ගිසවිසුමට සංශෝධනයක්.. හම්බන්තොට වරාය චීනයට දෙන්න ශ‍්‍රීලනිපයත් එකග වේ..

February 20, 2017 at 6:48 pm | lanka C news
ගිසවිසුමට සංශෝධනයක්.. හම්බන්තොට වරාය චීනයට දෙන්න ශ‍්‍රීලනිපයත් එකග වේ..

චීන සමාගමකට හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුම සංශෝධනය කරන ලද බව ඇමති සරත් අමුණුගම මහතා පවසයි.

මහනුවරදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ 70%ක් චීනයට හා 30%ක් ශ‍්‍රී ලංකාවට ලෙස මෙම ගිවිසුම සංශෝධනය කර ඇති බවයි.

කෙසේ වෙතත් 99 අවුරුදු බදු පදනම වෙනස් වී ඇතිද නැතිද යන්න ඇමතිවරයා එහිදී සදහන් කලේ නැත. එමෙන්ම ඒ සමග ලබා දෙන ඉඩම් අක්කර 15000 සම්බන්ධයෙන්ද ඔහු කිසිත් සදහන් නොකලේය. කොළඹ සිටින චීන තානාපතිවරයා පසුගිය සතියේ කොළඹදී පැවති උත්සවයකදී දඩිව අවධාරණය කරනු ලැබුවේ එම ඉඩම් ප‍්‍රමාණය අත්‍යවශ්‍ය බවයි.

හම්බන්තොට වරාය චීනයට පැවරීමට මුදිල් ශ‍්‍රීලනිපය යම් විරෝධයක් දැක්වුවද ඇමති සරත් අමුණුගම ශ‍්‍රීලනිපය හා ජනාධිපතිවරයා වෙනුවෙන් වරාය සම්බන්ධ ගිවිසුම සලකා බැලීමට පත් කරන ලද කමිටුව නියෝජනය කරයි.

14 views

10 Comments to “ගිසවිසුමට සංශෝධනයක්.. හම්බන්තොට වරාය චීනයට දෙන්න ශ‍්‍රීලනිපයත් එකග වේ..”

  1. Salmal says:

    අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

    • මහනුවර දිසානායක says:

      Born: July 10, 1939 (age 77 years) මේ සරත් අමුණුගම අමාත්‍යවරයාගේ උපන්දිනය සහ වයසයි. මේ වනවිට 77 වන වියේ පසුවන පුද්ගලයෙකි සරත් අමුණුගම ඇමතිවරයා. එයාට හම්බන්තොට වරාය අවුරුදු 99 දුන්නත් එකයි. අවුරුදු 5 කට දුන්නත් එකයි ඒයාට රටට වන හානිය දකින්න එයා ජීවත්වන්නේ නැහ. ඒත් මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් මෙවෙනි වයෝවෘද්ධ දේශපාලන අවස්ථාවදින්ට ඇයි තීරණ ගන්න දෙන්නෙ,

    • alaya says:

      රනිල්ට 67 යි, සිරිසේනට 65 යි, චන්ද්‍රිකාට 70 යි, මහින්දට 70 යි, මලික් ට 67 යි ලංකාවේ උපරිම ආයුෂ අනුව … මුන් හැම එකෙක්ම තව උපරිම 5 යි ඉන්ඩ පුළුවන් …. නාකි හුටන් ල උනාට ..බණක් දහමක් අහල….පිනක් කරගෙන පන්සල් වලට වෙලා ඉන්ඩ ඕනේ කාලේ . මේ අවුරුදු 5 වෙනුවෙන් මුන්ට තියෙන ලෝභය, මෝහය සහ තණ්හාව වෙනුවෙන් රටක් වලපල්ලට යවන හැටි බලාපල්ලා …

  2. Champa says:

    මැදෑ,උගතෙක් කියලා හිතා ගෙන මුදල් නියෝජ්‍ය ඇමැතිකමට සුදුසුයි කියලා හිතුවා. හොඳ වෙලාවට මේක කිව්වේ. රටට ආදරයක් නැති, රටේ සම්පත් ගැන අගයක් නැති උගතෙක් රටටත් බරක්.

    උඩින් බලාලා මිනිස්සුන්ව තෝරා ගන්න බැහැ කියන කතාව ඇත්ත. මම අමුණුගම හොඳයි කියපු කිසි වෙලාවක එක ගංකබරයෙක්වත් එක නිලමැස්සෙක්වත් මට attack කරන්න ආවේ නැති හේතුව දැන් තමයි තේරෙන්නේ. අමුණුගමත් කාගේ හරි contract එකක් අරන් වගේ. මම නම් දන්නවා පිටිපැස්සේ තියන කතාව.

    සියයට 80ක් දුන්නත් එකයි සියයට 70ක් දුන්නත් එකයි. කාලසීමාව ගැන කතා කරන්නේ නැත්තේ ආපහු 99 X 2 වෙන්නැති. චීනා දීපු කොමිස් ආපහු ඉල්ලනවා ඇති. 2014 ගහපු Agreement එක අනුව දැන් වැඩ කරන්න බැරි ඇයි කියලා තමයි චීනෙන් අහන්න ඕනේ. ආණ්ඩුව වෙනස් වුනා කියලා ඒක වෙනස් කරන්න ඕනේ නැහැ. ඒක දැන් අවලංගු වෙලා නම් ඒ විදියේ අළුත් Agreement එකකට එන්න බැරි ඇයි?

