ගුරු-විදුහල්පතිවරුන් නිහතමානී විය යුතුයි.. රටටම අමාරු වෙලාවේ රජයේ යෝජනා පිලිගත යුතුයි..- සෝභිත හිමි..

September 15, 2021 at 2:02 am | lanka C news
ගුරු-විදුහල්පතිවරුන් නිහතමානී විය යුතුයි.. රටටම අමාරු වෙලාවේ රජයේ යෝජනා පිලිගත යුතුයි..- සෝභිත හිමි..

ගුරු විදුහල්පති එකතුවේ නිළධාරීන් 13 දින දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් හමුවිය.

ඒ සම්බන්ධයෙන් පිරිස ඕමල්පේ සෝභිත හිමියන්ට සංදේශයක් බාරදෙන ලදී.

එහිදී උන් වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ

‘මේ අවස්ථාවේදී ගුරුවරුන් සහ විදුහල්පති වරුන්ට සංගම්වලට කරුණාකරල නිහතමානි වෙන්න. රජය මේ වෙලාවේ දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ. ආර්ථික අතින් රජය මේ වෙලාවේ අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා ගුරු විදුහල්පතිවරු මේ පිළිබදව බලා ඇමති අනුකාරක සභාව මගින් යෝජනා කර ඇති විසදුම් සදහා කැමැත්ත ලබාදිය යුතුයි’

– ප්‍රගීත් ජනක

18,748 views

31 Comments to “ගුරු-විදුහල්පතිවරුන් නිහතමානී විය යුතුයි.. රටටම අමාරු වෙලාවේ රජයේ යෝජනා පිලිගත යුතුයි..- සෝභිත හිමි..”

  1. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    මේ අවස්ථාවේ උරුමයන් විනාශ කරමින් ඇවිදින මන්තීරු හදන එක කමක් නැහැ නේ?රටේ මර්මස්ථාන චිනුන්ට විකුණන එක කමක් නැහැ නේ ?මහ භාණ්ඩාගාරයට යා යුතු මුදල් ගජ මිතුරන් ගේ භාණ්ඩාගාරය ට ගියාට කමක් නැද්ද ?

    • SAMAN says:

      VEN:SOBITHA HIMI,
      FOR YOUR ATTENTION PLEACE !!

    • Amil says:

      ලංකාවේ ගුරුවරු ලක්ෂ 2.5. සාමාන්‍ය පඩිය රුපියල් 40000. මසකට අපේ බදු මුදලින් වැය කරන මුදල = 40000 * 250000 = 10000,000,000 = මිලියන 10,000. මාස දෙකක් වර්ජනයේ . අපේ බදු මුදලින් නිකන් ඉඳල ගත්ත ගණන මිලියන 20,0000. මහ බැංකු බින්ද අය ගත්තේ මිලියන 11,000. දක්ෂිණ අදිවේගී මාර්ගය ගිය මුදල මිලියන 24,000.

  2. ගෞම් ඊයාරාජ් says:

    ගිය අවුරුදු පහේ අලියෙක් අධොවාතයක් ඇරියත් පැයෙන් පැයෙට වොයිස් කට් දීලා ජනතාව කුලප්පු කරලා මහරජතුමාට කඩේ ගිය චීවරධාරියෙක්ගේ අදෝනාව ! ඔබ වහන්සෙලා කොහෙද හිටියේ , රටේ ඉඩං ටික මෙගොල්ලො චිනෙට ,ඉන්දියාවට විකුනනකොට ? කොහෙවත් තිබ්බ වසංගතයක් ලංකාවට ගෙනල්ලා දෛනිකව සිය ගනං මිනිස්සු මැරෙනකොට ? විද්‍යාව වෙනුවට මිත්‍යාව කරේ තියාගෙන යනකොට ? රටේ ජනතාවට කන්න බොන්න නැතිවෙනකොට ? හාල් ඇටයේ ඉදලා හැම ලබ්බක් ගොං කළමනාකරණය හින්දා වැඩිවෙනකොට ? ඇමෙරිකන් කාරයො මේ රටේ මුදල් ඇමතිලා වෙනකොට ? වේලක් ඇර වෙලක් කන්න කියලා උන් ඉතාලියේ බඩ පැලෙන්න අපේ බදුමුදලින් කනකොට ? සතේ අතේ නැතුව දුප්පතා හූලලද්දී ඇවිදින මංතීරු , පාරවල් කාර්පට් කරන්න බිලියන ගනං වියදං කරනකොට ? බංගලිදේශයේටත් දෙකට නැමිලා ණය ගන්නකොට ? කොවිඩ්19 ,ගජමිතුරන්ට වසන්තයක් කරලා දෙනකොට ? මීක් නැතුව ඉදලා දැන් එනවා රෙද්ද උස්සං ! මේ හාන්දුරුවනේ නිකං පීචං වෙන්නැතීව , මැදමුලනේ දංකුඩ වලදලා පැත්තකට වෙලා ඉන්න , නැත්තං රටේ ජනතාව පන්ස්ලට ඇවිල්ලා සිවුර ගලවයි ඔලුවෙන්.

