ගුරු දෙවිවරු මහනුවර සිට කොළඹට විරෝධතා ගමනක් අරඹති..

August 4, 2021 at 12:40 pm | lanka C news
ගුරු දෙවිවරු මහනුවර සිට කොළඹට විරෝධතා ගමනක් අරඹති..

ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ඒකාබද්ධ විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

අද දිනයේ මහනුවරින් ආරම්භ කරන ලද මෙම පා ගමන කොළඹ බලා ගමන් කිරීමට නියමිතය.

තම වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

ගුරුවරුන් විසින් මාර්ගගත ක‍්‍රමයන් ඔස්සේ ඉගැන්වීමේ කටයුතු තව දුරටත් වර්ජනය කර තිබේ.

34,524 views

39 Comments to “ගුරු දෙවිවරු මහනුවර සිට කොළඹට විරෝධතා ගමනක් අරඹති..”

  1. Leon Ma says:

    ගුරු “දෙවිවරු”න් ට අහසින් ම වඩින්න බැරිද ?

  2. tdsolo says:

    බත් බැලයෝ ආණ්ඩුවට කඩේ යන්නේ මොනවා දැනගෙන දැයි නොදනිමි.ගුරුවරුන්ට බනින මෝඩ හැත්ත දැන ගන්න ඔනි උන් කොච්චර ඇන්දිලාද කියලා.තේරෙන්න ඉස්කෝලෙකට යන්ඩත් එපැයි .
    කොවිඩ්’ වසංගතය මධ්‍යයේ උද්ඝෝෂණ කිරීම සුදුසු නොවේ නම් වසංගත මධ්‍යයේ ජනතාවට හොරෙන් වඩාත් සංවේදී පනත් සම්මත කිරීමට උත්සහ කිරීම ද සුදුසු ද?

  3. Janam says:

    ගුරු ගෞරවේ තිබ්බත් මේ වෙලාවෙ ජනතා සහාය ලැබෙන්නෙ නෑ . ඒ වෙනුවට ජනතා වයිරය නො අඩුවම ලැබේ. හේතුව මරන වසංගතයක් අස්සේ එය පැතිරවීමට දායක වීමයි. සියලු දේ මරන බයට යටවේ.

  4. charin yensitha says:

    අපිනම් ඉගෙන ගත්තෙ ටියුෂන් දෙවිවරුන්ගෙන්. ඒ දවස්වල ගුරු දෙවිවරු විවේකාගාරයේ කට්ලට් බැද්ද

Main News