ගුරුවරියකට කොරෝනා වැලදෙයි.. බෝවුනු මුලාශ‍්‍රයක් සොයාගන්න බෑ..

October 12, 2020 at 10:30 pm | lanka C news
ගුරුවරියකට කොරෝනා වැලදෙයි.. බෝවුනු මුලාශ‍්‍රයක් සොයාගන්න බෑ..

අාඬිඅම්බලම ප්‍රදේශයේ පාසලක ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඇය දෙවන වසරට ඉගැන්වීමේ කටයුතුවල යෙදුණු ගුරුවරියකි.

ඇය ආසාදිත යැයි හඳුනා ගනිමින් පසු එම පාසලේ ඇය හා ආශ්‍රිතව වූ සිසුන්ට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇත.

සිදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර් මහතා සඳහන් කරන්නේ ඇයට වෛරසය සාදන වූයේ කෙසේ දැයි මෙතෙක් හෙළි නොවූ බවයි.

මේ හේතුවෙන් ඇය හා ආශ්‍රිත වූ පිරිසක් නිරෝධනයට කටයුතු කර ඇතැයිද ඔහු කියා සිටියේය.

64,638 views
Main News