ගුරු දෙවිවරු Online උගන්වන්න 30%ක පඩි වැඩිවීමක් ඉල්ලති..

July 21, 2021 at 10:10 am | lanka C news
ගුරු දෙවිවරු Online උගන්වන්න 30%ක පඩි වැඩිවීමක් ඉල්ලති..

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ.

ඒ හේතුවෙන් ද මාර්ගගත ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියටත් ගෙන යාමට තීරණය කර ඇත.

අදාළ සාකච්ඡාව පැය දෙකක් පමණ පැවති අතර තම ඉල්ලීම්වලට සාර්ථක ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම ඇතුළු රාජකාරිවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියටත් ක්‍රියාත්මක කරන සංගමය නායකයන් කියා සිටිති.

එමෙන්ම හෙට දිනයේ පිටකොටුවේදී උද්ඝෝෂණයක්ද සංවිධානය කර තිබේ.

කෙසේ වෙතත් තම වැටුප සියයට 15 කින් ඉහළ දමන්නේ නම් දැනට ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ග නවතා දැමීම සම්බන්ධයෙන් සලකා බැලීමට එම වෘත්තිය සමිති තීරණය කර තිබේ.

තමන්න් ගේ ඉල්ලීම 30% ක වැටුප් වැඩිවීමක් වූවද අමාත්‍යවරයා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් පමණක් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බවද ඔවුන් සඳහන් කරති.

31,362 views

43 Comments to “ගුරු දෙවිවරු Online උගන්වන්න 30%ක පඩි වැඩිවීමක් ඉල්ලති..”

  1. බන්ඩා says:

    ගුරැ දෙවිවරැ ගෙදර ඉදන් පඩි අරන් දැන් ගෙදර ඉදන් උගන්වන්න 30% ක වැඩි පඩි ඉල්ලනවා.

    • පොඩ්ඩා says:

      දරැවන් අනාත කරන මුන් ගුරු පෙරේතයෝ.

    • හිටං බාස් says:

      ගෙදර ඉදන් පඩි ගන්න ගුරාලට පඩි වැඩි කරනවා නම් ot කරල ජීවත් වෙන අපිටත් දියව්.

  2. පබිලිස් says:

    රජයෙ හො පුද්ගලික අන්සයෙ ඕනම සේවකයෙක් ට ඕනෙ ම වෙලාවක සේවයෙන් අයින් විය හෙකී එම නිසා කරුනාකර තමන්ට එම රෙකියා ව සුදුසු නෙත්නම් එයින් අයින් වෙන්න අපිට පව් නොදී නෙත්නම් ආයි කොරොනා වෙඩි වී රටම වහන්න වෙයි.
    කාලකන්නි රජයෙ සේවකයන් ට නම් කොහොම රටට කෙලවුනත් පඩි ලෙබෙනවා නේ

  3. සෙනෙවිරත්න says:

    සටන ජයග්‍රහණය තෙක් ගෙනියන්න. ගුරුවරුන්ගෙන් උගත් කැනහිලුන් කොපමණ උඩුබිරුවත් බිය නොවන්න

  4. ගුත්තිල says:

    ගුරුවරු ඉල්ලන්නේ වැඩි පඩි නෙවෙයි. ලැබිය යුතු වැටුපයි. නොදන්න දේවල්වලට කහින්නෙ නැතුව හිටු.

Leave a Comment

Main News