ගුරු පොකුර හොදටම පිපේ… විරෝධතාවලට ගිය ගුරුවරුන් 25ක් කොරෝනාවෙන් මිය ගිහින්.. 400ක් ආසාදිතයි..

August 29, 2021 at 3:00 pm | lanka C news
ගුරු පොකුර හොදටම පිපේ… විරෝධතාවලට ගිය ගුරුවරුන් 25ක් කොරෝනාවෙන් මිය ගිහින්.. 400ක් ආසාදිතයි..

කොවිඩ් රෝගයට ගොදුරු වීමෙන් මේ වන විට පාසල් ගුරුවරු 25 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවත්, මියගිය ඒ සියලු දෙනා පසුගියදා පැවැති ගුරු උද්ඝෝෂණවලට සහභාගි වූ අය බවත් වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බව පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ හෙළි කළාය.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ මෙම මියගිය ගුරුවරු ලංකාවේ සියලු පළාත්වලට අයත් අය බවත්, ඒ අතර ආණමඩුව, හලාවත, අනුරාධපුර, පුත්තලම, නුවරඑළිය, වලපනේ මෙන්ම අම්පාර පළාත් වලින්ද ගුරු මරණ වාර්තා වූ බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනිය සඳහන් කළේ මේ වන විටත් ගුරු උද්ඝෝෂණවලට සහභාගි වූ ගුරුවරු අතරින් 400 කට ආසන්න ගුරු පිරිසක් කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බවත් ඇතැම් පාසල්වල ගුරු කාර්ය මණ්ඩලයම ආසාදනයට ලක් වූ පුවත්ද වාර්තා වී ඇති බවයි.

හලාවත ජෝෂප් වාස් විදුහලේ ගුරුවරයකුද පසුගියදා මරණයට පත්ව ඇති අතර එම ගුරුවරයා අවසන් මොහොත දක්වාම ගුරු උද්ඝෝෂණවලට සම්බන්ධව සිටි අයකු බව ඔහුගේ බිරිඳ පවසා ඇති අතර මෙම ගුරුවරයා කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් මියගිය බවට මරණ පරික්ෂණ වාර්තා සඳහන් කර තිබියදී මෙම ගුරු සංගම් නියෝජිතයන් එම මරණ වෙනත් හේතු නිසා මියගිය පවසා සිටීම විමතියට ලක්වන කරුණක් බවද ඇය පැවැසුවාය.

මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක සිට ලංකාවේ ජාතික පාසල් 373 ක හා පළාත් පාසල් 9,782 ක පාසල් සිසුන් 4,063,68කට පමණ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පවා ඇණ හිට ඇත. මේ සියලු අධ්‍යාපන කටයුතු සිදුවූයේ පාසල් ගුරුවරු 249,494 ක් අතිනි.

– Silumina

68,735 views

86 Comments to “ගුරු පොකුර හොදටම පිපේ… විරෝධතාවලට ගිය ගුරුවරුන් 25ක් කොරෝනාවෙන් මිය ගිහින්.. 400ක් ආසාදිතයි..”

  1. rocky says:

    Ravatenna Epaa! Oya atta balu huththi kelinne Kebara. Oki Aanduwata passa aththa dena ekiyak!!

  2. ඇණවතී says:

    මේ මොංගලේ වගකීමක් ඇතුව කලින් බුකියේ පෝස්ට්
    එකකුත් ශෙයා කරා නේද. වහල් කම නිසා තමංගෙ ම වෘත්තිකයන් පාවා දෙන මේ වගේ අයගෙ විශේෂ ජාන පරීක්ෂණ කරන්න ඕනි.

  3. Silva says:

    කරපු උද්ඝෝෂණ පෙලපාලි වල හැටියට නොමැරුනොත් තමා පුදුම . ස්ටාලින් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ .

  4. juan says:

    කිසිම දේකට නොගිය මටත් හැදුනා බොල

    • huan says:

      කිසිම දේකට නොගියත් දෙකපුන්න ගියානෙ 3% සොන්නයන්ට? එතකොට හැදෙනවා.

  5. හෙලයා says:

    දියව් දියව් ඔක්ෂිජන් දියව්🙂 හරි දැන් යමු පාගමන්. මොලේ නැති මිනිසුන් මුලා කරලා ngo කාරයො ටික ගාන කපා ගත්තා..වසර 24 ඉදලා කොරොනා වසන්ගතෙ අස්සෙම උද්ගෝසන කිරීමෙ විපාක තම දැන් මුලු රටම.බුක්ති විදින්නෙ..

  6. truth says:

    මේ වගේ ගොන් කතා පිලිගන්න කට්ටිය ඉන්න එක අහන්න දෙයක් නැහැ. ජෙප්පොන්ට සජිය ට පුලුවන් නම් මේ තරම් ගුරුවරු පාරට ගන්න ඔයාලා කල්පනාවෙන් ඉන්න .ඊලග ඡන්දෙදි සොරි තමයි. කිසිම තැනක ගුරුවරු මැරුනේ නැහැ උද්ගෝෂණ නිසා. එහෙනම් අපිට පනිවිඩ එනෙවා.ඔයාලත් ගුරුවරු මැරෙනකන් හිටිය හදපාන් නෝනා වගේ මෝඩ වෙන්න එපා. විවිද ලෙඩ තියන ගුරු පිරිසක් මේ රටේ හැමදාම මැරෙනවා. උද්ගෝෂණ ඉවර වෙලා අගෝස්තු 8 ඉදන් අදට දවස් කීයක් ද මැරෙනවනම් ඔයාලගෙ ගෙවල් ලග ඉන්න අයත් මේ වෙනකොට මැරිලා.