ගුරු වර්ජනය දිගටම.. ඔන්ලයින් වර්ජනය නොනවත්වයි.. ඔන්ලයින් ටියුෂන් නොනවත්නවයි.. සල්ලි නැතොත් ලින්ක් නොදේ..

October 13, 2021 at 12:00 pm | lanka C news
ගුරු වර්ජනය දිගටම.. ඔන්ලයින් වර්ජනය නොනවත්වයි.. ඔන්ලයින් ටියුෂන් නොනවත්නවයි.. සල්ලි නැතොත් ලින්ක් නොදේ..

ගුරු විදුහල්පතිවරුන් විසින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය වදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති 31ක සහභාගීත්වයෙන් අද පැවැති සාකච්ඡාවක දී මෙම තීන්දුව ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු අද රැස්වූ වාත්තීය සමිති විසින් මෙම තීරණය ගනු ලැබීය.

මේ අතර ඔන් ලයින් ඔස්සේ අමතර පංති පවත්වනු ලබන සමහර ගුරුවරුන් මෙම දිනවලදි අධික මුදලක් අය කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව දෙමාපියන් පවසති.

දෙමාපියන් පවසනුයේ පාසල් වසා දමා ඇති මෙම කාලයේ ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා මාර්ග හේතුවෙන් ගුරුවරුන් විසින් සිදු කරන ලද ඔන් ලයින් ඉගැන්විම් නතර කලද සමහර ගුරුවරුන් අධික මුදලක් අය කරමින් අමතර පංති පවත්වන බවත්ය.

මෙසේ අමතර පංති පවත්වන සමහර ගුරුවරුන් ශීෂ්‍යත්ව පංති හා සමන්‍ය පෙළ පංති පවත්වන බවත් එම සමහර ගුරුවරුන් ශිෂ්‍යත්වය සදහා එක් විෂයකට විවිධ මිල ගණන් අයකරන බවද ඔවුන් පවසති.

එමෙන්ම සමන්‍ය පෙල සදහා පංති පවත්වනු ලබන සමහර අමතර පංති ගුරුවරුන් නියමිත දිනට එම මුදල් ගෙවිමට නොහැකි වුවහෝත් තම දරුවන්ට අමතර ඉගැන්විම් නොකරන බවද ඔවුන් පවසති.

කොවිඩ් වසංගත තත්වයන් මත තමන්ද දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජිවත් වන බවත් එම තත්වයන් මත මෙසේ අධික මුදලක් වැය කර තම දරුවන්ට ඉගැන්විමට සිදු විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම දෙමාපියන් පවසති.

කොවිඩ් හේතුවෙන් විදුහල්ද වසා ඇති කාලය තුලදි ඔන් ලයින් ඔස්සේ තම දරුවන්ට ඉගැන්විම් කිරිමද ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා හේතුවෙන් නවතා දැමුනද මෙකි සමහර ගුරුවරුන් මෙසේ අධික මුදලක් අය කරමින් අමතර පංති පැවැත්විම තම දරුවන්ට මෙන්ම තමන්ටද කරනු ලබන දැඩි අසාධාරනයක් බවත් එම දෙමාපියන් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා/දිනෙත් විදාන

56,955 views

56 Comments to “ගුරු වර්ජනය දිගටම.. ඔන්ලයින් වර්ජනය නොනවත්වයි.. ඔන්ලයින් ටියුෂන් නොනවත්නවයි.. සල්ලි නැතොත් ලින්ක් නොදේ..”

  1. Jude perera says:

    Matanam akuru igannuwe gurun

  2. NuwanJ says:

    අවුරුදු 25කින් කරගන්න බැරිවුන වැඩිකර ගැනීම
    කොටස් දෙකකට ලබාගන්නත් අකමැති මේ අය ජනතාව මරාගෙන කන්නද හදන්නෙ
    රටට අමාරු වෙලාවෙ තමන් ගැන විතරක් හිතන මුන් කරන්නෙ දේශපාලන ගේමක්

  3. Silva says:

    පඩි මදිනම් කෙඳිරි ගගා ඉන්නේ නැතිව අස්වෙන්න. කවුරුවත් ඕගොල්ලන්ව බලෙන් රදවාගෙන නැහැ. අස්වෙන්න. කරුනාකර අස්වෙන්න.

  4. dev says:

    එක කොන්ද ඇති දෙමව්පියෙක් නැද්ද නඩු දාන්න…ළමයින්ට අධ්‍යාපනය ලබා දීම මූලික අයිතිවාසිකමක්…එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිති රටවල් පිළිගත් පොදු එකඟතාවයක්…දැන් මේ අයිතිවාසිකම් කඩවීමට විරුද්ධව දෙමව්පියන් නඩු නොයන්නේ ඇයි.?

  5. වැඩට එනවා නම් එන්න, අස්වෙනවා නම් එන්නේ නැතිව ඉන්න. පොරටෝක් එපා.

  6. ගොවියා says:

    මුදල් අය කර ටියුෂන් පංති පැවැත්වීම අනිවාර්යයෙන්ම නියාමනය කල යුතුය

  7. Ravi k says:

    Online karana Salli nethi lamai nomile dena DP education ekata join wenna .
    Eka hodndata karanawa

  8. p.d goonawardena says:

    මුන් එක්ක බලනකොට හාල් මෝල් කාරයෝ හොදා….දැන් මුන්ගෙත් පන්ති වලට පාලන මිලක් නැහැනේ…..ඉතින් ගුරු දෙවිවරුද මේ….ප්‍රේමයගේ කාලෙ නම් ඕවා මොකුත් නෑ…එක්කෝ ටයර් උඩ​..නැත්නම් කට පුන්චා වගකීම අරගෙන​….හුගක් උඩ යනවා …මොකක් හරි ඉල්ලනවා…

  9. lak says:

    මේක මේ …මී ළඟ චන්දෙ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් සෑදීමට රජය මගින් දමන අත්තිවාරමක්…අලුත් මුණක් සමග පරණ හොරුන් යලිත් පාර්ලිමේන්තුවට..රටේ නම ගිය වියපාරිකයෙක් දැන් ඔන්ලයින් අධ්‍යාපනයේ නියමුවා ලෙස ඉදිරියට එමින් පවතින අතර ..මෙම වර්ජනය එම ප්‍රතිරූපය සෑදීමට උදව්වක්දැයි සැක පහල වේ..

  10. රටෙන් පිට ඉන්න එකෙක් says:

    ජොගින් ට්‍රැක් නම් ටක්ගාල පාස් කරල දෙයි, එක එකාට කොමිස් දෙයි, පඩි වැඩිකරන්න බෑ.

    මීඩියා වලට ගෙවල තියෙන්නෙ දැන් ගුරුවන්ට අපහාස කරල,
    නිව්ස් මවා පාල,
    මිනිස්සුන්ගෙ හිතේ වෛරයක් ඇති කරන්න කියල ගුරුවරුන් ගැන.

    ගුරුවරුන්ට බැනපල්ල උඹලගෙ පඩිය ඊටත් වඩා අඩුනම් සහ ඒ පඩියෙන් හොඳට කාල බීල ඉන්නවනම්.

    මිනිස්සුන්ගෙ අමරුකම් නොදන්න පරයො කියයි ඉතින් ටියුශන් කරන්න කියල,
    ඒත් හිතල බලපල්ල කීයෙන් කීදෙනාද ටියුශන් කරන්නෙ කියල.

Main News