ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය විහාර බිමේ ආදාහනය කිරීම වැරදියි.. උතුර දෙමල නිජබිමක්..- විග්නේෂ්වරන්

September 25, 2019 at 6:26 am | lanka C news
ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය විහාර බිමේ ආදාහනය කිරීම වැරදියි.. උතුර දෙමල නිජබිමක්..- විග්නේෂ්වරන්

උතුරු පලාතේ සියලුම අධිකරණයන්හි සේවයේ නිරත නීතිඥවරුන් 24 වැඩවර්ජනයක නිරත වී මුලතිව් අධිකරණය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වමින් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නියෝගය කඩකල බොදු බල සේනා හිමියන් ඇතුලු පිරිසක් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමිනි.

මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතාව මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා එක් පිරිසක්ද ගමන් කල අතර තවත් පිරිසක් මුලතිව් රෝහල ඉදිරිපිටින් විරෝධතාවය ආරම්භ කොට  මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන් කොට සියල්ලන් එක්ව විරෝධතාවය නිරතවීමෙන් පසුව විරෝධතා කරුවන් පිරිසක් විසින් මුලතිව් දිසාපතිනි රූපවතී කේදීස්වරන් මහත්මිය අතට සන්දේශයක්ද භාර දෙනු ලැබීය.

නීතියේ සාධාරණය කෝ, නීතියට විරුද්ධවූවන්‍ට සිදුකරන්නේ කුමක්ද?දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයින් කොහිද? මුලතිව් දෙමළ ජනතාවගේ උරුමය රැක දෙන්න ලෙසට විරෝධතාකරුවන් පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින්, කළු පටි පැළඳගෙන විරෝධතාවයේ නිරතවිණ

මෙම විරෝධතාවය උතුරු පලාත් නීතීඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා දෙමළ පාරම්පරික උරුමයන් සුරැකීමේ සංගමය , හින්දු කෝවිල් සංගමය, ස්වේච්ඡා සංවිධාන කිහිපයක් මෙන්ම ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූ අතරම හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාද සහභාගී වෙමින් සහය පල කරනු ලැබීය.

විරෝධතාවයට එක්වු උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් හිමි ඇතුළු පිරිස නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහානය කිරීම තමන් ඇතුළු පිරිස අනුමත නොකරන අතර, ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ නීතිය නිසි පරිදි ඉටුකළ යුතුයි එමෙන්ම උතුරු පළාතේ දමිළ ජනතාවගේ නිජ භූමිය තුළ නව සිංහල ජනාවාස බිහි කරමින් උතුරේ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම සිදුකිරීමේ වැඩසටහනක් රජයේ උපකාර මත සිදුවන බැවින් අදාළ ක්‍රියාවන් වහාම නවතා දැමිය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.

එහිදී උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාවේ නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශිවමෝහන් මහතා,ශාන්ති ස්කන්ධරාජා මහත්මිය,උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ද සහභාගී වූහ.

උද්ඝෝෂණයට සහභාගී වෙමින් උතුරු පලාත් නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ ඇන්ටන් පුනිදනායගම් මහතා කියා සිටියේ,

‘අපි අද උදෑසන සිටම උතුරු පලාතේ ඉන්න සියලුම නීතීඥ වරුන් වැඩවර්ජනය ආරම්භ කළා මේ වැඩ වර්ජනය සිකුරාදා වෙනකම් අපි සිදු කරනවා අපිට විසඳුමක් ලැබෙනතුරු මුලතිව් ගුරුකන්ද විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු විහාර භූමියෙන් එපිට මුහුදු වෙරලේ සිදු කරන්න කියලා මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා නියෝග කලා එවැනි නියෝගයක් දී තිබුනු අවස්ථාවක බොදු බල සේනා හිමි ඇතුලු පිරිසක් විසින් අධිකරණ නියෝගය කඩ කරමින් විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු පන්සල් භූමිය තුලම සිදු කලා මේකෙන් පන්සල් භූමියේ තිබුනු නීරාවි පුල්ලයාර් කෝවිලේ බැතිමතුන්ට විගේම පූජකයින්ටත් ඒ අයගේ සංස්කෘතියටත් දැඩි අසාදාරණයක් වුනේ ඒ වගේම තමයි ආදාහන පූජොත්සවය පැවති වෙලාවේ අපේ දමිළ නීතිඥවරයෙකුට පන්සලේ පිරිසක් බලපෑම් කරල තියනවා මේ සියලු දේ වෙනුවෙන් සාධාරණයක් වෙන්න ඕන හිමි ඇතුලු පිරිස අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි අධිකරණ නීතිය කැඩූ පිරිසට නීතිය ක්‍රියාත්මක කල යුතුයි කියල තමයි අපි මේ විරෝධතාවය පවත්වන්නේ, යනුවෙනි.

