ගිය රජයේ සියළු දුෂණ වංචා තොරතුරු තවත් මාස කිහිපයකින් රටටම හෙලි කරනවා..

April 8, 2017 at 6:48 pm | lanka C news
ගිය රජයේ සියළු දුෂණ වංචා තොරතුරු තවත් මාස කිහිපයකින් රටටම හෙලි කරනවා..

පසුගිය රජය විසින් සිදු කළ මනුෂය ඝාතන, දුෂණ හා වංචා පිළිබද සියළු තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එම හෙළිදරවිවෙන් පසු එකාබද්ධ විපක්ෂයේ ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. ලබන මැයි මස පළවනිදා ගෝල්ෆේස් පිටියට පැමිණීමෙන් පසු රාජ්‍ය ආයතන වටලන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ගාලුමුවදොර පිටිය ආසන්නයේ මාර්ග රැසක් ඇති බැවින් එවා වැටලීමට හැකියාවක් ඇති බවයි. ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන අයුරින් ජනතාව එයට සහභාගි නොවනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

කැබැතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය අද (08) පස්වරුවෙි විවෘත කිරීමෙන් පසු මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව සදහන් කළේය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ (07) ඉදිරිපත් කළ යෝජනා 04 රජයේ යෝජනා බවත්, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව එම යෝජනා ක්‍රීයාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

36 views

17 Comments to “ගිය රජයේ සියළු දුෂණ වංචා තොරතුරු තවත් මාස කිහිපයකින් රටටම හෙලි කරනවා..”

  1. Saradiel says:

    ඔබ ගිය රජයේ ඇමතිවරයෙක් නේද ? ඔබ කල වංචා දුෂණ ගැනද හෙළි කරන්නේ ?
    ඒගැන අපේ රටේ පෙර පාසල් ළමයි පවා දන්නවා
    උගුරට හොරා බෙහෙත් බොනවා වගෙයි ලැජ්ජයි කැතයි ඇමතිතුමෝ

  2. gon thadiya says:

    Chatura ube puthada, uba uge puthada kiyala hitha ganna ba appa…….

  3. kamalsiri kuruwita says:

    චන්දෙ කිට්ටුකල්ල වෙන්ටැ ? ආයෙ රත්තරන් අශ්වයෝ , ලම්බෝගිනි , ඇමෙරිකාවේ බකිංහම් එක ආදීය වගේ අලුත්ම ජාතියේ තව බේගල් කතන්දර ගොන්නක් එළිදකියි වගේ .මීහරක් ටිකකට ආයෙත් චුන්වෙන්න පුළුවන්. ළමයෝ ඇයි දැන් කිව්වොත් වස් වදිනවද

  4. love nature says:

    මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 02ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගෙන දූෂිත ලෙස තමන් සතු කර ගත්තේ යැයි 2015 මාර්තු 03 දා ජාතික නිදහස් පෙරමුණ විසින් කැබිනට් ප‍්‍රකාශක රාජිත එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

  5. Karu says:

    තජුඩීන් ඝාතනය මෙයා කළේ.මේන් සාක්කි.ඇවන්ගාඩ් මහා හොරකමක්. ඕන් සාක්කි. බිලියන දහ අට කරේ තියාගෙන ගියා.ආන් (පුතා ළඟ ) සාක්කි. ඉන්නකො ඉතින් මෙයා, මම මේ මේකප් එක දාගන්න කල් ඒව එළියට දාන්න..

  6. Nandasoma says:

    බොහොම හොඳ දෙයක් හැබැයි එයට ඔබත් අනිවාර්යෙන්ම ඇතුලත් වියයුතුයි මොකද ඔබ ධිවර අමාත්‍යාංශයේ සිටපුකාලේ ගසපු දේවල්ද මෙයට අනිවාර්යෙන්ම ඇතුලත්විය යුතුමයි. මක්නිසාද එම අමාත්‍යාංශයේ සුළු සේවකයෝ පවා හොඳා කාරව එය දන්නා දෙයක් ඔබ සුළු වෙළෙන්දන්ගෙන්ද අල්ලස් ගන්නා බව.ඉතින් කරුණාකර ඔබගේ නම පමණක් නොමැතිවනම් එක වචනයක්වත් මේ සම්බන්දව කථා නොකරන්න. මහින්ද මැතිතුමා කරපු මහාමා ගොන්කමනම් මෙවැනි අසත්පුරුෂයන්ව නියපොත්තෙන් කඩා නොදැමීම.එම නිසායි මේ ආකාරයෙන් නොකරපු දේවලටද පවු ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ.

  7. වතුරුගම අප්පුහාමිගෙ මුණුපුරා says:

    ඔව් අප්ප පළාත් සභා ඡන්දෙට මොනවහරි එපැයි. .

Main News