ගුරුවරියක් දණ ගැස්වූ මන්ත‍්‍රීට ශ‍්‍රීලනිප සංවිධායක ධුරයක් පිරිනැමේ..

October 14, 2017 at 3:31 am | lanka C news
ගුරුවරියක් දණ ගැස්වූ මන්ත‍්‍රීට ශ‍්‍රීලනිප සංවිධායක ධුරයක් පිරිනැමේ..

ප‍්‍රියංකර ජයරත්න හිටපු රාජ්‍ය ඇමතිවරයා ආනමඩුව ආසනයේ ශ‍්‍රිලනිප සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇත. එම ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ලෙස වයඹ පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර මහතා පත් කර ඇත.

පසුගිය කාලයේදී ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක් දණගැස්සවූයේ යයි චෝදනා එල්ල වූයේ මෙම මන්ත‍්‍රිවරයාටයි.

අදාල චෝදනාව සම්බන්ධයෙන් මෙම මන්ත‍්‍රීවරයාට දඩ මුදලක් හා දෙවසරක අත්හිටවූ සිර දඬුවම් නියම කර ඇති බවත් එවන් වරදකරුවෙකුට ජනාධිපතිවරයා විසින් ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම ගැන විරෝධය පළ කරන බවත් ලංකා ගුරු සංගමය පවසයි.

සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතා පවසන්නේ ගුරු විදුහල්පතිවරුන්ගෙන් එල්ල වූ විරෝධය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා අදාල මන්ත‍්‍රීවරයාට නාම යෝජනා නොදුන් බවත් යහපාලනය තුළ මෙවැනි දේ සිදුවීම විහිළුවක් බවත්ය.

54 views

7 Comments to “ගුරුවරියක් දණ ගැස්වූ මන්ත‍්‍රීට ශ‍්‍රීලනිප සංවිධායක ධුරයක් පිරිනැමේ..”

  1. Saumya says:

    මුන්ට හරි හපන් මිනිහෙක් හොයාගන්ඩ බැරි තරමටම බංකොලොත් වෙලාද මේ හිරේ පයයි, එලියෙ පයයි තියාගන ඉන්න අපතයෙකුට ආසන සංවිධායකකම් දෙන්නෙ.  

    • ගුරුවරියක් says:

      ඈ බොල ආප්පොයො චන්දයට කලින් තෝ මොනවද මහින්ද ගෑන කිව්වෙ, මේකද තොගෙ යහපාලනය, තොට එල්ලේන්ඩ වෑල් නතුවහම කබරගොයත් තලගොයා නේද. බයවෙන්ඩ එපා තොට වෙනම නරකාදියක් යමරජා හදල තියනවා රටට කරපු අපරාදට.

  2. ගෝලයෙක් says:

    ටිචාර් දන ගැස්සූ ඔබට me ආසනයම දැන් ගස්සන්න පුළුවන්. ජය වේවා. දන ගහමු.රට කමු.

  3. ගුරුවරියක් says:

    ඈ බොල ආප්පොයො චන්දයට කලින් තෝ මොනවද මහින්ද ගෑන කිව්වෙ, මේකද තොගෙ යහපාලනය, තොට එල්ලේන්ඩ වෑල් නතුවහම කබරගොයත් තලගොයා නේද. බයවෙන්ඩ එපා තොට වෙනම නරකාදියක් යමරජා හදල තියනවා රටට කරපු අපරාදට.

  4. A.S.P. Li. says:

    Oka mokakada remand karala hitapu horekuta Thanapathi kamak deela thiyenne.

  5. සාධාරණ සෝභිත​ says:

    මේ අලුගුත්තේරුවා ගුරුවරියක දණ ගැස්සුවේය​.ඒ ඌ පාසල් ගිය එකෙකු නොවන නිසාය​.මෙදා මේ අලුගුත්තේරුවා ශ්‍රීලනිපය දණ ගස්වන්නට ඉදිරිපත් වී ඇත​.ආප්පය දෛවයේ සරදමට ලක් වන දිනය අත ළඟය​.

  6. V aru says:

    ??????????? Ane mehemath gon harak , minissu hinga kana thanta path una ,,