ගීතාගේ මන්ත‍්‍රී ධුරයේ ප‍්‍රශ්ණයෙන් ඇමති ෆයිසර්ගේ හිස ගිනිගනී.. තම ධුරය නැති වේදැයි හතර වටේ නීති උපදෙස් පතයි..

May 15, 2017 at 1:20 pm | lanka C news
ගීතාගේ මන්ත‍්‍රී ධුරයේ ප‍්‍රශ්ණයෙන් ඇමති ෆයිසර්ගේ හිස ගිනිගනී.. තම ධුරය නැති වේදැයි හතර වටේ නීති උපදෙස් පතයි..

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය මත ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ තමනට කුමක් සිදු වේදැයි ඇමති ෆයිසර් මුස්තාෆා විසින් නීති උපදෙස් ගනිමින් සිටිතැයි වාර්තා වෙයි.

ඇමතිවරයා ඊයේ දිනයේ නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා හමු වී දීර්ඝ වශයෙන් සාකච්චා කර ඇත.

ගිතා කුමාරසිංහගේ ප‍්‍රශ්ණය කොතරම් සීමාවක් තෙක් පැතිරිය හැකිදැයි නිශ්චිත වශයෙන් අදහසක් නැති නිසා ඇමතිවරයා මෙසේ කලබලයට පත්ව ඇත.

මේ වන විට ඇමති මුස්තාෆා ජනාධිපතිවරයා සමගත් එතරම් හිත හොදකින් පසු නොවන බවද දැනගන්නට ඇත.

31 views

2 Comments to “ගීතාගේ මන්ත‍්‍රී ධුරයේ ප‍්‍රශ්ණයෙන් ඇමති ෆයිසර්ගේ හිස ගිනිගනී.. තම ධුරය නැති වේදැයි හතර වටේ නීති උපදෙස් පතයි..”

  1. Neela says:

    National list THIEF….

  2. Nallathambi says:

    පෝඩා නායි පෝඩා. මිච්චන් නන්රි හයකු පෝඩා නායි