ගුරුකන්ද විහාරයේ සියලු නඩු අවසන් කිරීමට අධිකරණයෙන් නියෝග…

October 8, 2019 at 2:01 am | lanka C news
ගුරුකන්ද විහාරයේ සියලු නඩු අවසන් කිරීමට අධිකරණයෙන් නියෝග…

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් අපවත් වීමත් සමග ඒ හිමියන් විසින් ගොනු කොට තිබූ සියලු නඩු අවසන් කිරීමට වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා නියෝග කරනු ලැබීය.

පසුගිය මැයි මස 06 වනදා මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා විසින් මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි නීරාවි පිල්ලයාර් කොවිලේ කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් එය රටේ පවත්නා නීති රීති වලට අනුව සාමය කඩනොවන අයුරින් සිදු කරන ලෙසට නියෝග කල අතර පසුව අදාල නියෝගය මගින් පන්සල් භූමියට දැඩි අසාධාරණයක් සිදු වන බවටත් පන්සල තුල ඇත්තේ කෝවිලක් නොව දේවාලයක් පමණක් බැවින් ගුරුකන්ද විහාරයට සාධාරණයක් ඉල්ලා එම පාර්ශවය විසින් වවුනියාව මහාධිකරණයේදී පෙත්සමක් ගොනුකරන ලදි.

ඒ අනුව ජුලි 10 වනදා වවුනියාව මහාධිකරණයේදී නඩු අංක එච්.සී.වී. / ආර්.ඒ.වී./ 318/19 නඩුව විභාගයට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් මුලතිව් මහේසත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවමින් නියෝග කොට සිටියේ මහාධිකරණයේ නඩු තීන්දුව සම්පූරණයෙන්ම අවසන් වන තුරුම පන්සලේ හෝ කෝවිලේ කිසිදු පාර්ශවයකට කිසිදු අයුරකින් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට නොහැකි බවටත් දැනට සංවර්ධනය කොට ඇති තත්වයන් ඒ අයුරින්ම තැබිය යුතු වන අතර ඔනෑම පාර්ශවයක සිය ආගමික වතාවත්වල නිරත වීමට හැකි බවටත්ය.

කෙසේ වෙතත් ගුරුකන්ද විහාරාධිපති හිමියන් මූලිකව වව්නියාව මහාධිකරණයේ නඩුව පැවතියද ඒහිමියන්ගේ අපවත් වීමෙන් පසුව සියලු නඩු ඉවත් කිරීමට වව්නියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් පියවර ගත් බවට පැමිණිලි පාර්ශවයේ වගඋත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ රෝහන තල්පාවිල මහතා කියා සිටියේය.

මහාධිකරණයෙන් නඩු අවසන් වීමත් සමග ගුරුකන්ද විහාරයට බලපෑමක් එල්ලවිය හැකි බවටත් අදාල කෝවිලේ ඇතම් පාර්ශවයන් විසින් විවිධ ඉදිකිරීම් සිදු කොට පනසල් භූමියේ පූජනීය ස්ථාන විනශා කිරීම් හා පූජා කටයුතු වලට බාධා සිදු විය හැකි බවටද ගුරුකන්ද විහාරකාර දායක සභාව කියා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංක

7,009 Viewers
Main News