ගීතාට මන්ත‍්‍රීකම දරන්න බෑ යයි නීතිපති අධිකරණයට කියයි.. පියසේන රෙදි මදී..

March 14, 2017 at 6:43 pm | lanka C news
ගීතාට මන්ත‍්‍රීකම දරන්න බෑ යයි නීතිපති අධිකරණයට කියයි.. පියසේන රෙදි මදී..

ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය ඇයගේ ස්විට්සරලන්ත පුරවැසිභාවය අහෝසි කරගෙන ඇති බවට සනාථ කල හැකි සාක්‍ෂි කිසිවක් ලැබී නොමැති නිසා ඇයට තව දුරටත් මෙරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය දැරිය නොහැකි බවට නීතීපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දී ඇත.

ඒ අනුව අභියාචනාධිකරණය අද දිනයේ කියා සිටියේ අදාල නඩුවේ තීන්දුව මැයි මස 05 වන දින ලබා දෙන බවයි.

ගීතා කුමාරසිංහ මන්ත‍්‍රී ධුරයක් දැරීම අභියෝගයට ලක් කරමින් අදාල පෙත්සම ගොනු කර ඇත්තේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයන් පස් දෙනෙකු විසිනි.

පසුගිය මහ මැතිවරණයේ ගාල්ල දිස්ත‍්‍රික් මනාප ලයිස්තුව අනුව ඊළගට සිටින්නේ හිටපු ඇමති පියසේන ගමගේ මහතා වන අතර ඔහු මේ වන විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හිතවත්ව කටයුතු කරයි.

36 views

23 Comments to “ගීතාට මන්ත‍්‍රීකම දරන්න බෑ යයි නීතිපති අධිකරණයට කියයි.. පියසේන රෙදි මදී..”

  1. Nandasoma says:

    මහ බැංකුවේ අධිපති ලාංකිකයෙක් නොවේ ලංකාවට කිසිම සම්බන්ධයක් නැහැ ..ඔහු මහබැංකුව මංකොල්ලා කෑවා ..නඩු නැහැ මේ රටේ සුලුජාතිකයින් කරන වැරදි වලට නිතිය ක්‍රියා නොකරයි එත් සිංහලයන්ට බොරු චෝදනා මත නඩු පවරයි වැරදිකාරයො කරයි ..MY 3 මොකද මේ කරන්නේ ? දෙමල ඩයස් පෝරාව සතුටු කිරීමටද ? රටේ ප්‍රධාන තනතුරු දරන්නේ වැඩිදෙනෙක් සුලුජාතිකයින් …ඉන්දියාවේ කල්ලතෝනි ගෙනවිත් අපේ රටේ අධිආරක්ෂක කලාප බෙදලා දෙනවා නොමිලේ ගෙවල් හදනවා –ලැජ්ජයි කැතයි
    කුමාරසිංහ මහත්මිය ලංකාවේ උපන් සිංහල කාන්තාවක් ,මොකද්දමේ අවනීතිය ?

    නීතිපති ලඟ කොහෙන්ද ගීතගෙ සාක්කි?

    ඒව ගීතගෙන්නෙ ඉල්ලන්න ඕනි…..

  2. jagath says:

    Then what about Sarath Fonseka? He is also an american citizen, and Dalas Allahapperuma.

  3. kabd says:

    අඩුවෙන් ඉගනගත්තට ගීතලා තමන්ගේ සල්ලි වලින් හරි වැඩක් කරලා මිනිස්සුන්ගේ හිත දිනාගත්ත අය.
    අනිත් උන් වගේ හොරා කාල නෑ…
    ගීතා දේශපාලනේ නවත්තන්නෙත් නෑ..නවත්තන්නත් බෑ…

Main News