ගිරිතලේ අභයභූමියේ අක්කර 250ක් එලි පෙහෙලි කරයි..

October 1, 2020 at 6:45 pm | lanka C news
ගිරිතලේ අභයභූමියේ අක්කර 250ක් එලි පෙහෙලි කරයි..

ඇලහැර ගිරිතලය අභයභූමිය ප්‍රදේශයේ අක්කර 250 ක් පමණ වන ප්‍රදේශයක සිදුකර ඇති පරිසර හානිය වහා නතර කිරීමට කටයුතු කරන්නැයි අමාත්‍ය සී බී රත්නායක මහතා විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

අදාල පරිසර හානිය ගැන සම්පූර්ණ වාර්තාවක් තමනට ලබාදෙන ලෙසද ඇමතිවරයා දන්වා ඇත.

වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ මෙම අභය භූමි ප්‍රදේශයේ අක්කර 250 පමණ ප්‍රදෙශයක් ම එළිපෙහෙළි කර ඩෝසර් යොදා මාර්ග පවා සකස් කර ඇති බවයි.

අමාත්‍යවරයා විසින් මෙම පරිසර හානිය නිරීක්ෂණය කිරීමෙන් පසු වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දී ඇත.

20,136 views

9 Comments to “ගිරිතලේ අභයභූමියේ අක්කර 250ක් එලි පෙහෙලි කරයි..”

  1. gamarala says:

    ඇලහැර ගිරිතලය පොලිසිය තවමත් නිදිද? ලැජ්ජයි

    • ශිරාන් says:

      පිස්සුද. මේවා බොරු කතා. ජනාධිපතිතුමා කිව්වේ මේවා බොරු කියලා

  2. Sura says:

    ජනාධිපතිතුමනි, ඔබලාට ඡන්දෙ දීල එවුවේ මේ නොපනත්කම් අහන්න නෙමෙයි.
    වහාම මේ අමනයන් ට මතක හිටින පාඩමකි ඉගැන්විය යුතු ම යි.
    නැතිනම් ඇගිල්ල දික්වෙන්නේ ඔබතුමා වෙතටයි.

    • yuwan says:

      ජනධිපතිතුමා පැහැදිලිවම කිව්වා කොහේවත් වනාන්තර කපන්නෙ නෑ. බොරුවට වාර්තා කරනවා. අපි ජනදිපතිතුමාව විස්වාස කරමු

  3. kamal says:

    වාර්තාවක් ඉල්ලපු එක හොදයි. වාර්තාව හම්බ වුනාම ඔක්කොම හරි.

  4. මොන්ටිසෝරි ටීචර් says:

    තියන කැලෑ සියල්ල කපා දමලා, ඒවා ෆාරම් කරලා, ෆැක්ටරි දාලා ලෑස්ති කරලා තියන්න ඕන ඒම් සි සි අත්සන් කරනවා නම්. දැන් වෙන්නේ එකට අවශ්‍ය මූලික අඩිතාලම දාන එක. නැත්නම් ගිවිසුම අත්සන් කරලා ඇමරිකන් කාරයා ඕක ගත්තට පස්සේ කියට වත් කරන්න වෙන්නේ නැහැ. මිනිස්සු කෑ ගහනවා. මේ හැම දෙයක්ම වෙන්නේ ජනාධිපති ගේ අනු දැනුම ඇතුව. බොරුවට මෙතන පොළොවේ හැපිලා වැඩක් නැහැ. දැනටමත් පරක්කුයි. බරිවෙල හරි විස්ස සම්මත උනොත් අපිට මේ නිවුස් එකක් වත් දකින්න වෙන්නේ නැහැ. රටේ ණය බර අඩු වෙනකොට මේක ඉන්න හිටින්න බැරි කාන්තාරය ක් වෙයි. ණය වෙලා හරි කන්න බොන්න නැතුව හරි අපේ රටේ වනාන්තර සහ වන සතුන් අර්ක්ෂා කිරීම අපිට ඉතා වැදගත් කියලා පාලකයන්ට නොතේරෙන එක ඉතාමත් කණගාටුදායකයි.

  5. kukul kuruwita says:

    දැව ආශ‍්‍රිත කර්මාන්ත ප‍්‍රවර්ධනයට සැලසුම්.. දැව කදන් අඩු මිලට..

  6. Rony says:

    අපේ ලමයින්ට අනාගතයේදී කාන්තාරයක් දැක ගැනීමේ අවස්ථාවක් උදා වෙයි. මන්ද කාන්තාරයක් දැක ගැනීම සඳහා හැමෝටම අරාබි දේශයට යෑම සඳහා වියදම් කිරීමට නොහැකි නිසාය.

Main News