    පහුගිය දවස්වල මාගම්පුර වරාය ගැන ලොකු තතාවක් තිබුණු නිසා, විදේශ වාර්තාකරුවොත් කතා කල නිසා, මාගම්පුර වරාය ගැන ලෝකෙම දැන ගත්ත. ඒ නිසා දැන් නම් කොහොමටවත් දෙන්න එපා.

    මෙච්චරයි කරන්න තියෙන්නේ. හැමදාම කියනවා වගේ අපේ රටේ සම්පත් වල වටිනාකම අපි ඉස්සෙල්ල ඉගෙන ගන්න ඕනේ. මේ වරාය අයිති අපිට. එතකොට bargain කිරීමේ අයිතිය තියෙන්නේ අපිට, චීනෙට නෙමෙයි. චීනෙට කියන්න ඕනේ ආණ්ඩුව කැමති 2014 අත්සන් කරපු අවුරුදු 35 BOT Project එකට කියලා. 99X2 ගිවිසුමට මහා සංඝයා වහන්සේලා සහ මහජනතව විරෝධය පල කරන නිසා ඒක කරන්න බැහැ කියන්න. කොන්ද පන තියාගෙන කෙලින් කතා කරන්න. ඇයි මොකෝ ආණ්ඩුව මෙච්චර කල් මිනිස්සුන්ට කන්න දුන්නේ මාගම්පුර වරායේ ආදයමෙන්ද? චීනේ බැහැ කිව්වොත් කියන්න එහෙනම් ඒ BOT Project එක ගැන Singapore වලින් අහන්නම් කියලා. චීනේ අපේ හොඳ හිතින් අයුතු ප්‍රයෝජනය ගන්න එක වැරදියි.

    පහුගිය දවස් වල චීනේ විශාල පරිසර දූෂණයක් වුනු නිසා, චීනේ කර්මාන්තශාලා 14ක් තහනම් කරලා වහල දැම්ම. අර අක්කර 15,000 දුන්නම අපිට අයිතියක් නැහැ, චීනෙට කියන්න ඒ වගේ කර්මාන්ත ශාලා පටන් ගන්න බැහැ කියලා. තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ චීනෙට. මේ වගේ අදූරදර්ශී වැඩ කරන්නේ ඇත්තටම මෝඩ කම නිසාද, නැත්නම් රට විකුනලා හරි නැත්නම් රටේ සම්පත් විකුනලා හරි තමන්ගේ මඩිය තර කර ගන්න කාලකන්ණි දේශපල්කයන්ව මිනිස්සු නොදැන පත් කර ගත්තු නිසාද?

    කිසිම රටක් සන්තෝෂ කරන්න අපි බැඳිලා නැහැ. අපි තෝරා ගන්නේ අපේ රටට වඩාත්ම හොඳ දේ. අපිට ඒකට අයිතියක් තියෙනවා. චීනෙන් ගත්ත කොමිස් මුදල ආපහු දෙන්න කියල රනිල්ට කියන්න. තව එහෙම ගත්ත අයත් ඉන්නවා.

    රටට අහිතකර තීරණ ගන්න මේ කමිටුව වහාම විසුරවලා දාන්න ඕනේ. මේ කමිටු සාමාජිකයෝ වැඩ කරන්නේ ස්වෙච්චවෙන්ද, නැත්නම් කොච්චර ගෙවීමක් කරනවද?

    • ගලිවර් says:

      චම්පා ඔයා ලියන්න දන්න්වා වුනාට තවම බැරිවෙලා තියෙනවා ඔයගේ පිලේ නියම මිනිස්සු කව්ද කියලා තෝරා ගන්න. ඔහොම යන් …………………………. අපිට වෙලාවකට ඔයා ගැන හරිම අනුකම්පාත් හිතෙනවා. මොකද සමහර වෙලාවට ඔයා තනියම ඇදගෙන නානවා.

      • asaranaya says:

        යකෝ මේ අමුණුගමයා දේශපාලනය පටන් අරන් තියෙන්නෙ හුඇන්පියෙන්, ඒකාගෙ ඇඟෙ දුවන්නෙ කොලපාට ලේ, උඩින් නිල තිබුනට යටින් කොල, මෙකා උගෙතෙක් නොව බුද්දියක් නැති මෝඩ නූගතකි. මූ සත් ගුණවත් සරළ පත්තරරෙන් සියල්ල දැනගන්න අපෙ ජනාධිපති ගොනාට අන්දන්න හරීම සමතෙක්

      • Champa says:

        ගලිවර්

        වල්ගේ පාගාගෙන. මට පිලක් නැහැ. මම ඉන්නේ තනියම. ඒ හින්ද ඔය කතා මට අදාළ නැහැ.

        මම comments ලියන්නේ මට ඕනේ විදියට මිසක් මගෙ comments කියවන මිනිස්සුන්ට ඕනේ විදියට නෙමෙයි.

        Demand එකට supply කරන පුරුද්දක් මට නැහැ. මගේ supply එකටයි මම demand එක හදන්නේ.

    • champika says:

      චම්පා ගන්න මල්ල ,යන්න කඩේ.

      • Champa says:

        හැමෝටම පේන විදියට ඒක කරන එක නම්බුයි, රට පාවා දෙන රනිල් එක්ක හොර deal දාලා, යටින් රටේ සම්පත් විකුණන්න සහයෝගය දීලා, දවල් මිගෙල් රෑ දනියෙල් කරලා, මහජනතාව ගොනාට අන්දවන එකට වඩා.

Main News