ගුරු වර්ජනය දිගටම.. ඔන්ලයින් වර්ජනය නොනවත්වයි.. ඔන්ලයින් ටියුෂන් නොනවත්නවයි.. සල්ලි නැතොත් ලින්ක් නොදේ..

October 13, 2021 at 12:00 pm | lanka C news
ගුරු වර්ජනය දිගටම.. ඔන්ලයින් වර්ජනය නොනවත්වයි.. ඔන්ලයින් ටියුෂන් නොනවත්නවයි.. සල්ලි නැතොත් ලින්ක් නොදේ..

ගුරු විදුහල්පතිවරුන් විසින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය වදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති 31ක සහභාගීත්වයෙන් අද පැවැති සාකච්ඡාවක දී මෙම තීන්දුව ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු අද රැස්වූ වාත්තීය සමිති විසින් මෙම තීරණය ගනු ලැබීය.

මේ අතර ඔන් ලයින් ඔස්සේ අමතර පංති පවත්වනු ලබන සමහර ගුරුවරුන් මෙම දිනවලදි අධික මුදලක් අය කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව දෙමාපියන් පවසති.

දෙමාපියන් පවසනුයේ පාසල් වසා දමා ඇති මෙම කාලයේ ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා මාර්ග හේතුවෙන් ගුරුවරුන් විසින් සිදු කරන ලද ඔන් ලයින් ඉගැන්විම් නතර කලද සමහර ගුරුවරුන් අධික මුදලක් අය කරමින් අමතර පංති පවත්වන බවත්ය.

මෙසේ අමතර පංති පවත්වන සමහර ගුරුවරුන් ශීෂ්‍යත්ව පංති හා සමන්‍ය පෙළ පංති පවත්වන බවත් එම සමහර ගුරුවරුන් ශිෂ්‍යත්වය සදහා එක් විෂයකට විවිධ මිල ගණන් අයකරන බවද ඔවුන් පවසති.

එමෙන්ම සමන්‍ය පෙල සදහා පංති පවත්වනු ලබන සමහර අමතර පංති ගුරුවරුන් නියමිත දිනට එම මුදල් ගෙවිමට නොහැකි වුවහෝත් තම දරුවන්ට අමතර ඉගැන්විම් නොකරන බවද ඔවුන් පවසති.

කොවිඩ් වසංගත තත්වයන් මත තමන්ද දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජිවත් වන බවත් එම තත්වයන් මත මෙසේ අධික මුදලක් වැය කර තම දරුවන්ට ඉගැන්විමට සිදු විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම දෙමාපියන් පවසති.

කොවිඩ් හේතුවෙන් විදුහල්ද වසා ඇති කාලය තුලදි ඔන් ලයින් ඔස්සේ තම දරුවන්ට ඉගැන්විම් කිරිමද ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා හේතුවෙන් නවතා දැමුනද මෙකි සමහර ගුරුවරුන් මෙසේ අධික මුදලක් අය කරමින් අමතර පංති පැවැත්විම තම දරුවන්ට මෙන්ම තමන්ටද කරනු ලබන දැඩි අසාධාරනයක් බවත් එම දෙමාපියන් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා/දිනෙත් විදාන

56,820 views

56 Comments to “ගුරු වර්ජනය දිගටම.. ඔන්ලයින් වර්ජනය නොනවත්වයි.. ඔන්ලයින් ටියුෂන් නොනවත්නවයි.. සල්ලි නැතොත් ලින්ක් නොදේ..”

  1. ඇත්ත යථාර්ය says:

    මොවුන් ගුරුන් නොව නිකන් සිට පඩි ගන්න හොරුන්, කාලකණ්ණි කීම සාධාරණය.

  2. පඩි මදිනම් වැඩි පඩි දෙන රස්සා හොයාගනිල්ලා. හොරෙන් බැංකුවට ගිහින් පඩිය පිනට අරගෙන නිකම් ඉන්නවාට වඩා හොදයි පාරවල් අයිනේ හිගා කෑවානම්. උඹලා නම්බුකාර හිගන්නො.

