ගුරුකන්ද රජමහා විහාරයට දුන් තීන්දුව මහාධිකරණයෙන් අත්හිටුවයි..

July 11, 2019 at 8:02 am | lanka C news
ගුරුකන්ද රජමහා විහාරයට දුන් තීන්දුව මහාධිකරණයෙන් අත්හිටුවයි..

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි කෝවිල වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව බලරහිත කරමින් 10 දින වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින්  එම තීන්දුව තාවකාලිකව අත්හිටුවන ලදි.

පසුගිය මැයි මස 06 වනදා මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා විසින් ලබා දුන් නියෝගය වූ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි නීරාවි පිල්ලයාර් කොවිලේ කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් එය රටේ පවත්නා නීති රීති වලට අනුව සාමය කඩනොවන අයුරින් සිදු කරන ලෙසටත් යනුවෙනි.

පසුව අදාල නියෝගය මගින් පන්සල් භූමියට දැඩි අසාධාරණයක් සිදු වන බවටත් පන්සල තුල ඇත්තේ කෝවිලක් නොව දේවාලයක් පමණක් බැවින් ගුරුකන්ද විහාරයට සාධාරණයක් ඉල්ලා එම පාර්ශවය විසින් වවුනියාව මහාධිකරණයේදී පෙත්සමක් ගොනුකරන ලදි.

ඒ අනුව වවුනියාව මහාධිකරණයේදී නඩු අංක එච්.සී.වී. / ආර්.ඒ.වී./ 318/19 නඩුව විභාගයට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් මුලතිව් මහේසත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවමින් නියෝග කොට සිටියේ මහාධිකරණයේ නඩු තීන්දුව සම්පූරණයෙන්ම අවසන් වන තුරුම පන්සලේ හෝ කෝවිලේ කිසිදු පාර්ශවයකට කිසිදු අයුරකින් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට නොහැකි බවටත් දැනට සංවර්ධනය කොට ඇති තත්වයන් ඒ අයුරින්ම තැබිය යුතු වන අතර ඔනෑම පාර්ශවයක සිය ආගමික වතාවත්වල නිරත වීමට හැකි බවටත්ය.

අනතුරුව නඩුව අගෝස්තු මස 26 වනදා දක්වා කල් දැමීමටද වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා නියෝග කොට සිටියේය.

මහාධිකරණයේ පැවති නඩු වාරය වෙනුවෙන් පළමු පාර්ශවයේ වගඋත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රෝහන තල්පාවිල මහතා සහ එතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, හරීන්ද්‍ර රාජපක්ෂ යන අයද දෙවන පාර්ශවයේ වගඋත්තරකාරුවන් වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා ඇතුලු පිරිසක්ද සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,844 Viewers

