ගුරු පත්වීම් දෙන්න මාරුවීම් කරන්න ඇමති අකිලගේ බිරිද නමින් අණ කරලා…
December 27, 2017 at 6:48 pm | lanka C news
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ බිරිය බව පවසමින් ගුරුපත්වීම් හා ගුරු මාරු සිදුකරන ලෙසට දුරකතන මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට බලපෑම් කරන තැනැත්තියක සොයා විශේෂ විමර්ශනයක් ඇරැඹෙයි.
අධ්‍යාපන ඇමැති බිරිය බව පවසා අමාත්‍යාංශයේ නිලධාරීන්ට ගුරු පත්වීම් හා ගුරු මාරු සම්බන්ධයෙන් නිතර දුරකතන ඇමතුම් මඟින් බලපෑම් කිරීම නිසා සැක සිතූ අදාළ නිලධරයන් ඒ බැව් ඇමැතිවරයාට දැනුම් දී තිබේ.
කිසිම අවස්ථාවක දේශපාලන හෝ රාජකාරිමය කටයුතුවලට සිය බිරිය සම්බන්ධ නොවී සිටියදී ජනතාව මුළා කර මෙවැනි ක්‍රියාවක යෙදෙන අය ඉක්මනින්ම අල්ලාගත යුතු බව නිලධාරීන්ට පවසා ඇති ඇමැතිවරයා වහා පරීක්ෂණ අරඹන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන හා ආරක්ෂක අංශවලට නියෝග කර ඇත.
මීට පෙර ඇතැම් ඇමැති බිරින්දෑවරුන් මේ ආකාරයට ගුරු පත්වීම්, මාරුවීම් හා දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම් වැනි කටයුතු වෙනුවෙන් ක්‍රියාකර තිබුණත් වත්මන් ඇමැතිවරයාගේ බිරියගෙන් එවැනි ක්‍රියාකාරකමක් නොතිබුණ නිසා තමන් මේ ගැන දැනුම් දුන්නේ පුදුමයෙන් යුතුව බවද එම නිලධරයන් ඇමැති අකිල විරාජ් කාරියවසම්ට ප්‍රකාශ කර ඇත.
අමාත්‍යාංශයේ ආරක්ෂක අංශය මේ සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කර තිබේ.
අමාත්‍යාංශයට පැමිණෙන ජනතාව මුළාකර ගසාකන්නන් අල්ලා ගැනීමට පොලිස් බුද්ධි අංශ යොදවා තිබෙන අතර මෙසේ දුරකතන ඇමතුම් මඟින් නිලධාරීන්ට බලපෑම් කරන තැනැත්තිය ඉක්මනින්ම අල්ලා ගත යුතු බවද ඇමැතිවරයා අවධාරණය කර තිබේ.
– Mawbima
Thanks. He,s a good politician.
She is a very kind and genuine women, its a real mud for her kind figure .
අකිලයගෙ පවුල අහු උනත් හිරේ යන්න වෙන්නේ නැහැ බය වෙන්න එපා මොකද බැංකු හොරු කරුපා සහ රනියා තාම නිදැල්ලේ.