ගීතා වෙනුවෙන් පියසේන පත් කිරීම කරන්නේ ඇමති අමරවීර..
November 3, 2017 at 12:00 pm | lanka C news
ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි කරන ලද ගීතා කුමාරසිංහගේ පුරප්පාඩුව සදහා පියසේන ගමගේ මහතා නම් කරන බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
අදාල අධිකරණ තීන්දුව ලැබුනු පසු මෙම කටයුත්ත කරන බවද ඔහු සදහන් කලේය.
මේ අතර මැතිවණ කොමිෂන් සභාව පවසන්නේ ගාල්ල දිස්ත්රික් තේරීම් භාර නිලධාරියාගේ අනුමැතිය යටතේ සන්ධානයේ මීළගට මනාප ගත් පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකු ලෙස ගැසට් කරන බවයි.
එම ගැසට් කිරීමෙන් පසු නව මන්ත්රීවරයාට පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීම සිදු කල හැකි යයිද මැතිවරණ කොමිසම සදහන් කරයි.
කෙසේ වෙතත් සන්ධාන මහ ලේකම්වරයාගේ ලිපියක උවමනාවක් කොමිසම විසින් මතු නොකල අතර ජාතික ලයිස්තු මන්ත්රී ධුර නම් කිරීමේදී පමණක් පක්ෂ ලේකම්වරයාට මැදිහත්විය හැකි බවද පැවසීය.
විලි ලැජ්ජයි ඇයි තවත් බලන් ඉන්නේ,
උදය මහත්තයෝ ,ඒකාබද්දයේ නීති විශාරදයනි,
ගල්ලේ චන්දදායකුගෙ පෙත්සමකට අනුව ගීතා මහත්මිය unseat වුනා, නීති මහතුනි ඇයි ඔබලා නිහඬ.? සක්කිලි පක්ශයෙ 7 ක් ඉන්නවා, නිරොශන් පෙරෙරා ඉන්නවා, , මහින්ද සමරසින්හෙ ඉන්නවා ,ඉරාන්, හර්ශ, ඔය කීප දෙනෙක්, තානාපති කාර්යාලවලින් විශ්තර ලබාගන්න හැකියාවක් තිබේ, දැන් දැල එලමු හොඳ මොරන් අල්ලගන්න පුලුවන් වෙයි. හැබැයි මයිතුනයා නම් අහින්සකයා හිටන්, එයා එලියට විසිවෙන්නෙ “හන්ස” පක්ශයේ සභාපති නිසා
දැන් නම් එකාබදධ විපක්ෂය ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්. රටේ බහුතරයක්
මිනිස්සු බලාගෙන ඉන්නව මේ ගොල්ලන්ට උදව් කරන්න.ඒත් මේගොල්ලො
කතා කරනවා විතරය්.ක්රියා මාර්ග නෑ මෙහෙම ගියොත් jvp එක මේ chance
එක ගන්න පුළුවන්
ගීතාගේ තීන්දුව ප්රකාශයට පත් කරන්න ඉස්සෙල්ල ඔය හංස පක්ෂයට විරුද්ධව පක්ෂය තහනම් කරන්න කියල පෙත්සමක් ගොනු කලානම් හරි.
හැඩ පෙන්නන්න යනවා මිසක් වැඩක් නැහැනෙ, අපටත් එපා වෙනවා
උනුත් එපා මුනුත් එපා රටකුත් නැහැ , වඳයා රජවෙලා රිලවා බෙනේට වෙලා ,
,අපි යනවා අන්ද මන්ද වෙලා ඒ දූපතට ජීවත් වන්න.