොහොර සහනාධාරය නිසා භූමිය විනාශ වුනා.. අපි පොහොර සහනාධාරය කපා භූමිය බේරාගත්තා…

February 27, 2017 at 3:28 am | lanka C news
ගිය රජයේ පොහොර සහනාධාරය නිසා භූමිය විනාශ වුනා.. අපි පොහොර සහනාධාරය කපා භූමිය බේරාගත්තා…

ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක “වස විසෙන් තොර කෘෂිකාර්මික වැඩසටහන” යටතේ කළුතර දිස්ත්‍රික්කයේ වගා කළ ර්‍”රන් අස්වනු නෙළීමෙි උත්සවය” සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද කළුතර යටදොලවත්ත බෝපිටිය ගම්මානයේ දී සිදු කෙරිනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“වස විසෙන් තොර ආහාර වගා කිරිම පිළිබදව රතන හිමියන් පසුගිය රජය සමයේ දී ද අදහස් පළ කළත් පැවැති රජය එයට එකඟ වුයේ නැහැ. එම රජයේ පාලකයින්ට දැක්ම් තිබුනේ නැහැ. පොත පතේ තිබූ දේවල් පමණයි ඉටු කළේ. රටට ඔරොත්තු දෙන රජයක් බිහි කිරිමට මුලින්ම සාකචිඡා පැවැත්වූයේ මමත්, අතුරලියේ රතන හිමියනුත් එකතුවයි. අපි දෙදෙනා තරුණ වයසේ සිටම හොද මිතුරන්. මගේ පුතා චතුර සේනාරත්න මහතා සමග ද රතන හිමියන් සමගිව වැඩ කළා. රතන හිමියනුත් අපිත් අතර මතභේද තිබුනත් රජය බිහි කිරීමට ඒවා බාධාවක් වූයේ නැහැ. වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන ලද්දේ සියළුම දේශපාලන පක්ෂ, ස්ෙවිචිඡා සංවිධාන නියෝජිතයින් එකතුවයි. ප්‍රතිපත්ති ප්‍රකාශණය තනි පක්ෂයක් විසින් හැදුවෙි නැහැ. ප්‍රකාශණය හදනවිට මටත්, ජනාධිපතිවරයාටත් පක්ෂයක් තිබුනේ නැහැ. අපි හිටියේ ගන්ධබිබ අවධියේ. අද රූපවාහිනී වැඩසටහනකට ගියත් මගෙන් පක්ෂය ගැන අහනවා. මම කියන්නේ මම ආණ්ඩු පක්ෂයේ කියලයි.

පසුගිය රජයේ පොහොර සහනාධාරය නිසා මෙම භූමිය මෙන්ම ගොවි බිම් විනාශයට පත් වුනා. වස විෂ සහිත පොහොර ඉතාම අඩු මුදලකට ගෙනවිත් ගොවීන්ට ඛෙදා දුන්නා. මුදල විතරයි බැලුෙවි. විෂ රසායනික ද්‍රව්‍ය එම පොහොරවල අඩංගු වී තිබුනා. වත්මන් රජය පොහොර සහනාධාරය නතර කළ පසු ලොකු විරෝධයක් මතු වුනා. ඇතැම් වෙමි පක්ෂ රසායනික පොහොර ඉල්ලා ගොවීන් පාරට බැස්සුවා. නමුත් අද විනවිට ගොවීන් එය තේරුම්ගෙන රසායනික පොහොර ඉල්ලන්නේ නැහැ. කාබනික පොහොරවලට පුරුදු වෙනවා. වස විසෙන් තොර කෘෂිකාර්මික වැඩසටහන යටතේ අක්කර 55,000 ක් වගා කරනවා. වියළි කළාපයේ ගොවිතැන තෙත් කළාපයට ගෙනඒමත් එහි අරමුණක්. වසවිසෙන් තොර එළවලු සහ පළතුරු යුරෝපා රටවල හරිම ජනප්‍රියයි. පොහොර සහ කෘෂි රසායන ආනයනය කිරිම සදහා වසරකට රුපියල් බිලියන 80 ක් අවැය කරනවා. වස විසෙන් තොර එළවලු සහ පළතුරු ශ්‍රී ලංකාවෙි නිෂ්පාදනය කර යුරෝපා වෙළෙද පොලට අපනයනය කිරීමෙන් එම මුදල අවම කර ගත හැකියි.

දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කළා. එහිදී දුම්කොළ සමාගම ප්‍රකාශ කළා ගොවීන් 35,000 කගේ ජිවනෝපාය අහිමි වන බව. ඒ කිසිවක් මෙතෙක් සිදු වුයේ නැහැ. අපි බය නැතිව එම තීරණය ක්‍රියාත්මක කළා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග මිල අඩු කිරීමෙි වැඩපිළිවෙලත් බව නැතිව ක්‍රියාත්මක කළා. අක්ෂි කාච මිල අඩු කිරීම සහ ස්ටෙන්ස් නොමිලේ ලබාදීම හේතුවෙන් රෝගීන්ගේ පොලිම වැඩිවී තිඛෙනවා. එය ඉදිරි මාස 06 තුල දී අවම කිරිමට මම බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය ජනතාවට සහන රැසක් ලබාදී තිඛෙනවා. සහල් මිල මෙි වනවිට අඩු වී තිඛෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මට දැනුම් දුන්නා දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති අඛණ්ඩව සිදු කිරීමෙන් ඉදිරි කාලයේ දී ලොව හොදම සෞඛ්‍ය සේවාව් පවතින රටවල් 05 අතරට ශ්‍රී ලංකාවටත් එන්න පුළුවන් කියලා.