10 Comments to “ගුරුකන්ද රජමහා විහාරයට දුන් තීන්දුව මහාධිකරණයෙන් අත්හිටුවයි..”

  1. Ariyathilaka says:

    මහ මිහිදු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩීමෙන් පසු දේවානම්පියතිස්ස මහ රජු බෞද්ධ විහාර ආරාම, බෝධි රෝපනය, දාගැබ් ඉදිකරවූවා මිස දේවාල් කෝවිල් සෑදූ බවක් වංශ කථා වල නැත. ඒ පිළිබඳව පුරා විද්‍යා සාධක නැත. පසු කාලීනව දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණ හේතුවෙන් වරින් වර කීප වතාවක් මෙරට අනුරාධපුර රාජ්‍යධානිය (උතුරු ප්‍රදේශ ඇතුලු) ද්‍රවිඩ පාලනයට නතුවීමෙන් එකී පාලන සමයන්හි බෞද්ධ විහාරාරාම භූමි වල හින්දු කෝවිල් ඉදි වී ඇත. එසේ ඉදිවූ කෝවිල් හේතුවෙන් මේ අවුල පැන නැගී ඇත. ක්‍රි:ව:1017න් පසුව ද්‍රවිඩ ආක්‍රමණික පාලනය පොළොන්නරුව හා අනෙකුත් බොහෝ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර ඇතැම් සිද්ධස්ථාන වල හින්දු කෝවිල් ඉදිකිර ඇත. මෙම හින්දු කෝවිල් කරණයේ බලවත් ම අවස්ථා ලෙස 1017 න් පසු සොළී පාලන කාලයේ පොළොන්නරුවේ ශිව කෝවිල් ඉදිවීමත්, රෝහණයේ කතරගම ප්‍රදේශය සොළී පාලනයට නතු වීමෙන් කතරගම අෂ්ඨ ඵලරුහ බෝධීන් වහන්සේ සමීපයේ පිහිටි ආසනඝරය කතරගම දේවාලය ලෙසින් හින්දු කෝවිලක් බවට (ව්‍යවහාරයට) පත්වීම දැක්විය හැක. පසුව කීර්ති විජයබාහු කුමරු විසින්(මහා විජයබාහු රජතුමා) රුහුණෙන් සොළීන් පලවා හරින ලදී. කතරගම මහ දේවාලය ලෙස අද හදුන්වන්නේ එදා සොළීන් විසින් හින්දු කෝවිලක් බවට පත් කරන ලද ආසනඝරය බව කිව යුතුය. දුටුගැමුණු මහ රජු විසින් එකී කතරගම දේවාලය සෑදුවේයැයි මතයක් ඇත. එය ජනප්‍රවාදයක් මිස එය සනාථ කිරීමට වංශ කතා හෝ පුරාවිද්‍යා සාධක ආදී මූලාශ්‍ර කිසිවක් නැත. කතරගම බෝධි පරිශ්‍රයට ඇතුල් වන දොරටුවේ පොළොන්නරු යුගයට අයත් සදකඩ පහනකි. දේවාලය ලෙස පවත්වන ගෘහය තුල ද සදකඩ පහනකි. මෙය ක්‍රිස්තු පූර්ව යුගයට අයත්ය. පුරාවිද්‍යාත්මක තහවුරු කළ කරුණ වන්නේ සදකඩ පහන් බෞද්ධ විහාරාරාම වල හැර වෙනත් කිසිදු ආගමික ස්ථාන වල සදකඩ පහන් නොපිහිටවන වන බවය. පුදුමයනම් වත්මනෙහි විහාරස්ථානවල දේවාල කෝවිල් සාදා ගෙන කරන්නේ බුදුරදුන්ගේ නිර්මල ශාසන ධර්මය යට කිරීමය.කල් යත් යත් විහාරස්ථානවලටA ද හින්දූන් අයිතිවාසිකම් කීමට ද බැරි නැත.

    • මේකෙ භාගයක් පච!. පන්සල් තුල කෝවිල් ඉදිවූයේ ආක්‍රමණ නිසා නම්, ආක්‍රමිකයන් පලවා හැරි පසු කෝවිල් කඩා බිඳ දැමිය යුතුය. අපි දැන්වත් යථාර්තයට මුහුණදුන්නෙ නැති නම් සිංහල බෞද්ධයා නොබෝ දිනකින්ම තුරන්විය හැක. පන්සල් වල කෝවිල් හැදුනේ බෞද්ධයා තුල ඇති බුද්ධ ධර්මය පිළිබඳ වූ අවබෝධය ක්‍රම ක්‍රමයෙන් හීන වූ නිසාවෙනි. එයට වගකිව යුත්තේ මිහිඳු හිමි වැඩියායින් පරම්පරා කිහිපයකට පසු බිහිවූ භික්ෂූන් වහන්සේලාය. අදටත් ඒ තත්වයමය. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් රජ වරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ දායකයින්ගේ පඬුරු පාක්කුඩම් වලට ගිජුවීම නිසා තම පරම අභිප්‍රාය වූ නිවන සෙවීම සහ දෙවන අභිප්‍රාය වූ බුදුන් ධර්මය පැතිරවීමෙන් බැහැරව සමාජයේ වරප්‍රසාද ලත් වැඳුම් පිදුම් ලබන දේපල ඉඩ කඩම් පාලනය කරන පිරිසක් බවට පත්විය. එබැවින් මිනිසුන් පන්සල් කෙරෙහි ඇති බැඳීම භක්තිය පවත්වාගෙනයාමට පිලිම රූප වන්දනාව ප්‍රගුණ කරන ලද්දේ දෙවියන් ප්‍රචාරණයෙනි. පන්සල් තුළ දේවාල ඇතිවන්නේත් අද වනතුරුම පවතින්නේත් ඒ නිසාය. මෙය බෞද්ධ ඔබට නොතේරුණද මිෂනාරීන් අන්‍යාගමිකයින්ට ටක්කෙටම තේරෙයි. දේව වන්දනාවට එරෙහි වූ සෝම හිමියන් මිෂනාරීන් විසින් සාර්ඨකව ඝාතනය කරන්නේ ඒ නිසාය. අදටත් බුදුන් දේසූ ධර්මයෙහි නියම අර්ථය අනුව සියලු දේවාල පන්සල් වලින් ඉවත් කල යුතුය. භික්ෂූන් වහන්සේලා බෞද්ධ ධර්මය වීදි පුරා ප්‍රචාරය කල යුතුය. සෑම බුද්ධිමත් මුස්ලිම් සහ දෙමළ පුරවැසියෙක්ම බෞද්ධයකු කල යූතුය.

