ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ.. චීනය, සිංගප්පූරුව, මැලේෂියාවත් එසේයි..

October 16, 2021 at 4:40 pm | lanka C news
ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ.. චීනය, සිංගප්පූරුව, මැලේෂියාවත් එසේයි..

රජයේ ගන්නා තීරණ වලට වෘත්තිය සමිති එකඟ නොවන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තිය ක්‍රියාමාර්ග නතර කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එසේ නොකර සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල් බිහි කළ නොහැකි බව ද ඔහු පැවසීය.

චීනය සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල නායකයන් එම රටවල් දියුණ කර ඇත්තේ එලෙස කටයුතු කිරීමෙන් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රජයේ තීරණ නොතකමින් වෘත්තීය සමිති තම සීමාව ඉක්මවා යන්නේ නම් එය එය නතර කිරීමට රජය ක්‍රියාත්මක විය යුතු බවත් එය මර්දනයක් හෝ තර්ජනයක් විය හැකි බවද ඔහු පැවසීය.

මෙරට පැවති සිරිමා, ජේ.ආර්., ප්‍රේමදාස වැනි රජයන් විසින් විරෝධතා ඒ ආකාරයෙන් මර්දනය කර සිය රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත් පැවසූ මන්ත්‍රීවරයා එසේ නොකර රට කිසිදා දියුණු කළ නොහැකි බවද කියා සිටියේය.

ගුරු විදුහල්පති වැඩ වර්ජනය ගැන අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

21,663 views

16 Comments to “ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ.. චීනය, සිංගප්පූරුව, මැලේෂියාවත් එසේයි..”

  1. Buddhist says:

    SB shows he is a thug! SB who crept into the Parliament through the back door has no right even to talk as he was not elected by the people. People kicked him out and Mahinda a brought him back into the Parliament as SB shared his spoils with Mahinda in the Past.

  2. priyantha says:

    බලය රැක ගැනීම වෙනුවෙන් නොකරනා බලු වැඩක් මෙවුන්ට නැත….මර්දනය ගෙනාපු එවුන්ගේ මිනියේ කෑල්ලක්වත් සොයා ගන්න බැරි වුන බව ප්‍රේමදාසගේ මරණය විසින් පෙන්වා දෙන ලදී….ඔය ප්‍රකාශන වල ප්‍රතිඵල ඔබලා විසින් මෑතකදීම විදිනු ඇත….

  3. 3% ට බය බයියා. says:

    ඇයි සුදු වෑන් දාලා දඩයම් කලොත් ලංකාව වගේ වෙනවා ට කැමති නැද්ද

  4. ජන්දදායකයා says:

    අපි හිතුවෙ ඇමතිකමක් නොලැබුණාම ගොනා නිදි කියල⁣.

  5. සකු says:

    මුක්කු ඕනෙ නෙහෙ වර්ජනය කරන කට්ටිය ට පඩි නොදී ඉන්න පුලුවන් නේ.

Main News