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් තනියෙන් ස්වාධීීන වෙන්න හදනවා. තනියෙන් කාටවත් ස්වාධීන වෙන්න බැහැ. ඊට අපි ඉඩ දෙන්නෙත් නැහැ. රජය ලබාදුන් පොරොන්දු ඉටු කර ගැනීමෙි සටන අපි ජය ගත යුතුයි. පැවැති රජය පෙරළන හැටි කියලා දුන්නෙත් රතන හිමියන්. වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය ගැන කියලා දෙන්නෙත් රතන හිමියන්. උන් වහන්සේ ගුරුවරයෙක් වගේ.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

4,776 Viewers

4 Comments to “ගිය රජයේ පොහොර සහනාධාරය නිසා භූමිය විනාශ වුනා.. අපි පොහොර සහනාධාරය කපා භූමිය බේරාගත්තා…”

  1. Siraa says:

    Ithin puthaa pissu kelinne nethiwa indhiyida? Moda minissu mooge passe yanawa

  2. mawubima_perata says:

    අනේ අපේ මන්ත්රීෑ හාමුදුරුවොනේ, ඇමැතිතුමෝ 350/= පොහොර දාලා හදන වස විස හාල් කන්න බැරි නිසා බැසිල්ලා එළවලා ඔබ වහන්සේලාගේ බණ පිළිගෙන අපිත් ජන්දෙ දුන්නා.අපේ ගොයියො වස විසෙන් තොරව වපුරලා ගත්ත හාල් ටික සත්තුන්ට කෑම උනා කියලා පත්තරේ, ටීවී එකේ කීවා.අපේ ඉතුරු හාල් ටික ගබඩා වල හිර කරගෙනලු.පිටරටින් ගෙනපු අඩු මිළට ගන්න හැකි හාල් ටික ගන්න සතොසෙ පෝලිමේ මිනිස්සු පොර කනවා.ඒ හාල් ගන්න මොන වස විස දාලද දන්නෙ නෑ. කාපු වෙලාවෙ ඉඳන් බඩ දනවා.නොකාත් බෑ.අපේ හාල් කන්න අපි පින් කරල නෑනේ සත්තු පින් කලාට.ගිය ආණ්ඩුව කාලෙ කුඹුරු වලට දැම්ම වස විස අපි දැක්කා. ඒත් අපි ඒ හාල් කෑව.බඩ දෑවෙ නෑ.ඒත් රටින් ගේන හාල් වලට දාන ජහ ජරාව අපි දන්නෙවත් නෑ.සත්භාවයෙන් මේ වැඩ කලාට යම් වැඩ පිළිවෙලක් නැතිව මේවා කලාට වැඩක් නෑ

  3. YAMA DUTHA says:

    CRABES ARE PLYING IN THE WATER UNTIL BOILED WATER BOILED AT HIGH

  4. Champa says:

    වස විෂ නැති ආහාර මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් කොච්චර හොඳද? හැබැයි ආණ්ඩුව කලේ ඒක නෙමෙයිනේ. ආණ්ඩුව එකපාරට මිනිස්සුන්ට දීලා තිබුන පොහොර සහනාධාරේ නැවැත්තුවා. මිනිස්සුන්ව මහපාරට බැස්සුවා. දැන් මම දන්නේ නැහැ, ඉස්සෙල්ල ආණ්ඩුවට ක්‍රමවත් වැඩ පිළිවෙලක් තිබුනේ නැහැ. ගොවීන්ව අධෛර්යමත් කළා. මිනිස්සු දැන් පොහොර සහාධාරේ ඉල්ලන්නේ නැත්තේ වී ගොවියෝ හුඟ දෙනෙක් වී වගාව නතර කරපු නිසා. ආණ්ඩුවට තිබුනේ රසායන පොහොර සහනාධාරය වෙනුවෙට කාබනික පොහොර සහනාධාරයක් දෙනවා කියලා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඉස්සෙල්ල.

    අපිට තියෙන්නේ හුඟක් සරුසාර පොළොවක්. ඒක ලොකු සම්පතක්. කාබනික බෝග වගාව (organic farming) හුඟක් හොඳ දෙයක්. මමත් හරිම කැමතියි. අපේ රටට ගැලපෙන්නේ මොනවාද කියලා අඳුර ගත්ත එක හොඳයි. කෘෂිකර්මය, වී වගාව, භෝග වගාව වගේ අපේ අදහස් වලටත් සමීප මේ වගේ දේවලට අපි දෙපාරක් නොහිතා සහයෝගය දෙනවා. හරි පිළිවෙලකට කරනවා නම් වටිනාකම කියල නිම කරන්න බැරි සංකල්පයක්.

Main News