එමෙන්ම විරෝධතාවයට එක් වූ හින්දු කෝවිල් සංගම් නියෝජිතයින් පවසා සිටියේ ,

‘ මුලතිව් අධිකරණය විසින් බෞද්ධ හින්දු දෙපාර්ශවයටම හානියක් නොවන අයුරින් තීන්දුවක් දුන් අවස්ථාවක ඒ තීන්දුවද නොසලකා හරිමින් ගුරුකන්ද රජමහවිහාරයේ ආදාහන පූජොත්සවය සිදු කල පිරිස් වෙතට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි ඒ වගේම මේ වගේ සිදුවීම් වලින් අපේ සංස්කෘතියටයි හානි වෙන්නේ දෙමළ සිංහල භේද ඇති වෙනවා ඇතම් පාර්ශව නිසා මේ දෙවල් වහාම නැවත්විය යුතුයි. යනුවෙනි.

එහිදී ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා පැවසූවේ  අධිකරණ තීන්දු තීරණ ලැබීම පමා වීම හේතුවෙන් මෙන්ම විහාරාධිපති හිමියන්ගේ  දේහය අවපැහැ ගැනීමත් නිසා ශාශනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව ගුරුකන්ද විහාර භූමියේම විහාරාධිපති හිමි පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටුයුත සිදු කළ බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

169 views

52 Comments to “ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය විහාර බිමේ ආදාහනය කිරීම වැරදියි.. උතුර දෙමල නිජබිමක්..- විග්නේෂ්වරන්”

  1. Amare says:

    Wigiya Karanne Pohottuwe Kontharatthu ..
    Sambandeekarana Lekam Massina

  2. HENA says:

    thopila thama rata kewa ..sakkili haththa… bambuwa nija bima… palako..tamail nadu….

    • Analyst says:

      Your homeland is South India and your all are here as either the descendents of the past South indian invaders or as illegal migrants( Kallathoni). How can you racialists say these are your homeland ,since Sinhala people have very past undeniable history in your areas in the form of written books, stone scriptures ,past archaeological sites of religious ( eg Nagadeepa) and historic (eg .Muhudhu viharaya) importance. As such ,no province is homeland to any particular ethnic group and whole country is homeland for each and every community,just you Tamil people enjoys at present, though it has been deprived for majority race by you racialists.

  3. අක්බාර් ලොක්කා says:

    කොටි සංවිධානය ගොඩ නැගූ දෙමල දේශපාලඥයන් උන්ගෙ අතින්ම මැරම් කැ ආකාරයටම මොවුන්ටද මිය පරලොව යෑමට සිදුවනු ඒකාන්තයි

    • Saradiel says:


