ගීතා වෙනුවට පියසේන පාර්ලිමේන්තු එයි.. ඒකාබද්දයට එකක් අඩු වී ආණ්ඩුවට එක්වෙයි..
November 2, 2017 at 12:00 pm | lanka C news
ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කිරීමත් සමග පසුගිය පාර්ලිමේන්තු මැතිවණයේදී ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවෙන් තරග වැදුනු හිටපු ඇමති පියසේන ගමගේ මහතාට නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් වීමේ අවස්ථාව උදා වී ඇත.
ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මනාප ලයිස්තුවේ මීලගට සිටින්නේ හිටපු ඇමති පියසේන ගමගේ මහතායි.
ගීතා කුමාරසිංහ මහත්මිය ඒකාබද්ද විපක්ෂයට පක්ෂව කටයුතු කරන අතර පියසේන ගමගේ මහතා ආණ්ඩුවේ ශ්‍රීලනිපයට පක්ෂව කටයුතු කරන නිසා ඒකාබද්ද විඵක්‍ෂයේ මන්ත්‍රී ධුරයක් අඩු වනු ඇත.
ස්විට්සරලන්තයේ හා ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයන් දැරුවේ යයි එල්ල වූ ද්විත්ව පුරවැසි චෝදනා මත කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝස කරනු ලැබ තිබේ.
පිටරට යන අය පලච්චාවෙ.. ලංකාවෙ ඉන්නා අයට කෙලින්නෙ නැතිව. ගීතා අපිට කියන්නේ එයයි.
මේ ප්‍රශ්ණය එදා නාම යෝඡනා දුන් පසුව විරෝධතා ඉදිරිපත් කරන අවස්ථාවේ ඉදිරිපත් වුනා නම් සන්ධාන මුළු ලැයිස්තුවම නීතියට අනුව අවලංගු වෙනවා නේද…? යූ.ඇන්.පී නාම යෝඡනාවක් නීති විරෝධි වූ නිසා මුළු ලැයිස්තුවම කොළඹ නගර සභා මැතිවරණයේදී අවලංගු වූ හැටි කාටත් මතකයි…
Gall district list eka witharai reject wenne
There are 15 dual citizens in the parliament of which 5 are government cabinet member why the supreme court does not taake actions for all of them like in Australia
Supreme court will not give any judgement without application from someone. if you know very-well , go and file a case against them, as far as my knowledge is concern , there is no anymore dual citizenship holders in our parliament except resident permit holders.
Another hand to carry SLFP coffin!
වෙන්නප්පුවෙ නිරෝශන් පෙරේරා ඇමතිතුමත් Dual Citizenship කාරයෙක්. ඇයි ඔහුට ඒ නීතිය නැත්තෙ.
ඕක අහපන් ලංකාවෙ නිල නොලත් රාජ්‍ය නායක රනිල්ගෙන්?
නිරෝෂන් පෙරේර ඒකාබද්ධ විපක්ෂෙ නෙමෙයිනෙ මිත්‍රයා.
ඉතින් ඕයි මෙතන කමෙන්ට් දදා ඉන්නෙ නැතුව ඉක්මනට නඩු දාපන්කො
Mahinda Samarasinghata Switzerland, Anura Kumarata Ireland and some TNA MPs have UK and Canadian dual citizenship.
ද්විත්ව පුරවැසියන් හොය හොයා නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණයට පුළුවන් කමක් නෑ. කවුරුහරි නඩුවක් දැම්මොත් ඒ සම්බන්ධයෙන් තීන්දුව දෙන්න විතරයි හැකියාව තියෙන්නෙ. මෙයාට මෙහෙම නම් අරයට නැද්ද අහන වෙලා නඩු දැම්මනම් ඉවරයි. ඒත් එහෙම නඩු දාන්නෙ නෑ. මොකද දෙපැත්තටම තුවාල වෙන හින්දා. ඔක්කොම deal තමයි.
හංසයා පක්ෂයේ සභාපති ලාංකික පුරවැසියෙක් නොවෙයි. ඔහුට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගන්න. එම පක්ෂය තහනම් කිරීමට පියවර ගන්න. එතකොට ඒ පක්ෂෙන් ඉල්ලපු යටත් ගෙදර යන්න වෙනවා.
ගීතට දීපු තීන්දුව කොච්චර හොඳ වුණත් මිනිස්සුන්ට කියවන්න ලියන්න බැරිනම් වැඩක් නෑ…