      • Ariyathilaka says:

        ඔබගේ තර්කයෙන් මා කියූ දේ සනාථ වීමත් මට කීමට නොහැකි වූ මාත් එකග ඉතිරි අදහස් ටික කීම ගැන සතුටුයි.

      • Ariyathilaka says:

        ඔබගේ තර්කයෙන් අප කියූ දේ සනාථ වීමත් අපට කීමට නොහැකි වූ අපත් එකග අදහස් ටික කීම ගැන සතුටුයි; විෂ්ණු, කතරගම, ඊශ්වර, ගණපති, දුර්ගා, කාලි, සොහොන් කාලි, පත්‍තිනි, හනුමන්, හූනියම්, ලක්ෂ්මී, සමන් (සුමන සුරිදු නම් ආර්‍ය් දෙවි තුමා නොවේ) දැඩිමුණ්ඩ ආදී සියලු දේවාල කෝවිල් (දෙවොල්) ඇදහීම ඉන්දියානු හින්දු ආභාෂයෙන් බෞද්ධ කුලයට ආරෝපණය වී ඇත. බෞද්ධ සිද්ධස්ථාන වල වූ සියලු ආකාර දේවාල- කෝවිල් කඩා ඉවත් නොකිරීම ම තමයි ප්‍රශ්නය දීර්ඝ වීමට හේතුව. පසුකාලීනව මෙකී ඇදහීමට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් ධර්ම-විනය ගරුක නොවූ භික්ෂූන් විසින් විහාරස්ථානවල ලාභ ප්‍රයෝජන තකා දේවාල කෝවිල් පවත්වා ගෙන යාම හා සැදීමත් හේතුවෙන් බෞද්ධ ජනතාව ඒ කෙරෙහි මුලා වී ඇදහීමට නතු වීමෙන් බෞද්ධයන් මහත් ව්‍යසනයට පත් වී ඇත.

        • Ariyathilaka says:

          කතරගම අෂ්ඨඵල රුහ බෝධි පරිශ්‍රය තුල හින්දූන් විසින් පිහිටුවා ඇති ගණපති කෝවිල සිංහල රාජ්‍ය පාලන කාලය තුල පටන් අද දක්වා පැවතීමත් එය ඉවත් කිරීම වෙනුවට හින්දූන් පමණක් නොව ඇතැම් බෞද්ධයෝ පවා ඇදහීම, පූජා තැබීම, කරත්. මෑත කාලයේ සිදු වූ සහාසික අපරායක් නම් 1977 දී කි:පූ: යුගය දක්වා දිවෙන ඓතිහාසික කිලිවෙඩ්ඩි බෝධීන් වහන්සේ කපා විනාශ කොට ඒ භූමිය මත හින්දු කෝවිලක් සෑදීම දැක්විය හැක. දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ට යටත් වූ ප්‍රදේශයන්හි විනාශ වු ඇතැම් සිද්ධස්ථාන තුල හින්දු කෝවිල් ඉදිකිරීම කාලයේ වැලි තලාවෙන් වැසී ඇත.

  2. Boy says:

    බුදු දහම ආරක්ෂා කරන ඉවැන්ජලිකයන්…

  3. Kamal says:

    Hama pansalakama thuyena dewala galawa ahak kala yuthui. Nathnam thawa awurudu 50kin serama pansal walata wenneth mekama thamai

  4. sinha le says:

    සිංහලේ කියන්නේ බුදුන්ට පුජාකළ බුමියක් කිසිම කෙනෙකුට මේවා නවත් වන්න කිසිම අයිතියක් නැහැ රෝම ලන්දේසි නීති අපට අදාල නැත ,

  5. Love nature says:

    මෙරට බොහෝ සිංහල බෞද්ධයන් හා පොදුවේ සිංහලයන් බොහොමයක් හැරෙන්න අනෙක් සියලු දෙනා ම පාහේ ජාතිවාදීන් හෝ ආගම්වාදීන් හෝ බව පැහැදිලියි. සිංහල බෞද්ධයන්ට මෙරට හිමි විශේෂිත තත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වය අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතෙනවා. ඉංගිරිසින් වුවත් ඒ විශේෂත්වයට ගරු කළා. 1815 ගිවිසුමෙන් පමණක් නොව 1892 ආඥා පනතෙන් ද ඉංගිරිසින් මේ විශේෂත්වයට ගරු කළා.

  6. අපි හෙළයෝ says:

    සිංහල බෞද්ධයා තුල තිබෙන මෙත්තා කරුණා උපේක්ෂා යන කරුනු අනික් ආගමිකයන් ප්‍රයෝජන
    ගන්නා බවක් දක්නට ලැබෙනවා.

Leave a Comment

Main News