ගීතාට මන්ත‍්‍රී ධුර දරන්න බෑ..- අධිකරණය නියෝග කරයි.. පියසේනගේ පින පැදේ..

May 3, 2017 at 10:40 am | lanka C news
ගීතාට මන්ත‍්‍රී ධුර දරන්න බෑ..- අධිකරණය නියෝග කරයි.. පියසේනගේ පින පැදේ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයට නුදුසුසු බව අභියාචනාධිකරණය අද තීන්දු කලේය.

මත්ත‍්‍රීවරිය ස්විට්සරලන්තයේද පුරවැසිකම දරමින් සිටින නිසා එම මන්ත‍්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් පස්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික් මනාප ලසිය්තුව අනුව මීලගට සිටින්නේ හිටපු ඇමති පියසේන ගමගේය.

70 views
Main News