මැතිවරණ කොමිසමේ ස්වාධීනකම පෙනෙන්න ළගයි..තනි එජාප ආණ්ඩුවක බලාපොරොත්තු.. ශ‍්‍රීලනිප ඇමතිවරු හිස ගිනිගෙන එහෙ මෙහෙ දුවති..

May 12, 2017 at 3:23 am | lanka C news
මැතිවරණ කොමිසමේ ස්වාධීනකම පෙනෙන්න ළගයි..තනි එජාප ආණ්ඩුවක බලාපොරොත්තු.. ශ‍්‍රීලනිප ඇමතිවරු හිස ගිනිගෙන එහෙ මෙහෙ දුවති..

ගාල්ල දිස්ත්‍රික්ය වෙනුවෙන් 2015 අගෝස්තු 18 වෙනිදා පැවත්වූ මහ මැතිවරණට නාමයෝජනා ලැයිස්තුව භාරදිමේදි සංධාන ලේකම් විසින් සාවද්‍ය තොරතුරු දිවුරුම් ප්‍රකාශයක් මගින් මැතිවරණ කොමිසම වෙත ලබා දී හේතුව මත ලබා ගත් අධිකරණය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට යෑමේ දි ඇති වී තිබෙන ව්‍යවස්ථාවේ අර්බුදයක් නිසා ඉදිරි දින කිහිපය තුල ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ගනු ලබන ක්‍රියාමාර්ග දිහා පක්ෂ විපක්ෂ සියල්ලම බලා සිටි.

ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටීමන් පසුව දෙන විශේෂිතම තීන්දුව මෙය නිසා මෙරටේ දේශපාලන ක්‍රියාවලිය උඩු යටිකුරු විය හැකි බව නීති විශාරදයන්ගේ මතයයි. එමෙන්ම මෙම තීරණය රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට තීරණාත්මක සාධකයක් වන අතර බොහෝ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රබල පාක්ෂිකයින්ගේ බලාපොරොත්තුව යම් හෙයකින් ගාලු දිස්ත්‍රික් සංධාන ලැයිස්තුව අහෝසි වුවහොත් ඒ හරහා ඔහුනට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ප්‍රබල යූඑන්පී ආණ්ඩුවක් හදා ගෙන ඉදිරි වසර 3 රට සංවර්ධන කොට මැතිවරණයකට මුහුණ දී විශිෂ්ට ජයග්‍රහණය ලබාගැනිමටයි.

එමෙන්ම මෛත්‍රී කණ්ඩායමේ සිටින දැනට ඇමතිකම් දරන පිරිසෙන් කොටසක් මෙම තත්ත්වය ගැන මහත්සේ කලබලයට පත්ව ඇත්තේ ඒ හරහා තමන්ට ආණ්ඩුවන් ලැබෙන සියලුම වරප්‍රසාද අහිමි යෑමේ තර්ජනය සම්බන්ධවයි.

මෙම පිරිස මේ දිනවල රටේ ඉහළ තැන් මුණගැසී ස්වාධීන මැතිවරණ කොමිසමේ තීරණයන් සම්බන්ධව කල හැකි උපරිම බලපෑම් සම්බන්ධව අවශ්‍ය උපායමාර්ග සොයමින් නිරන්තරයෙන් එක්තරා අමාත්‍යවරයෙක්ගේ නිවසේ දවසට තුන් හතර වතාවක් හමුවෙමින් සාකච්ඡා කරමින් සිටි.

43 views
Main News