‘ගුරු දෙවිවරු’ වසල වැඩ කරති.. ජනාධිපති කාර්යාලයට එන වාහන නවතා හුලං අරිති… [Video]

July 22, 2021 at 10:02 pm | lanka C news
‘ගුරු දෙවිවරු’ වසල වැඩ කරති.. ජනාධිපති කාර්යාලයට එන වාහන නවතා හුලං අරිති… [Video]

අද දහවල් ජනාධිපති කාර්යාලය ඉදිරියේ දී ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ වාහනයේ හුළං බැස්සවීමකට ලක්කර තිබේ.

සිය වැටුප් වර්ධක ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුර ඔහු මෙම ගැටළුවට මැදි විය.

ඒ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය ඇතුළු වීමට පැමිණි සේනාධිපති මහතාගේ වාහනය විරෝධතාකරුවන් විසින් අවහිර කරනු ලැබීය.

කිහිපදෙනකු ඔහුගේ වාහනය ටයර් වල හුලං බැස්සවීමට උත්සාහ කරනු දක්නට ලැබිණි.

විරෝධතාකරුවන් ජනාධිපති වරයාගේ ලේකම්වරයෙකු සමඟ සාකච්ඡා කර ඇති අතර ඔවුන් ඉන් පසුවද කියා සිටියේ වර්ජනය තවදුරටත් ඉදිරියටත් සිදුකරන බවයි.

අන්තර්ජාල හරහා ඉගැන්වීමේ කටයුතු ද තවදුරටත් වර්ජනය කරන බවද වෘත්තීය සමිති නායකයන් කියා සිටියහ.

68,792 views

56 Comments to “‘ගුරු දෙවිවරු’ වසල වැඩ කරති.. ජනාධිපති කාර්යාලයට එන වාහන නවතා හුලං අරිති… [Video]”

  1. Radika says:

    අපිනම් ලමයි යවන්නෙ international school. එක හේතුවක් තමයි ගුරුවරුන්ගේ කි්‍රයාවලියට ඇති අකමැත්ත. නිවාඩුව ඉවර වුනාම ඉස්කෝල පිරිසිදු කිරිමේ සිට වාර අවසානයේ ටිචර්ට සාරි දිම, පන්ති බාර ගුරැතුමියගේ ටියුෂන් එකට යැවිම ආදි සියලු දේ නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් දෙමව්පියන්ට ඇති හිසරද
    මේවා නවත්තන්න බැරිද?

    • සෙනෙවිරත්න says:

      ඔයාට සල්ලි ඇති හුගාක් නේද? ඔයාට රාජපක්ෂවරු මොන මොන කොන්ත්‍රාත් ද දුන්නෙ. ගමේ සිරිපාලගෙ ළමය යවන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ඉස්කෝලයක් කියන්න. ඔයාගෙ ළමය පිටරටකටම යවන්න තිබුනනෙ. ඉගෙනගෙන මේ ඩිසිප්ලීන් නැති උන්ට සේවය කරල මොකටද

  2. Hesh says:

    ගුරු දෙවිවරු උද්ගෝශන වලට අරගෙන ආවට ඔය වැඩ කරන්නේ ජෙප්පො. ජෙප්පා කියන්නේ ජෙප්පමයි. හාමුදුරුනමක් උනත් ජෙප්පෙක් උනොත් ඊට පස්සේ ඒක වෙනම මානසිකත්වයකින් වැඩ කරන මැශිමක්. ගුරුවරයෙක් උනත් එච්චරයි.

    • සෙනෙවිරත්න says:

      දැන් 3% කිව්වට ඒක 50%ට විතර නැගලද? නිකන් හිටපන් මේ මිනිස්සු වසර ගනනාවක් ඉල්ලපු දෙයක්. උඹලගෙ විරුව දීපු පොරොන්දු තමයි මේ ඉල්ලන්නෙ. තැපැල් චන්ද වැටෙන කොට උඹ කොහේද හිටියෙ? පොරොන්දු උනානම් විරුවට කියපන් කරන්න කියල මෙතන ජෙප්පන්ට බැන බැන වැලලෙන්නෙ නැතුව

  3. Kishan says:

    These teachers should keen dissapline before they teach others. In a crisis situation all other people suffering but those guys weather schools were open or not got their salary for 2 years. Why do they follow the politics of JVP the least actively involved political party in Sri Lanka for development by organising strikes in every field.their leaders or caders does not have any experience for doing practical thing in life with any value but find some reason to disturb the functions in whole country even in 88/89 they do the same.

    • සෙනෙවිරත්න says:

      උඹට පේන්නෙ ගුරුවරුන්ගෙ විනය ජවිපෙ ඇද? උඹට රාජපක්ෂ හැත්ත රටට කරපු විනාසෙ පේන්නෙ නැද්ද?

  4. Canthi says:

    Pissu

Main News