ගීතාගේ නම පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ.. පියසේන ගමගේ මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් කෙරේ..

May 9, 2017 at 3:00 pm | lanka C news
ගීතාගේ නම පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ.. පියසේන ගමගේ මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් කෙරේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කරන ලද ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට ගාල්ල දිස්ත‍්‍රික් මනාප ලයිස්තුවේ මීලගට සිටින හිටපු ඇමති පියසේන ගමගේ මහතා පත් කිරීම සදහා මැතිවරණ කොමිසමට දැන්වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඒ ගැන දැනුම් දීමෙන් පසු පියසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිතයි.

කෙසේ වෙතත් තම මන්ත‍්‍රී ධුරය අත්හිටුවීම සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහ මහත්මිය විසින් අද දිනයේ ශ්‍රේඨාධිකරණයේ අභියාචනයක් ගොනු කර ඇත.

62 views
Main News