ගිය සතියේ පමණක් රුපියල 1.58%කින් බාල්දුයි.. එම දිනවලදී පමණක් ණය බර බිලියන 47කින් නගී..

April 30, 2018 at 12:00 pm | lanka C news
ගිය සතියේ පමණක් රුපියල 1.58%කින් බාල්දුයි.. එම දිනවලදී පමණක් ණය බර බිලියන 47කින් නගී..

ඩොලරය හමුවේ රුපියල බාල්දු වීම නිසා පසුගිය දින කිහිපයේදී පමණක් මෙරට නය බර රුපියල් බිලියන 47කින් පමණ ඉහල ගොස් ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවඩි කබ්රාල් මහතා පවසයි.

ගිය සතිය තුලදී පමණක් ඩොලරය හමුවේ රුපියල 1.58%කින් අවප‍්‍රමාණය වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමට වැය වූයේ රුපියල් බිලියන 48ක්, මත්තල ගුවන් තොටුපලට බිලියන 30ක්, 2014 වසරේදී සමෘද්ධි හා පොහොර සහනාධාරය වෙනුවෙන් වැය වූයේ බිලියන 47ක් බවත් ඔහු සදහන් කරයි.

දින දෙක තුනකදී රටේ ණය බර බිලියන 47කින් ඉහල යාම බරපතල තත්වයක් යයිද ඔහු කියා සිටී.

වත්මන් ආණ්ඩුව සීඝ‍්‍රයෙන් රට කාබාසිනියා කරමින් සිටින ආකාරය මෙයින් පැහැදිලි වන බවත් ඔහු තව දුරටත් සදහන් කරයි.

126 views
Main News