ගිය සතියේ පමණක් රුපියල බාල්දුවෙන් ණය බර රුපියල් බිලියන 34කින් ඉහලට… ශ‍්‍රී ලංකාව අධිවේගයෙන් ආර්ථික වල පල්ලට..

September 8, 2018 at 12:40 pm | lanka C news
ගිය සතියේ පමණක් රුපියල බාල්දුවෙන් ණය බර රුපියල් බිලියන 34කින් ඉහලට… ශ‍්‍රී ලංකාව අධිවේගයෙන් ආර්ථික වල පල්ලට..

පසුගිය සතිය තුල පමණක් රුපියල අවප‍්‍රමණය වීමෙන් මෙරට ණය බර රුපියල් බිලියන 34කින් ඉහල ගොස් ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

එම මුදල කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමට වැය වූ මුදලට වඩා වැඩි මුදලක් යයිද ඔහු කියයි.

ඩොලරය එක රුපියලකින් ඉහල ගියහොත් මෙරට ණය බර රුපියල් බිලියන 34කින් ඉහල යන බවද ඒ මහතා පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව පත් වූ 2015 වසරේ සිට මේ දක්වා කාලයේදී රුපියල ඩොලරය හමුවේ රුපියල් 34කින් අවප‍්‍රමණය වී ඇති බවත් පසුගිය මහින්ද රාජපක්‍ෂ යුගයේ වසර 09ක කාලය පුරාම රුපියල අවප‍්‍රමාණය වී ඇත්තේ රුපියල් 25කින් යයිද ඔහු තව දුරටත් පෙන්වා දෙවි.

50 views

4 Comments to “ගිය සතියේ පමණක් රුපියල බාල්දුවෙන් ණය බර රුපියල් බිලියන 34කින් ඉහලට… ශ‍්‍රී ලංකාව අධිවේගයෙන් ආර්ථික වල පල්ලට..”

  1. මෙහෙ විතරක් නෙමෙයි ඉංදියාවෙත් වැටිලලු…තව වැටෙන්න තියෙන්නෙ තිරසර යහපාලගෙ අමුඩෙයි…වික්කමසිංහගෙ ජංගියයි විතරයි…

  2. Rupa says:

    ” මේ තරම් සියුමැලිද කලුගල් ……” යනුවෙන් ගැයුනු ගායනාව අපි ආදරයෙන් රස වින්ඳා . නමුත් මොනවද එතන කියන්නේ කියල තේරුම් ගත්තාදා කී දෙනෙක්. එ වගේමයි රුපියල අගය පහල යන එක රටට හොඳයි කියන ආර්ටික විසේශන්ගයින් රජයේ ඉන්න රටක අපිට කවදාවත් යතාර්තය තේරුම් ගත හැකිද. රුපියල බාල්දු වීම රටේ දල දේශීය නිශ්පාඅදනය අඩු වීම නිසා සිදුවෙන බව මේ සොරදෙටු නායකයින් දන්නවා ඇති. 2015 රට උන් ගන්න විට තිබූ තත්වය වත් අද තියනවාද. ඔවුන් එය ඔබෙන් වසන් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වසා ගැනීමේ අමන කුහක චේතනාවක් තියාගෙනයි. එහෙත් මැතිවරන තව කුමන තරමකට කල් දමමින් උන් අපේ රට තවතවත් උගුලක සිර කරමින් සිටිනු ඇත. ඔවුන්ට නිසි උත්තරය දීමට ජනතාව ඉක්මන් මැතිවරනයක් ඉල්ලා සිටිය යුතුය. එවිට මේ දේශද්රෝහීන් පලවා හැර ඔවුන් තමන්ගේ කැමෙත්තෙන් නායකයෙක් තෝරා ගන්නවා ඇත. ඒ නායකයාටත් මේ මුන් රැල අටවා තිබෙන උගුලෙන් රට බේරා ගෙන 2015 තිබුනු තත්වයට හෝ යාමට කාලයක් ගත වෙනු ඇත. මෙය අර 62 ලක්ශයේ “අපි කැපුවත් කොල” කියන අමනයින් හැර මද්‍යස්ත ජනතාවට සිතීමට අවස්තාවක්.

    • sara says:

      රුපා අක්කේ, ඔයාගෙ කොමෙන්ට් එක බලල මට හිතුනා සින්දුවක් කියන්න. ‘මේ තරම් මැටි වෙයිද හැට දෙක . …. .’

  3. sunimal says:

    කෝට්ටේ දොන් ජුවන් නැවත ඉපදීම

Main News