      විග්නේශ්වරන් ත්‍රස්තවාදියාව වහාම අත්අඩංගුවට ගත යුතුයි ..යහපාලන ආණ්ඩුව නිතිය ක්‍රියාකරන්නේ මහා ජාතියට විතරද ?
      TNA දෙමළ සන්ධානය අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් මේ ත්‍රස්තවාදී පක්ෂය වහාම තහනම් කරනු
      එසේ කල නොහැකි නම් ජනපති සිරිසේන ,අගමැති රනිල් පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යනු
      මේ උතුරේ අපවත්වූ අපේබෞද්ධ සංඝයාවහන්සේට කරන අවමානය අපි තරයේ හෙළා දකිමු ..පාර්ලිමේන්තුවේ සිටින 225 මේ ගැන ඇයි නිහඩ ?
      උතුරේ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන්ට බයේද ? කෝ මේ JVP නායකයා සම්බන්දන්ගෙන් ලැබුණු කප්පම බෙන්ස්කර් එකට නිසාද නිහඩ ? මේකද දෙමළ සංහිදියාව ? ලක් බිමේ සිංහලයගේ අවසන් කටයුතු කිරීමත් බැරිද ?
      මේ සිංහල මව් බිමේ දැන් ආදාහන කටයුතු කරන්නත් ජාතිවාදී TNA ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගතයුතුද ?
      දෙමළ කතෝලික පුජකයින් ,දෙමල ජාතිකයින් අපේ රටේ සෑම පළාතකජිවත් වෙනවා ,ඔවුන් මියගියවිට ඒ පලාත්වලම මරණ කටයුතු සිදු කරනවා ..දැන් ඒ සියල්ලම තහනම් කල යුතුයි ..ඔවුන්ගේ මරණ ඉන්දියාවේ බුහුමදානය කල යුතුයි..මේකද TNA ඇතුළු කතෝලික සභාවේ තියරි එක …සිංහල අපිටත් මෙවැනිම උද්ගෝෂණ කල හැක ..නමුත් සිංහලයා ජාතිවාදී දෙමළ දේශපාලකයන් තරම් පහත් මෙලෙච්චේද තත්වයට පත් වී නැහැ
      සමගියෙන් ජිවත් වීමට බැරි සියලුම දෙමල ජාතිකයන් අපේ රටින් පිටවී උබලගේ නිජබිම ඉන්දියාවට පලයව්

  4. සයිබර් නානා says:

    එහනං ඔහේට වෙලා වැලලියං.

  5. පඩත්තර හොර රැවුලා. ගුර්කාවක් අන්ද says:

    කොලබ ඉදන් නමුලතිව් ගිහින් මු කියන ජඩ කතා ජාතිවාදය නොවේද? මූ වහාම දහ මාසේ පුහුණුවට යවාපල්ලා අම්මගේ බඩට.පඩත්තර හොර රැවුලා. ගුර්කාවක් අන්දමු.

  6. Nana says:

    I am surprised to see comments of some people. We should act like a Majority. Its true that Hindus never cremate bodies in the vicinity. This temple is in a area disputed. Who is wrong or correct, we dont know. Yet the feeling of Hindus, the people in the area should be respected. Then only we will get respect. Hinduism and Buddhism are very close religions. There is no point building Temples when no body to follow it. Earlier there have been many Tamil Buddhists in the area, but very few now. If we act like proper Buddhists, many other people will become Buddhists but you cant do in in force.

  7. Nana says:

    Its is easy to create another LTTE as we created earlier. But we had to fight 30 years. May be people do it for fun. When you respect other only you get respect. Today world has changed. This is not the era of slavery or colonisation. Everybody have same rights. You cant suppress people and keep long. Its also not right according to Buddhism. Monks not respecting Court Order not correct. Police not acting according to Court also not correct. Then the people of North will feel that the Govt, Police not theirs, but work only according to Sinhalese wishes. If the Court order is wrong, you can goto Higher Court. Not act like Thugs.. You all are thugs only infront of minorities…and when a WAR only innocent will goto Army.

  8. wIJAYA KALA says:

    දෙමලු මැරුණාම යාපනයටම අරන් පල .උබලත් අ නීතියම තමා

  9. sinha le says:

    සිංහල දේශයේ ඉපිද ඒ දේශයේම හැදී වැඩී සිහලුන්ගේ කරපිටින්ම ගොස් බලය ලබාගෙන උන්ගේ ඔලුවලම පහරන පාහරයින් හඳුනාගැනීමට උත්සාහ කරවූ සිහලුනි

  10. LION says:

    ඔබේ රට Sri Lanka නොව එය සිංහලයේ රාජ්යයි.

Main News