    • විද්‍යාත්මකවremu says:

      මොන නම්බුවක් ද අයියා ඉ‌ස්කෝලේ මහතුරු කියන්නේ ඉතින් කලිසම අදින නිසා නේ. අනේ ද ළමයි

    • විද්‍යාත්මකවremu says:

      ආන්න ඒ නිසා උබේ ලමයෙක්වත් දන්න කියන ලමයෙක් වත් ගුරෙක් නොකරව් අඩුතරමින් නටාමියෙක් කරපියව්

  3. kannangara says:

    කිසි කෙනෙකුට තේරෙන්නේ නැද්ද මේ වර්ජන මෙහෙයවන්නේ ලපයයි, මෝඩ පුතනොයි කියල . උන් දෙන්නේටම තියෙන්නේ එකම දොළ දුක එදා ඉදල උසස් අධ්‍යාපනේ අන්තරයක් හදාගෙන විනා කරා ලපගේ ළමය පිටරට ඉගෙන ගැනීම හොදයි මෝඩ පුතානෝ රට ඉගෙනගෙන ළමයෙක් හද ගන්න බැරිනිසා මුළු ලංකාවේම ළමයි ගෙන් පාලි ගන්නවා.

  4. විද්‍යාත්මකවremu says:

    පඩි මදි නිසා හවසට පාට් ටයිම් ජෝබ් කරන්න යොජනා කරමු. රබර් කිරිකැපීම සත්ව පාලනය එළවළු වගාව කුඹුරු කිරිම. සිල්ලර කඩ තව ඉතින් ‌සිසුසිසුවියන්ගේ අම්මල තාත්තල අකමැති නැත්නම් ෂෙඩ්වල තෙල් ගැහිලි මුට්ටකරගැසිම් පොලේ වෙලදාම් බස්කොන්දස්තර කම් අනේ මොනතරම් ආදර්ශයක් ද

  5. විද්‍යාත්මකවremu says:

    ලංගම ඉස්ට්‍රයික් එතකොට ප්‍රයිවට් අයගේ කල්ල මරේ. දැන් ටියුෂන් ම කරන අයගේ කල්ල මරේ. එකයි දකින්නේ බං

  6. විද්‍යාත්මකවremu says:

    ගුරු කොමට එන ඉස්කෝලේ (මහත්තයෙකුගේ නොනෙකුගේ ) වැටුප 31000 එච්චරමයි ආයේ අනිකු අයට වගේ ගමන් වියදම් බාටා ‌අතීකාල මොකවත් නෑ ඉතින් උඹලගේ ලමයි කවදැවත් ගුරෙක් කරන්න එපා. ව්‍යවසායකයෙක් කරපං බං

  7. ගැමියා says:

    හොර ගුරුවරු නිසා හොද ගුරුවරුන්ටද අපහාස විදින්නට වෙනවා.මුන්ව එල්ලන ඕනැ හෙලුවෙන්.

  8. කූඩැල්ලා says:

    ගුරුවරුන් ලෙස පෙනී සිටින ත්‍රස්තවාදී බල්ලන් රැලකට පාසල් වල ලමයින් ට ඉගැන්වීම සඳහා පත්වීම් දීපු එකේ බරපතළ කම දැනුයි පෙනෙන්නේ. මේ පෙලපාලි ගිය සක්කිලි රැල නිසා නම්බුකාර ගුරු භවතුන් ගේ නම්බුවත් කෙලෙසුනා. පින් පඩි අරගෙන වැඩ වවර්ජන කරපු අමන ගුරු බල්ලන් රැලම ගෙදර යවන්න ඕනෑ. අලුතින් උපාධි ගුරුවරුන් බඳවා ගෙන අහිංසක දරුවන් මේ සක්කිලි මූසල බල්ලන් ගෙන් බේරා ගන්න.

  9. MD says:

    සත්‍ය වශයෙන්ම අද ගුරුවරයා අද හොඳට තුන්වේල කාලා අනෙකුත් අවශ්‍යතා සුපිරි පන්තියේ තරම නැතුව වුනත් සාමාන්‍යයෙන් දරුවන්ට හොඳට උගන්නගෙන විනෝදයක් ඵහෙම අරගෙන යහතින් ඉන්නවනේ.ඵහෙම නැහැ කියනවනම් ඵයාල අනියම් සම්බන්ධ කම් හෝ බොරු ශෝබන දාන පවුලක් වෙන්න ඕන.ඉතින් දෙයියනේ ඵදා වේල කන්න බොන්න නැති අහිංසක මිනිස්සු සුරගෙන කන්නද මෙවැනි වසංගතයක් ආර්ථික අතින් ලෝකයේ බලවත් රටවල් පවා දුෂ්කර අවස්ථාවක ඉන්න කොට පඩිය වැඩි කරගන්න හදන්නේ. දරුවන් දිවි නසා ගන්නවා ඔන්ලයින් නැතුව ගත්ත ෆෝන් වලට පව් සිද්ධවෙන්න.ගුරුවරු මරාගෙන මැරෙන කල්ලියක් වගේ අපට පෙන්නේ දැන්

Leave a Comment

Main News