  3. හෙළයා says:

    අමාරු වෙලාවෙ මිලියන ගණනින් විශ්‍රාම වැටුප් ලබාගැනීම ගැන පෙනෙන්නේ නැද්ද හාමුදුරුවනේ .. පවුල් පිටින් රජයේ වියදමින් සංචාර යෙදෙන ඒවා පෙනෙන්නේ නැද්ද හාමුදුරුවනේ

  4. නාරද says:

    ඇයි මේවා පලවෙන්නේ නැත්තේ ගුරුවරු ගේ මෙවර ක්‍රියාකලාපය හරි හෝ වැරදි වේවා, ඉල්ලන්නේ සොච්චමක් දීර්ඝ කාලීන සේවය හා ‌ශ්‍රේණි අතර දීර්ඝ කාලයක් ගමන් කරමින්, රජයට ‌වන පාඩුව අවමයි. නමුත් රජයේ සමහර සේවාවල අය ‌ඉල්ලන වැටුප් තලයට ද එරෙහි වන අතර හෙළුව හංගාගෙන. එක්තරා ලොකු පංතියක් රජයේ සේවයේ අවම සේවා කාලයකින් ශ්‍රේණි අතර උසස් නොවී ශ්‍රේණි බයිපාස් කරමින් පළමු තැනට පනිනවා සමහර විට අවුරුදු 10 ටත් අඩුවෙන් මෙමගින් විශාල වැටුප් වැඩිවීම් පරිමාණයක් ලබාගන්නවා. හැමෝටම එක නීතියක් කරන්න බැරි ඇයි.

  5. කුඹුක්කණ් says:

    මේ කතාවෙ හොදම ටික අයිං කරලා, එන්නත් කරණය කියන එක ගැන නැවත සොයාබලන්න කියලා ඉල්ලනවා , ලමයින්ට ගහන්න පෙර, ඇයි මාධ්‍ය මෙහෙම හැසිරෙන්නෙ
    මෙ නිවුස් එක එඩිට් කරන එකාලට ළමයි නැද්ද? නැත්තං ළමයි හදන්න බලාපොරොත්තු වක් වත් නැද්ද?

    මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලං කරන බටහිර ඇලොපති ආධිපත්‍යයට විරුද්ධ සියලු ප්‍රවෘත්ති වාරණය කර මෙ කරන්නෙ වරිග සංහාරයකි.

  6. HUKARIS says:

    Kochok Istaalin thattayage hombata aninn thyenne goo visiwenna!! Pin padi ganna hora haththa!!

  7. Podi Eka says:

    අච්චර රටේ මිනිස්සු මැරෙද්දි , කන්ඩ නැතුව මිනිස්සු හාමත් වෙද්දී, අහස උසට බඩු ගණන් යද්දී , දුප්පත් මිනිස්සු රට ගිහිල්ල දාඩිය ලේ වගුරලා එවන ඩොලර් වලින්, රට සවාරි ගහන නායකයන්ට ඕව කියන්ඩ හාමුදුරුවනේ. මෙලෝ වැඩකට නැති කුළුණු, ගුවන් තොටුපළවල්, වරායවල් හදල රට ණය කරද්දී ඔබවහන්සේලගේ කටවල් ඇරුණේ නැත්තේ ඇයි? ඔබවහන්සේලා ගිහියන්ගේ කටයුතු ගිහියන්ට පවරලා හිටියනං හොදයි.

Leave a Comment

Main News