ගිවිසුම්ගත වූ ඇමති ධුර ප‍්‍රමාණය නොලැබුණේ යයි ශ‍්‍රීලනිපය නොසතුටින්.. ජනපති සමග සාකච්චාවක්..

November 27, 2019 at 11:20 am | lanka C news
ගිවිසුම්ගත වූ ඇමති ධුර ප‍්‍රමාණය නොලැබුණේ යයි ශ‍්‍රීලනිපය නොසතුටින්.. ජනපති සමග සාකච්චාවක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන අතර ගිවිසුම අත්සන් කළ ආකාරයට කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ඇමති ධුර නොලෙැබුනේ යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉල්ලීමක් කර තිබේ.

පක්ෂ දෙක අතර අත්සන් කළ ගිවිසුම අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් ඇමතිධුර 4ක් ලබා දීමට නියමිතව තිබූ බවද එම පක්ෂය කියාසිටී.

නමුත් කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

0 views

46 Comments to “ගිවිසුම්ගත වූ ඇමති ධුර ප‍්‍රමාණය නොලැබුණේ යයි ශ‍්‍රීලනිපය නොසතුටින්.. ජනපති සමග සාකච්චාවක්..”

  1. නිමල් says:

    වරප්‍රසාද අඩු කලොත් ඔය එකෙක්වත් නැහැ

  2. බන්ඩා says:

    මාස හතරෙ ඇමතිලාට ටාගට් දීල ඒවා ප්‍රසිද්ධ කල යුතුය්. ජනතාව වැඩ බැරි උක් මැතිවරණෙදි ගෙදර යැවිය යුතුය්.

  3. Ananda says:

    මේ වතාවේ ඔවුන්ට හොද පාඩමක් උගැන්විය යුතුයි . අපි රට හදන්න මහන්සි උනාට ඔය කාලකන්නි ටික තමා රටට වින කරන්නේ. ජරා ජාතිය

  4. හෙලයා gg says:

    ජනතාව ගෝඨා ජනාධිපති කලේ ඔහු ජාතිගත්වය අගයන වැඩකාරයෙක් නිසය්. පොහොට්ටු උනත් ශ්‍රිලනිප උනත් ඇමතිකම් ගත්ත අයට ජනාධිපති බාර දෙන වැඩ සාර්ථකව නිම කර පෙන්නන්න බැරි නම් ලඟ එන චන්දෙදි ඔවුන් පැන්ෂන් යවමු.

  5. Sama says:

    Bloody selfish, opportunistic culprits, if they push Gota to that point , then he should revel the reasons of giving them the positions to the public. Then people should know what to do with such bastards at the next election

  6. Aurora says:

    අපි රටක් විධියට බරපතළ උගුලක අහුවෙලා ඉන්න බවයි මේ 34/3 ලැයිස්තුව දැක්කම හිතෙන්නේ. ජනාධිපතිතුමා අදහස් කරපු පුංචි කැබිනට් එක ස්ථාපිත කරන්න අපට කරන්න පුළුවන් උදව්ව තමයි මේ සෙට් එක ළඟ එන මැතිවරණෙන් ගෙදර යවන එක. ඒ සඳහා අද සිටම අධිෂ්ඨාන කරගනිමු. ජනාධිපති බලතල අඩුකරලා මෝඩ සිරිසේන රට මහා අවුලක දාල තියෙන්නේ. ඒ අවුලෙන් රට නිදහස් කරන්න කිසි දිනක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැමති නැහැ, මේ ක්‍රමය උන්ට රට සුරකන්න ලැයිසන් දෙනවා. ඒ නිසා පරමාධිපත්‍ය හිමි ජනතාවගේ කැමැත්තෙන් නැවතත් ජනාධිපති බලතල ස්ථාපිත කරලා මේ මජර ක්‍රමය නැතිකරන්න ඕන. ඒ එක්කම ජාතික ආණ්ඩු වංචාව නැතිකරලා කැබිනට් ඇමති 25 සහ නියෝජ්‍ය ඇමති 25 ලෙස ජනවරමින් ඇමති සංඛ්‍යාව ස්ථාපිත කල යුතුය. නැත්නම් රට ඉවරයි.

  7. Ex SLFP says:

    තොපිට ඔය තනතුරු දෙක දීපු එකත් අපරාධයක්…ඕකත් ආපහු ගන්නයි තියෙන්නෙ.. මහ මැතිවරනයෙදි තොපිට චන්ද නෑ කියල දැන ගත්තහම තොපිට යන්න තැනක් දැං තියා හොයා ගනියව්…

  8. David Milli-banda says:

    May bala thanahawen inna Mala Perethayoooooooooooooooooooooo.

    Mung ratata sevayak karanna nemei ………… Gota ta wedak karanna denneth nehe. Oluwa kanna hadanawa.

  9. බය්යා says:

    ලබන පාර්ලිමේන්තු මැතිවරණයට එක දිස්ත්‍රික්කයකින් අඩුම වශයෙන් අටදෙනෙකුට වඩා ඔබ සුදුසුයි සලකන උගත් බුධිමත් අවංක පිරිස් චන්දයට ඉදිරිපත්කර ඒ පිළිබද චන්ද දායකයා දනුවත් කරන්න. ලක්ෂ 69 යක් ඔබව විශ්වාශ කර චන්දය දුන්න සේ එම පිරිස් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එවනවා. ඔබට දැන් පාර්ලිමේන්තුව පවත්වා ගැනීම සදහා දොළ පිදේනි දෙන්න වෙලාතියන යක්ෂයන්ගෙන් බේරීමේ එකම මග එයයි.

  10. Nandasoma Suriyaarachchi says:

    ශ්‍රී ල නි ප යේ අවසානයේ ඉතිරි වූයේ ඇමතිකම් වලට කෑදරයෙන් අවසන් මොහොත දක්වා යහපාලන ආණ්ඩුවේ ලැග සිටි මල පෙරේතයන් කිහිප දෙනෙක් පමණකි……!

    උන් නියත පරාජය දැක පොහොට්ටුවට එක් වූවා මිස රටේ අනාගත යහපත ගැන උන්ට වැඩක් නැත…..!!

    කෙසේ වුවද, ලබා දුන් ඇමතිකම් ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. දුමින්ද දිසානායක වැනි රාජ්‍ය දේපල අවභාවිත කළ අයකුට ඇමති කමක් දීම පනින රිලවාට ඉනිමං තැබීමක් නොවීමට වග බලා ගත යුතුය…..!!!

    පක්ෂයේ ඉහලම නායකයන්ද පොහොට්ටුවට සහාය දුන්නේද නැත….!!!!

Main News